
(සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
ඔහු සමගි ජන බලවේගයේ ගම්පහ ප්‍රධාන සංවිධායක ධූරයෙන් හදිසියේම ඉවත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික්කය සඳහා දුන් නාම යෝජනා පත්‍රයට අජිත් මාන්න ප්පෙරුම මහතාගේ නමද ඇතුළත්ව තිබිණ.
මේ හේතුවෙන් තමාට ඡන්දය දීමෙන් වළකින ලෙස ඔහු සියලුම ඡන්දදායකයන් ගෙන් ඉල්ලීමක් කරයි.
සමග ජන බලවේගයේ ගම්පහ ප්‍රධාන සංවිධායක ලෙස පත්කර ඇත්තේ වරුණ දීප්ත රාජපක්ෂ මහතාය. කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ රාජපක්ෂ මහතා පසුව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ විය. පසුගිය ජනාධිපතිවරණයෙන් පසු ඔහු සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත්විය.
පක්ෂය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළ තමා සංවිධායක ධූරයෙන් හිටි හැටියේම ඉවත් කිරීම අන්ත අසාධාරණ තීරණයක් බව අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.
ඡන්දයක් එළිපත්තේ සිටියදී පක්ෂ නායකත්වය මෙසේ කටයුතු කිරීමේදී තමා ජනතාවට මුහුණ දෙන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය උද්දච මෝඩයා වටේ ඉන්න යමක් කරන්න පුළුවන් උගත්කමක් ඇති අය දැන්වත් රනිල් එක්ක එකතුවෙලා එජාපය ශක්තිමත් කිරීම තමයි කළයුත්තේ... නමුත් කබීර් ඇතුළු අනිත් අප්පුහමිලා අජිත්ට වගේම තමන්ට කෙලවෙනකන්ම බලාගෙන ඉන්නවා තීරණයක් ගන්න.
ඔයා මාස ගාණක් තිස්සේ පනින්න බලන් නේද හිටියේ? දැන් එහෙනම් ඔහොමම යන්න බායි ටටා..!
අරගලය සෑහෙන දේශපාලුවන් කොටසකගේ ඉරණම් තවමත් විසඳනවා.
පක්ෂයවත් හරියට කරගෙන යන්න බැරි නායකයා, රටක් කොහොම කරයිද? නමින් සමගි ජන වුණාට, කිසිම සමගියක් නැති හැටි රටම දන්නවා...!
සජිත් නායකයෙක් නොවන බව පෙන්වූ තවත් අවස්ථාවක්, අපේ කරුමෙට හරි ජනාධිපති වුණා නම් රටටම අබසරණයි. මේ පක්ෂයේ ගොඩක් අයට තියෙන්නේ සල්ලි හදිස්සියක්...!
උගත්, අවංක මනුස්සයෙක්ගේ අගය මෝඩයන්ට, හොරුන්ට තේරෙන්නේ නෑ. ඔවුන්ගේ පස්සේ යන අයට මොලේ නැත්තේ රටේ කරුමෙට...
අජිත් මහත්තයෝ ඔබතුමා උගතෙක්, බුද්ධිමතෙක් වුණත් රටේ පාලනය කරන ඇමැතිවරයෙක් වෙන්න වාසනාවන්ත නැහැ. ඔබතුමා සමග සමගියක් නැති සජබෙට ගියපු උගතුන්ටවත් ඔබතුමාට වගේම වාසනාව නැහැ. එහෙම තිබුණා නම් පුතානෝට ඕනෑ කුදයක් ගහගන්න කියලා ඔහේලාට එජාපයේ ඉන්න තිබුණා. එහෙම වුනා නම් මේ වනවිට ඔබතුමා ඇමැති කෙනෙක් වෙනවා. තවත් එකක් තමයි තිස්ස අත්තනායක උන්නැහේ සිටින පැත්තක් කිසිදාක දිනන්නේම නැහැ. දැන් ඉතින් මොනවා කළත් වැඩක් නැහැ. පව්කාරයින්ට පිං දෙන්න බැහැනේ.. ඔහොම අවුරුදු දහයක් පහළොවක් යමුකෝ. එතකොට මොළේ පෑදේවි අනේ ඉංජිනේරු මහත්තයෝ දැන්වත් රනිල්ගේ ළඟට ගිහිල්ලා දේශපාලනය කියන්නේ මොකක්ද කියලා ඉගෙනුම ලබන්න හොඳේ...
අජිත්ලගේ සජිත්ලගේ අඩදබර වලට අපි මොකට කරදර වෙනවාද...? ඔහොම යං ලොක්කා ඔහොම යං කියලා තමයි කියන්න තියෙන්නේ !
දමිතා වගේ කෙනෙකුට වඩා අජිත් නම් හොඳයි.
සජිත් මෙයාවයි, චම්පිකවයි අන්දලා ගානට ටොක්ක ඇන්නා...!
තවත් ඡන්ද ප්‍රථිපලයක්... දැනට රත්නපුර සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඡන්ද ප්‍රථිපල නිකුත්කර අවසන්...
මේ වානරයා මිනිස්සුන්ට කරපු අවලාද වලට හොඳ පාඩම්...
ඔයාට ගිය සැරේ සමගි බලවේගෙන් ඉල්ලලා පාර්ලිමේන්තු එන්න බැරිවුණා. මේසැරේ ඉල්ලුවත් කොහොමටත් එන්න බැහැ. ඔයා ගියවර ආවේත් හිරේ ගිය රන්ජන්ගේ පුටුවට, රන්ජන් වෙනම ඉල්ලන නිසා ඔහුගේ ඡන්දවලින් කොටසකුත් කැඩිලා යනවා. මාලිමාවේ ඡන්ද ගොඩත් විශාල ලෙස මෙවර වැඩි වෙනවා. පාර්ලිමේන්තුවේ ආසන වලින් කොටසක් එහෙට යනවා..
මෙයාත් රනිල් ගාවට යනවාද කියලා හිතමින් වැනි වැනි හිටපු කෙනෙක්
ස්වාධිනව ඉල්ලලා බලන්නකෝ ඔයාට තියන ජනපදේශය බලන්න මිනිස්සු ඉන්නේ පක්ෂ එක්ක මේ රටේ