
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකාවේ ආචාර්ය පියුමි විජේසේකර මහත්මියට අවස්ථාව හිමිව ඇත.
පසුගියදා එම ආදර්ශ මෙහෙයුමට සහභාගී වන සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නාසා ආයතනය ප්‍රකාශයට පත් කළ අතර එම කණ්ඩායමට ආචාර්ය පියුමි විජේසේකර මහත්මිය සමඟ ජේසන් ලී, ස්ටෙෆනි නවාරෝ සහ ෂරීෆ් අල් රොමේති ඇතුළත් වූහ.ආදර්ශ මෙහෙයුමට සහභාගී වීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පිරිස අතරින් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නාසා ආයතනය තෝරා ගත්තේය.
ආචාර්ය විජේසේකර මහත්මිය සහ ඇයගේ කණ්ඩායම අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමට සහභාගී වීම සඳහා ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිහිටි ආදර්ශ ගවේෂණ මෙහෙයුම් සඳහාම නිර්මාණය කරන ලද හේරා නමින් හැඳින්වෙන මහල් තුනකින් යුත් ආකෘතියට මැයි මස 10 වැනිදා ඇතුළු වීමට නියමිත අතර ගගනගාමින් ලෙස ජීවත් වෙමින් සහ වැඩ කරමින් දින 45 ක කාලයක් හේරා තුළ සිටීමට නියමිතව ඇත.ලබන ජූනි 24 වැනිදා ආචාර්ය පියුමි විජේසේකර මහත්මිය සිය කණ්ඩායම සමඟ හේරා ආකෘතියෙන් පිටතට පැමිණීමට නියමිතය.
චන්ද්‍රයාට, අඟහරු ලෝකයට සහ ඉන් ඔබ්බට ගවේෂණ කටයුතු සඳහා ගගනගාමීන් යැවීමට ප්‍රථම එහි පරිසරයට ඔවුන් හුරු කිරීම සඳහා නාසා ආයතනය හේරා ආකෘතිය භාවිත කරනු ලබයි.එම ආදර්ශ අඟහරු ගවේෂණ මෙහෙයුමේදී විජේසේකර මහත්මියගේ කණ්ඩායම විද්‍යාත්මක පර්යේෂණ කිහිපයක් සිදු කිරීමට නියමිත අතර අතත්‍ය තාක්ෂණය භාවිත අඟහරු ලෝකය මත ඇවිදීමටද නියමිතය.
ආචාර්ය පියුමි විජේසේකර කැලිෆෝනියාවේ සිලිකන් නිම්නයේ නාසා ඒම්ස් පර්යේෂණ මධ්‍යස්ථානයේ විකිරණ ජෛව භෞතික විද්‍යාගාරයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂණ විද්‍යාඥවරියකි.ඇය 2015 වසරේදී ඇමෙරිකාවේ සැන් ඩියේගෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය ලබාගෙන ඇති අතර පිට්ස්බර්ග් හි කානගී මෙලන් විශ්ව විද්‍යාලයෙන් ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය 2017 වසරේද ආචාර්ය උපාධිය 2022 වසරේද ලබාගෙන ඇත.
විජේසේකර මහත්මිය ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර ජීවත් වන අතර ඇය සංගීත සංදර්ශන වලට සහ ප්‍රසංගවලට සහභාගී වීමට ප්‍රිය කරන්නියක වන අතර පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමඟ කාලය ගත කිරීමටද ප්‍රිය කරන්නීය.ඇය කියවීමට, කඳු නැගීමට සහ ආහාර පැන්ට්‍රියේ ස්වේච්ඡාවෙන් සේවය කිරීමටද ප්‍රිය කරයි.
2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලක් දියණියක්
Nimal Thursday, 18 April 2024 03:08 PM
චිත්තිවත් මතක් වුණා..
බද්රානි Thursday, 18 April 2024 03:41 PM
මම මේ පුදුම වෙලා බැලුවේ ලංකාවේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගත්තු ආචාර්යවරියක්ද කියලයි..! ලංකාවේ පට්ටම් ගහගත්තු ආචාරියෝ හොඳයි. දේශපාලකයින්ගේ කුඹුරු වල හාන්න. ඒ බක පණ්ඩිතයෝ මොන්ටිසෝරි ළමයින්ට කතන්දර කියන්න නම් හපන්නු...
Ranjith Friday, 19 April 2024 03:59 PM
අනේ මේ ඔයා දන්න තරම් තමයි. මෙයාගේ උපාධි ලංකාවේ නෙමෙයි. මෙහෙ විශ්ව විද්‍යාලයකට ඇතුල් වෙන්න ගොඩක් දක්ෂ වෙන්න ඕනේ. යුරෝපයේ සහ අමෙරිකාවේ විශ්ව විද්‍යාල වලට ඇතුළත් වීම ඉතාමත් පහසුයි වෛද්‍ය විද්‍යාව හැරුණාම. ආචාර්ය ගුණපාල නාසා එකේ ලොකු තනතුරක් දරන්නෙත්,
නිමල් Thursday, 18 April 2024 03:52 PM
සුබ පැතුම්!
jagath Thursday, 18 April 2024 04:22 PM
දැන් මෙතුමිය ලංකාවේ හුළං පොදක්වත් වැදිලා නැහැනේ... සියලු සම්පත් ඇමරිකාවෙන් ලබාගෙන එම රටට සේවය කරනවා අපි නම් සිංහල නිසා අපේ කියනවා..
විපරමා Thursday, 18 April 2024 08:07 PM
පවුල් පාලන ආණ්ඩුව තිබුණානම් යවන්නේ චිචී කියන රොකට්කාරයා...
chandima Thursday, 18 April 2024 09:58 PM
උදේ ඉදන් රෑ වෙනකල් ද්විත්ව පුරවැසියෝ කියලා විරෝධතා දක්වනවා. කෙනෙක් තැනකට ගියාම ලක් පුතා නැතිනම් ලක් දුව කියනවා ... එකෙත් හැටි
Asitha Friday, 19 April 2024 06:19 AM
අපේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පුතා (රෝහිත මහත්තයත්) සහ ගෝඨාභය මහත්තයාගේ පුතා යන දෙදෙනාමත් නාසා ආයතනයේ ඉහළ පදවිවල ඉන්න උගතුන්, සෑහෙන ආඩම්බරයක් ජාතියක් හැටියට.....