IMG-LOGO

අංගම් කොඩිය යළි ඔසවයි

රාවනා යුගයේ පටන් හෙළ යක්ෂ වංශිකයන්ගෙන් පැවත එන පැරණි සටන් කලාවක් වූ අංගම් සටන් කලාව එදා සිටි වීර මුතුන් මිත්තන්ගේ වීරත්වය මතු පරපුරට පෙන්වා ඔප් නැංවීමට යයි. දැනට ඉතිරිව ඇති අංගම් සටන් ශිල්පය වර්තමාන ජනතාවට දැනගැනීමටත් , දරුවන්ට ඉගැන්වීමටත් එහි ඇරඹුමක් ලෙස අංගම් මුහන්දිරම්. කොඩිය 2014-10-05 දින මහනුවර ශ‍්‍රී දළඳා සමිදුන් අභියස පිරිත් කර කුණ්ඩසාලේ නත්තරම්පත ගල්මඩුව රජමහා විහාරස්ථානයේදී විහාරාධිපති ගල්මුල්ලේ සුමංගල හිමියන් විසින් නැවත එසැවිණි.

කන්ද උඩරට රාජධානියේ අංගම් සටන් පරම්පරා දෙකක් තිබූ බවත්. රට, ජාතිය හා ආගම රැකීමට හා එදා රජවරුන්ගේ විශේෂ ආරක්ෂකයන් හැටියට සුදලිය හා මරු වල්ලිය යන අංගම් සටන් පරම්පරා දෙක සේවය කර ඇති බවත් 1818 ඔක්තෝබර් හයවැනි දින ජෝන් ඩොයිලිගේ විශේෂ ඉල්ලීමක් පිට රොබට් බවුන්රිග් ආණ්ඩුකාරතුමා විශේෂ නිවේදනයකින් අංගම් සටන් කලාවත් ඒවා පුරුදු පුහුණු කළ ඉලංගම් මඩුත් අංගම් සටන් පෙළපතුත් තහනම් බවට නිවේදනය කර තිබිණ. ඒ වගේම රජවරුන්ගේ සේනාංක බවට පත් වූ අස්පන්තියෙ මුහන්දිරම් අංගම් මුහන්දිරම්, පොරෝකාර මුහන්දිරම් යන ප්‍රධාන නිල තල අහෝසි කැරිණි. මෙම ශිල්පීන් රටෙන් පිටුවහල් කරන්නටත්, සිරබාරයට ගැනීමටත්, වස දී මැරීමටත් මේ සුදු ජාතිහු ක්‍රියා කළහ. වර්තමාන අංගම් පොර සටන් ශාස්ත‍්‍රයේ කොරතොට ආරච්චි සටන් පරම්පරාවේ මුහන්දිරම් වන අජන්ත මහන්තාරච්චි මහතා එම තොරතුරු පවසයි.

‘‘මේ අංගම් ශිල්පීන් උපක්‍රම සහිතව හා රහසිගතව නැටුම් ආකාරයෙන් මෙම සටන් කලාව රැක ගත්හ. එදා සිට මේ දක්වා වසර 196 ක් පමණ කාලයක් මේ තහනම ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ මතු පරපුරට මෙම සටන් කලාව එදා බ්‍රිතාන්‍යයන් තහනම් කළ පසු, එදා සුද්දන් විසින් ගිනි තැබුණු අංගම් මුහන්දිරම් කොඩිය පවා මේ දක්වා නැවත එසවීමක් හා තහනම ඉවත් කිරීමක් සිදු වී නැහැ“ මහන්තාරච්චි මහතා එසේද කියයි. එම තහනම ඉවත් කරන්නැයි ඔහු ජනපතිගෙන් ඉල්ලයි.

 

අංගmpora-satan අංගම්පොර-සora-satan අංගම්පොර-සsatan අංගම්පොර-සටන්.angampora-satan අංගම්පොර-සටන්.කොඩිය.angampora-satan



අදහස් (16)

අංගම් කොඩිය යළි ඔසවයි

සුරංග මුදියන්සේ Tuesday, 18 November 2014 12:13 PM

ඉගන ගන්න කැමැති ළමයෙකුට සහභාගි වෙන්න විස්තරත් ඇතුලත් කලා නම් වඩාත් හොඳයි. (ර)

:       0       0

විමල් Tuesday, 18 November 2014 12:15 PM

මතු පරපුර මෙවැනි දෑ අගයකර ඉදිරියට රැගෙන යාවි. එය ජාතියකට අත්‍යාවශ්‍යයයි. මේ සත් ක්‍රියාවට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි. ගරුතර ස්වාමීන්වහන්සේටත් ඒ තරුණ දරුවන්ටත් යෝධ වීර්ය යෝධ ශක්තිය ප්‍රාර්ථනා කරනවා. (ර)

