IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


අණ නොතකා යන රියට වෙඩි තියන්න බෑ

පොලිස් අණ නොතකා කිසියම් ධාවනය කරන වාහනයකට වෙඩි තැබීමට පොලිසියට බලයක් නැති බවත්, වෙඩි තැබීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බවත් ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා කියයි.

පලායන වාහනය ගැන ඊළඟ පොලිස් මුරපොළට හෝ පොලිසියට දැනුම් දීම හෝ ඔවුන් ලුහුබැද ගොස් අත්අඩංගුවට ගත හැකි බවද පවසයි.

පොලිසිය යම් රථයක් නවත්වන ලෙසට අණ කළ අවස්ථාවක ඊට අවනත වී නිසි ලෙස කරුණු දැක්වීම සෑම පුරවැසියකුගේම වගකීමක් බවද ඒ මහතා කීයයි.

යාපනයේ වෙඩි තැබීමෙන් සිසුහු දෙදෙනෙකු මිය යෑම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු පරීක්ෂණයක් අධීක්ෂණය කිරීමට සහ තොරතුරු ලබාගෙන ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීම සඳහා මහජන පැමිණිලි අංශයේ අතිරේක අධ්‍යක්ෂක ආනන්ද විජේසුරිය මහතා යාපනයට ගොස් ඇති බවද ලේකම් පවසයි.

 

 



අදහස් (0)

අණ නොතකා යන රියට වෙඩි තියන්න බෑ

හරිශ්චන්ද්‍ර Tuesday, 25 October 2016 07:44 AM

එහෙනම් දැන් කිසි ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

නුවන් Tuesday, 25 October 2016 07:43 AM

උතුරට කිරි දකුණට කැකිරි (නි)

:       0       0

ජූඩ් Tuesday, 25 October 2016 08:01 AM

මේකට හදිසි නීතිය පනවා ඇතිද කියන එක බලපානවා නේද? (බ)

:       0       0

කුමාර මහර Tuesday, 25 October 2016 07:27 PM

නීතිය නමන අයනේ දැන් පොලිසියෙ ඉන්නේ. ඉතින් මේවගේ ප්‍රකාශ ගැන පුදුමවෙන්න ඕනෑ නැහැ. උතුරට එක නීතියක් දකුණට තවත් නීතියක්. කොහොමද යහපාලන සංහිදියාවෙ ටිකිරි මොළේ? (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 24 October 2016 10:03 PM

පොඩ්ඩක් ඇත්නම් කොකා ගස්සන්න බලාගෙන ඉන්න තුවක්කුකරුවන් සියලුම හමුදා වලින් ඉවත් කළයුතුයි. ලංකාවේ මෙවැනි සිද්ධීන් සාපේක්ෂව ඉතාම වැඩි බව පෙනේ. යාපනයේ ත්‍රස්තවාදය නැවත මහජන සහයෝගය සමග එළිදැක්වෙන කාලයක් ළඟදීම ඇතිවිය හැක (නි)

:       0       0

නිල්හාන් Monday, 24 October 2016 10:19 PM

මෙය මීට බොහෝ කලකට පෙර ගෙන ආයුතුව තිබුන දෙයක් (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Monday, 24 October 2016 10:18 PM

පසුගිය කාලේ කොපමණ අය මැරුණද මෙලෙස? අපේ කෘතහස්ත වේදිකා නළු, සාජන් නල්ලතම්බි. මතකද ඔබට? (නි)

:       0       0

දේවේන්ද්‍ර Monday, 24 October 2016 10:21 PM

මේ නීතිය මීටකලින්නේ ගෙනෙන්න තිබුනේ (නි)

:       0       0

සමරසේකර Monday, 24 October 2016 11:45 PM

පස්යාලේ වෙඩි තැබීම වෙලාවේ ඔය නීති තිබුනේ කොහේද? (නි)

