IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අග විනිසුරුට එරෙහි පෙත්සමට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

මොහාන් පීරිස් අග විනිසුරුගේ පත්වීමට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පාක්‍යෙසෝති සරවණමුත්ත මහතා විසින් ගොනු කළ පෙත්සම අග විනිසුරු හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන්නැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා කළ ඉල්ලීම පිළිබඳ තීරණය මාර්තු 5 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ශිරාණි තිලකවර්ධන, එස්.අයි ඉමාම්, ප්‍රියසාද් ඩෙප් යන ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ පෙත්සම විභාගයට ගැනුණි.

මොහාන් පීරිස් මහතාගේ පත්වීමට එරෙහිව පෙත්සම ගොනු කර ඇති හෙයින් ඔහු හැර සෙසු විනිසුරුවරුන් දස දෙනා මෙම පෙත්සම විභාග කිරීමට පත් කරන්නැයි නීතිඥ සුමන්තිරන් මහතා කරුණු දැක්වීය.  ඒ සඳහා  ආණුඩුක්‍රම ව්‍යාවස්ථාවේ ප්‍රතිපාදන ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටරි ජනරාල් ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කීවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විනිසුරුවරුන් නම් කිරීමේ බලය අග විනිසරුට ඇති හෙයින්  මෙම පෙත්සම විභාග කිරීමේ විනිසුරන් නම් කිරීමේ බලය ද ඔහු සතු වන බවයි. නීතිඥ සුමන්තිරන් මහතා ඊට විරුද්ධ විය.



අදහස් (0)

අග විනිසුරුට එරෙහි පෙත්සමට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

රකිත් Thursday, 07 February 2013 07:38 AM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කියලා අගවිනිසුරුතුමියට කෑ ගහපු අය මේකට මොකක්ද දන්නේ නැහැ කියන්නේ? (නි)

:       0       0

වරුණ Thursday, 07 February 2013 08:08 AM

ප්‍රසන්නලා වගේ අය සිටින රටක යුක්තිය වෙනුවෙන් හඩක් නගන්නන් බිහිවේවිද? (නි)

:       0       0

සුරංග Thursday, 07 February 2013 10:01 AM

ඒක හොද වැඩක් (දී)

:       0       0

ඉසුරන්දි Thursday, 07 February 2013 10:14 AM

තවමත් මේ අවනඩුව ඉවරයක් නැද්ද ? (ස)

:       0       0

නාමල් Thursday, 07 February 2013 04:47 PM

පාට කණ්ණාඩි ගලවලා බලන්න. කොටි ඩයස්පෝරාවට ආවඩන්න එපා සිංහලයිනේ. (නි)

:       0       0

සිල්වා Thursday, 07 February 2013 10:47 AM

එය අවශ්‍යම දෙයක් (දී)

:       0       0

ෂෙල්ටන් Thursday, 07 February 2013 10:51 AM

තවම ඉවර නැහැ නේද (දී)

:       0       0

විභූති; Wednesday, 06 February 2013 08:34 PM

විධායකය,ව්‍යවස්ථාදායකය, අධිකරණය යන කුළුනු තුන ලංකා‍වේ ප්‍රජාතන්ත්‍රවාදය නමැති දෙවොල දරා සිටී (නි)

:       0       0

ලියනගේ Wednesday, 06 February 2013 09:46 PM

අනේ අනිචිචං, බඩුත් හාමුදුරැවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ.(නදී)

:       0       0

ප්‍රසන්න Wednesday, 06 February 2013 10:36 PM

ඩයස්පෝරාවට ආවඩන සිංහලයින් සිටියත් බහුතරය අපේ ජනාධිපතිතුමා සමගයි. (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 07 February 2013 01:14 AM

විභුති, ඇයි දන්නේ නැද්ද ඒ දෙවොල දෙදරලා ඉවරයි කියලා.(නදී)

:       0       0

මන්ජුලා Thursday, 07 February 2013 02:12 AM

නියෝජ්‍ය සොලිසිටරි ජනරාල් ශවේන්ද්‍ර ප්‍රනාන්දු?(නදී)

:       0       0

ලලිත් Thursday, 07 February 2013 02:09 PM

සාධාරණ කමිටුවක් වන බවට අපිට විස්වාසයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site