:       0       0

ගුණසේකර Tuesday, 18 November 2014 12:55 PM

අජන්ත විරුවා, ඇතුළු සියලු කණ්ඩායමේ සියලු ශිල්පීන්ට මේ උතුම් කලාව තව දුරටත් දියුණු කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා.! (ර)

:       0       0

සමන් පැරිස් Tuesday, 18 November 2014 02:24 PM

ගැහැණු දරුවන්ගේ ඉදිරිපත්වීම, නිපුණත්වය පිලිබඳ ආඩම්බරයි. අතීතයේ සිටි බිසෝවරුන්ගේ කතා ඇත්ත වෙන්න ඇති කියල හිතෙනවා. මේ දූලගේ දෙමව්පියන්ට ස්තූතියි. (ර)

:       0       0

රූපසිංහ Wednesday, 19 November 2014 10:23 AM

තායිලන්තයට ආවේණික වූ ඔවුන්ගේ පෞරාණික සටන් කලාව නුතන බොක්ෂිං සටන් කලාව හා මිශ්‍ර කර මුළු ලොවටම එහි ඇති වැදගත්කම තායි මිනිසුන් විසින් පෙන්වා දුන්නා. අද එම සටන් කලාව ලොව ක්‍රීඩා වලින් නම් දරා ඇති රටවල් වල අය පවා එහි පැමිණ ඉගනගන්නවා. අද දින එම සටන් කලාව නැතුවම බැරි සටන් කලාවක් බවට ඔවුන් විසින් පත්කර ඇත. අපගේ මෙම අංගම් සටන් කලාවෙහි ඇති පෞරාණික බව රැකගනිමින් එය නවීකරණය කොට ලොවට ගෙන යායුතුය. අප එම සටන් කලාවේ ගුරු මුෂ්ටිය රැකගතහොත් වන්නේ එහි රහසිගතබව එහිම රැකගෙන මිහිදන්වීමය. (නි)

:       0       0

බුද්ධි Wednesday, 19 November 2014 02:10 AM

දැන්වත් අපේ ඉතිහාසය නිවැරදි කරගත්තොත් හොඳයි. (නි)

:       0       0

සත්‍යයා Wednesday, 19 November 2014 02:16 AM

සීගිරිය නොදකින ලද, ශ්‍රීපාදය නොනැඟි, අධිරාජ්‍යවාදය සක්වල ගලේ ගහන්න කෑමොර දෙන අපේ කාලයේ වීරවරුන්ටවත් මතක් වුණේ නැද්ද සුද්දා තහනම් කළ මේ කලාවන් ඒ බැමි වලින් මුදාගන්න? (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 18 November 2014 04:06 PM

රජින්ද,ඔබේ රත්තරන් අදහස හරිම අගෙයි. (නි)

:       0       0

තිලක් Wednesday, 19 November 2014 03:45 AM

ඔබලා නියම වීරයෝ. ඔබ සැමට මගේ ප්‍රණාමය. (ර)

:       0       0

කැලුම් Wednesday, 19 November 2014 04:03 AM

අපි සිංහයො කියල ලෝකෙටම පෙන්නන්න උඹලට ශක්තිය ධෛර්යය ලැබේවා.(අ)

:       0       0

දේදුනු Tuesday, 18 November 2014 06:46 PM

මේ ශිල්පය හෙලයගේ. ඒත් අන්‍යජාතීන් අතරට යවන්න එපා. (නදී)

:       0       0

එස්. මහගම Tuesday, 18 November 2014 07:20 PM

පුදුමාකර ආඩම්බරයක් උඹලා ගැන ඇති වුණේ. අපේ සිංහල කොල්ලන්ට කෙල්ලන් දළදා සමිඳු පිහිටයි. (නදී)

:       0       0

නුවන් Wednesday, 19 November 2014 07:20 AM

හරිම අභිමානයක් දැනුනා හිතට (නි)

:       0       0

රජින්ද Tuesday, 18 November 2014 11:01 AM

උත්තරීතර සත් ක්‍රියාවක්.! මේ රටේ දැවැන්ත දේශපාලනික පෙරලියක් වෙන්න නම්, ඉතිහාසේ පැවති අදටත් අපේ ලේ වල සගවා ඇති සිංහලකම එලියට ගත යුතුයි. සුද්දන් විසින් දේශද්‍රෝහීන් යයි හදුන්වාදුන් සියලුම වීරවරයින් දේශප්‍රේමීන් ලෙස නිවේදනය කර පාසල් පෙළ පොතේ පටන් ඒවා වෙනස් කළ යුතුයි.(හේ)

:       0       0

නිහාල් Tuesday, 18 November 2014 09:23 PM

ඇයි මේ තහනම ඉවත් කරන්න බැරිද? මෙවන් ශිල්පයක් යටපත්වීමට හැරීම මහා අපරාධයක් (නි)

:       0       0

පුංචි පැංචි Tuesday, 08 November 2022 06:44 PM

ඔසවයි ප..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2135 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 660 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 737 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site