(නිමන්ති රණසිංහ)
අරගලකරුවන් සිහි කිරීම ඇතුලු තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඊයේ (09) ගාලුමුවදොර දී පැවැත්වූ විරෝධතාවකදී පොලිස් අත්අඩංගුවට පත් අරගලකරුවන් පස් දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (10) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ රොෂාන් ප්‍රනාන්දු, ධනුෂ්ක ලක්මාල් ජයමාන්න, ලියනගේ විමලසිරි, මොහොමඩ් අයිරාෆ් මොහොමඩ් සහ දේශාන් ඉම්රෝන් නැමැත්තන්ය.
සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතීඥවරුන් වන සාලිය පීරිස්, රියෙන්සි අර්සකුලරත්න, සරත් ජයමාන්න යන මහත්වරුන් ප්‍රමුඛ නිතීඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළහ.
අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් ගාලුමුවදොර පිටියේ සිටින ජනතාවට මහජන පීඩාවක් වන අයුරින් මෙම පිරිස කටයුතු කළ බවත් දෙසීයක පමණ පිරිසක් එක්ව සිටි මෙය නවතා දමන ලෙසට පොලීසිය ඉල්ලීම් කළද විරෝධතාකරුවන් එය පිලි නොගෙන කටයුතු කල බවත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
සාමකාමීව රැස්ව සිටි පිරිස ප්‍රකෝපකාරී කළේ පොලීසිය බවත් පොලීස් නිලධාරීන් කටයුතු කළ ආකාරය වැරදියි සහගත අතර දරුවන්ට පවා හිරිහැර වූ බවත් ජනාධිපති නිතීඥවරුන් අධිකරණයට දැනුම් දුන්හ.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ඇප මත මුදා හැරිමට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අත්අඩංගුවට ගත් අරගලකරුවන් පස් දෙනාට ඇප
Bamunuarachchi Tuesday, 11 October 2022 06:40 AM
ඇප ලැබුනා කියා සතුටු වෙන්න එපා. අන්තරේ කියාවි මචං භයවෙන්න එපා ඇපලබුනා නේ . උන්ට අපිට විරුද්දව කරන්න පුළුවන් මගුලක් නැහැ කියලා. එත් කිසියම්දෙයකට පොලිස් රිපෝට් එකක් අවශ්‍ය උනොත් අන්න එතනදී තමයි කැරට්ටුව එළිවෙන්නේ, කෙලවෙන්නේ. අන්න එතනදී අනුරගෙන්, සජිත්ගෙන් ලැබෙන චරිත සහතිකය කුනුකුඩේට දමන්න වෙනවා.
sharm warn Tuesday, 11 October 2022 10:43 AM
අරගලකරුවන් ද විරෝදතා කරුවන්ද? හැමපැත්තෙන්ම පීඩා විඩින මිනිස්සු අයුතු ජන රාශියක් වෙන්නෙ කොහොමද? මෙ යෙදුම මොන තරම් මානව හිමිකම් කඩවීමද?