නව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා අද (27) අනුරාධපුර ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය, මිරිසවැටිය, ජයන්ති විහාරය ආදී සිද්ධස්ථානවලට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.
මිරිසවැටියේදී ඊතල වැටුණුවැවේ ඥාණතිලක නාහිමි ද, රුවන්වැලි සෑයේදී පල්ලේගම හේමරතන නාහිමි ද, සම්බුද්ධ ජයන්ති විහාරයේදී නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමි ද නව අග විනිසුරුට සෙත් පතා ආශිර්වාද කළහ.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැකීමට නියමිතව සිටියේ පෙරවරු 10.30ටය.
පල්ලේගම හේමරතන හිමියන් සෙත්පතමින් අගවිනිසුරුට පැවසුවේ ඉතා භාර දූර කාර්යක්, ඉතා පරිස්සමෙන් සිදු කර සැමට යුක්තිය හා සාධාරණය ඉටු කිරීමේ වගකීම ඔහුට පැවරී ඇති බවයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අගවිනිසුරුට අපුර සඟරුවනේ ආසිරි
මේරි Sunday, 27 January 2013 04:23 PM
ඔබට ලැබුණු රාජකාරිය හරියටම කරන්න. (නි)
දෝහා Sunday, 27 January 2013 11:09 AM
මුුල රටවැසියාම ඔබතුමාට ආශිර්වාද පතනවා, යහපත් ලෙස රාජකාරිය කිරීමට. (නි)
ජීව Sunday, 27 January 2013 06:09 PM
කවුරු නැතිවුණත් රට වෙනුවෙන් අපි හැමවිටම ඉන්නවා. (නි)
මධු Sunday, 27 January 2013 12:02 PM
දෝහා ඔයා වෙන්න ඇති.. අපි නම් ඕවට නැහැ..,!(නු)
නන්දලාල් Sunday, 27 January 2013 12:26 PM
හැමදෙනාම අතේ දුරින් තියාගන්නවානම් ඔබතුමාට රාජකාරිය කරන්න පහසු වෙයි.. අපේ සුභ පැතුම්..!(නු)
ඉසුරන්ගි Sunday, 27 January 2013 01:29 PM
සාධු,,,, සාධු,,,, සාධු,,,, (දී)
දෝහා Sunday, 27 January 2013 01:30 PM
අපි පොඩ්ඩක් බලා ඉදිමු මොකද වෙන්නේ කියලා. එකපාරටම මනුස්සයෙක් ගැන තීරණය කරන්න අපිට බැහැ. (නි)
ලලිත් කටාර් Sunday, 27 January 2013 01:38 PM
නන්දලාල් මෙතුමාට දේශපාලක උත්තමයන් අතේ දුරින් තියාගන්න බැරි වෙයි. (නු)
සමන් Sunday, 27 January 2013 03:00 PM
සන්තෝසයි (දී)