:       0       0

බමුණුසිංහ Tuesday, 25 October 2016 01:48 AM

යාපනයේ ත්‍රස්තවාදය නැවත මහජන සහයෝගය සමඟ එළිදැක්වෙන කාලයක් ළඟදීම ඇතිවිය හැකි නම් දැන්ම සූදානමින් ඉන්න, ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට. (නි)

:       0       0

නිශාර්ඩ් Tuesday, 25 October 2016 03:22 AM

මහා මාර්ග වල සේවය කරන පොලිස් නිලධාරීන්ට තුවක්කු අවශ්‍යම නැත. (බ)

:       0       0

තරංග Tuesday, 25 October 2016 04:38 AM

ත්‍රස්තවාදය ඇතිවුනොත් ඉතින් කවුද යන්නේ යුද්ද කරන්න . මැරුම් කකා දකුණට දුවන්නයි තියෙන්නේ . ඊට පස්සේ පනිමු මුහුදට . සහජීවනේ නිසා සියදිවි නසාගත් ලොව එකම ජාතිය ලෙස සිංහල ගොන් රැල ඉතිහාසයට එක්වෙයි . හික්ස් ... ඕක නේ ඕන වෙලා තිබුනේ (බ)

:       0       0

උද්දික Monday, 24 October 2016 12:45 PM

මීට කලින් එහෙම වෙලා තියෙනවනේ අනික් පළාත්වල. එතකොට එ්කත් වැරදිද? (නි)

:       0       0

සංජීව Monday, 24 October 2016 01:01 PM

උතුරට අසාධාරණයක් වුණොත් එහෙම තමා. සෝදිසි වරෙන්තුවක්වත් නැතුව නේද ඇඹිලිපිටියේ අර ගෙදරට ගිහින් තිබුනේ? දකුණේ වාහන කීයකට වෙඩි තියන්න ඇද්ද? එතකොට ඔය නීති කොහෙද තිබුනේ? (නි)

:       0       0

ශාන Monday, 24 October 2016 01:18 PM

අනේ හැබෑටම දැන්ද එහෙම එකක් කියන්නේ? සිංහල මිනිස්සු කී දෙනෙක් ඔය විදිහට වෙඩි කාලා මැරුණද? නිදාගෙනද හිටියේ එතකොට (නි)

:       0       0

නුවන් Monday, 24 October 2016 01:22 PM

යාපනේට පුදුම සැළකිලිනේ තියෙන්නේ. කොළඹින් මහත්වරුත් යවලා. අනික අපි මෙච්චරකල් දැනගෙන හිටියේ නවත්වන්නේ නැතුව ගියොත් වෙඩි කන්න වෙනවා කියලා. ඉතින් බයටම නවත්වනවා! (නි)

:       0       0

ජගත්‍ Monday, 24 October 2016 01:32 PM

මේකෙන් අපරාධකරුවන් වාසියක් ගන්න පුළුවන් (නි)

:       0       0

ආනන්ද Tuesday, 25 October 2016 06:24 AM

දැන් ලංකාවේ තියෙන්නේ පළාතෙන් පළාතට පුද්ගලයාගෙන් පුද්ගලයට වෙන වෙනම හදපු නීතිද? හිතාගන්න බැරි නිසා අහන්නේ. (නි)

:       0       0

උපාලි Monday, 24 October 2016 01:33 PM

දැන් කවුරුත් නොනවත්වා යන්න බයවෙන එකක් නැහැ (නි)

:       0       0

දහම් Monday, 24 October 2016 01:32 PM

එතකොට මීට ඉස්සර මෙහෙම වෙඩි තියපු ඒවා හොයලා බලලා එහෙම වෙඩි තියපු අයට දඬුවම් කළයුතුයි නේද. යාපනේදී වුණාම විතරද වැරදි. (නි)

:       0       0

නුවන් Monday, 24 October 2016 01:49 PM

එතකොට නිහාල් සිල්වාට මීට අවුරුදු ගණනකට කලින් තිබ්බේ එහෙම කියලා නේද? සිංහලයට එක නීතියකුත් තව ජාතියකට තව නීතියකුත්ද? (නි)

