IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අඩසියවක අති විශිෂ්ට මෙහෙවරකින් පසු පොළොන්නෝවිට කි‍්‍රකට් පිටියෙන් සමුගනී

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රවීණතම තණතීරු සැකසුම්කරු වන අනුරුද්ධ පොළොන්නෝවිට මහතා, කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් කළ දීර්ඝ සේවයකින් පසු ලබන සතියේදී විශ‍්‍රාම ගනී. ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් වසර 53 ක් අඛණ්ඩව සේවය කළ පොළොන්නෝවිට මහතා වෙනුවෙන් විශේෂ උපහාර උත්සවයක් බංග්ලාදේශ පිලට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයන් අනතුරුව පැවැත්වීමටද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සූදානම් වෙයි.

මේ වන විට 75 වැනි වියේ පසුවන පොළොන්නෝවිට මහතා වසර 19 ක කාලයක් තණතීරු සැකසුම්කරුවකු- වශයෙන් කටයුතු කළ අතර 1960 සහ 1970 අතර කාලයේදී වමත් දග පන්දු යවන්නකු වශයෙන් තරග 20 කදී ශී‍්‍ර ලංකා පිල නියෝජනය කර තිබේ.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයට අනුබද්ධ තණතීරු සැකසුම් අංශය බිහිකිරීම සඳහා වසර 1994 දී පුරෝගාමිත්වය දුන් පොළොන්නෝවිට මහතා වසර 2000 දක්වා ශී‍්‍ර ලංකාවේදී පැවැති සෑම අන්තර්ජාතික කි‍්‍රකට් තරගාවලියක් සඳහාම තණතීරුව සකස් කිරීමට ඉදිරිපත් වූයේ ස්වේච්ඡුාවෙනි. වසර 2000 දී ජාතික තණතීරු සැකසුම්කරු වශයෙන් පත්වීමක් ලද පොළොන්නෝවිට මහතා එතැන් සිට මේ දක්වා කටයුතු කළේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ (පසුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය) නිත්‍ය සේවකයකු වශයෙනි.

වසර 1996 ලෝක කුසලන තරගාවලිය සඳහාත් තණතීරු දෙකක් සකස් කර දුන් පොළොන්නෝවිට මහතා තම සේවා කාල සීමාව ඇතුළත ටෙස්ට් තරග 84 ක් සඳහාත් එක්දින අන්තර්ජාතික තරග 170 කට වැඩි ප‍්‍රමාණයක් සඳහාත් තණතීරු සකස් කර තිබේ. වසර 2002 දී ශී‍්‍ර ලංකාවේදී පැවැති ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලිය, වසර 2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සහ පසුගිය වසරේ අවසන් භාගයේදී පැවැති විස්සයි/20 ලෝක කුසලාන තරගාවලියේද තරග සඳහා තණතීරු සකස් කිරීම භාරව කටයුතු කළේ පොළොන්නෝවිට මහතාය.

වර්ෂ 1960 දී ලංකා කණ්ඩායමට කී‍්‍රඩා කිරීම සඳහා තේරීමෙන් අනතුරුව වසර 10 ක් පමණ ශී‍්‍ර ලංකා පිලට කී‍්‍රඩා කළ පොළොන්නෝවිට මහතා අවස්ථා ගණනාවකදීම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ විවිධ තනතුරු හෙබවීය. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ උප සභාපතිවරයකු වශයෙන්ද, ජාතික කණ්ඩායමද ඇතුළුව සියලූම මට්ටම්වල ශී‍්‍ර ලංකා කණ්ඩායම්වල කළමණාකරු ලෙසින්ද, තරග සංවිධායක කමිටුවේ සහ විනිසුරු කමිටුවේද සේවය කර ඇති පොළොන්නෝවිට මහතා 90 දශකයේ මුල් භාගයේදී වසර 5 ක පමණ කාලයක් තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන්ද කටයුතු කළේය.

වසර 38 ක කාලයක් කොළඹ ආනන්ද විද්‍යාලයේ කි‍්‍රකට් පුහුණුකරු වශයෙන් කටයුතු කළ පොළොන්නෝවිට මහතා, පසුව ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයන් වූ 25 දෙනකුට පාසල් වියේදී කි‍්‍රකට් සිප් සතර කියාදී තිබේ. ඔවුන් අතුරින් අර්ජුන රණතුංග සහ මාවන් අතපත්තු- ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ නායකයෝ වූහ.

(ඡයාරූපය : ශාන්ත රත්නායක)



අදහස් (0)

අඩසියවක අති විශිෂ්ට මෙහෙවරකින් පසු පොළොන්නෝවිට කි‍්‍රකට් පිටියෙන් සමුගනී

හේරත් Saturday, 16 March 2013 12:34 PM

විශිෂ්ඨයි සර් (ස)

:       0       0

සුනිල් Sunday, 17 March 2013 05:08 AM

සුභ පැතුම්! (නි)

:       0       0

ඉන්දික Saturday, 16 March 2013 06:50 PM

සුභපැතුම් (දී)

:       0       0

සුජිත් Saturday, 16 March 2013 12:46 PM

අපි ඔබේ සේවය අගයන්නෙමු (ස)

:       0       0

සෑම් Saturday, 16 March 2013 01:58 PM

මම සුභපතමි (අ)

:       0       0

හේමාල් Sunday, 17 March 2013 08:40 AM

සුභ පැතුම්! (නි)

:       0       0

ලාල් Saturday, 16 March 2013 02:16 PM

ස්තුති ඔබට සුභ අනාගතයක් (දී)

:       0       0

අතපත්තු Saturday, 16 March 2013 11:51 PM

අපි සුභ පතනවා ඔබට (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site