තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නවාද නැත්ද යන්න හා ඔහු අත්අඩංගුවට ගැනීම වලක්වාලන අතුරු නියෝගය නිකුත් කරනවාද නැත්ද යන්න පිළිබද නියෝගය ලබා දීම අගෝස්තු 05 වැනිදාට කල්තැබීමට ශ්‍රේඨාධිකරණය අද (30) තීන්දු කළේය.
පෙත්සම අගවිනිසුරු කේ. ශ්‍රී පවන් ඊවා වනසුන්දර සහ රෝහිණි මාරසිංහ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම තින්දුව දුන්නේය.
එම පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා කියා සිටියේ ‘රාඩා‘ රාජ්‍ය ආයතනයේ මුදල් එල්ටීටිඊ නායකයින් වෙත ලබා දී ඇති පෙත්සම්කරු සපාරාධි විශ්වාසය කඩ කිරීම හා මහජන මුදල් අයථා ලෙස පරිහරණය කිරීමේ චෝදනා යටතේ වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකි බවය.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ විශේෂ විමර්ශන ඒකකයේ පස් වතාවක් පෙනී සිටිමින් ප්‍රකාශ ලබා දෙමින් පෙත්සම්කරු අදාළ විමර්ශන වලට සහාය දැක්වු බවය.එසේ තිබියදී පුද්ගල නිදහස යටතේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවය.
අලස් අත්අඩංගුවට නොගන්නා බවට නීතිපති සහතිකය අගෝස්තු 05 වැනිදා තෙක් පවත්වා ගෙන යාමටද අතිරේක සොලිසිටර් ජනරාල් එකඟතාවය පළ කළේය.
2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අගෝස්තු පහ වන තෙක් අලස්ට ප්‍රශ්නයක් නෑ
දම් Thursday, 30 July 2015 05:57 PM
ලන්ඩන් ගෙවල් වේලෙනවා මෙහෙට එන්න මහත්තයෝ.(නදී)
චන්න බුවනක Thursday, 30 July 2015 09:03 PM
ඔව්. ඔව්. මන්ත්‍රීලානේ. පොඩි එකෙක් නම් පහුවදාම හිරේ.(නදී)
සරත් Thursday, 30 July 2015 10:30 AM
එ්ත් 17න් පස්සේ කොහොමද බේරෙන්නේ? සල්ලි වියදම් කළාට බැරි වේවි. (බ)
දුමින්ද Thursday, 30 July 2015 10:38 AM
මතුපිට පෙනෙන දෙයට වඩා නොපෙනෙන දෙය සංකිර්ණ ද ? (ම)
දම් Thursday, 30 July 2015 12:15 PM
මහින්ද අාවොත් හොරුන් එලියට. ඔහුත් කොනක ඉන්න නිසා. (නදී)