:       0       0

ධම්ම Monday, 24 October 2016 01:59 PM

මිනිස්සු වෙඩිකාලා මැරෙන්නම ඕනෑ නීතිය තේරුම්ගන්න. (නි)

:       0       0

ඩී.උපුල් Monday, 24 October 2016 02:32 PM

අනේ මෙහෙමත් විහිළු. එතකොට මෙච්චරකල් අණ නොතකා ගිහින් වෙඩිකාපු අයට මොකද කරන්නේ? (නි)

:       0       0

නාමල් Monday, 24 October 2016 02:35 PM

මෙම සිදුවීම ජාතිවාදී හස්තයක ප්‍රතිඵලයක් ලෙස පෙනී යයි. වැරැද්දක් කර ඇත්නම් උපරිම දඩුවම් දෙන්න. (නි)

:       0       0

සජීව Tuesday, 25 October 2016 07:07 AM

වෙඩිතැබීම වරදක් නම් තුවක්කු කුමටද? (නි)

:       0       0

සරත් Monday, 24 October 2016 02:44 PM

කුඩු මුදලාලිලා, පාතාල පොඩි මල්ලිලා, අහිංසකයන්ට වෙඩි තබන්නන්ගේ දැනගැනීම පිණිසයි! (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Monday, 24 October 2016 02:50 PM

එහෙනම් දැන් බයවෙන්න කිසිම හේතුවක් නැහැ (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 24 October 2016 03:01 PM

එහෙමනම් මීට කලින් රටේ සිදුවූ මෙවැනි වෙඩි තැබීම් වලදී ඔය කතා නොකීවේ මන්ද? ඔහොම කියනවා නම් රාජකාරියේදී පාවිච්චියට තුවක්කු දෙන්නේ මොකටද? (නි)

:       0       0

ගගන Monday, 24 October 2016 03:12 PM

මමත් අදින් පස්සේ පොලීසියෙන් නැවැත්තුවොත්, හිතුනොත් විතරක් නවත්තනවා. මොකද ෂුවර් එකටම වෙඩි තියන්නේ නැහැ කියලා දන්නවානේ. අනිත් මුරපොළට කතාකරන බව දන්නා නිසා පොඩි මාවතකින් හරහට දාලා යන්නම්. අනේ අනිච්චං මේ වගේ පොලීසි පද්ධතියක්! (නි)

:       0       0

ඇසළ Monday, 24 October 2016 04:32 PM

පොලිසියට තුවක්කු අවශ්‍ය නැත. කුරුඳු පොලු ලබාදෙන්න. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Tuesday, 25 October 2016 07:33 AM

කවුද කිවුවේ වෙඩි තියලා වාහන වල ගමන් කරන අය මරන්න කියලා? වෙන රටවල ඔවැනි අවස්ථාවලදී වාහනය නැවැත්වීම සඳහා පොලිසිය කරන්නේ රථයේ ටයර් වලට වෙඩි තබා අක්‍රිය කිරීමයි. අපේ පොලිසියේ අයට මේක ඉගැන්වීම සඳහා විදේශීය රටවලට යවන්න ඕනෑමද? (නි)

:       0       0

ජනහිත Monday, 24 October 2016 04:50 PM

මින්පසු නොනවත්වා යන වාහන වලට සැලියුට් ගැසීමේ පුහුණුවක් පොලිසියට දියයුතුයි. ඊළඟ පොලිස් මුරපොලට යන්න කලින් අතුරු මාර්ග අපමණ තිබිය හැකියි. පසුපස පැන්නීම අන්තරාදායක හෙයින් එය කිරීම ස්වයං ආරක්ෂාවට අහිතකරයි. මෙය මුළු ශ්‍රී ලංකාවටම අදාල නීතියක් වේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 250 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 748 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site