(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වරායට පැමිණි ගෑස් තොග නොපමාව ලොරි යොදා බෙදා හරින ලෙස නියෝග දුන්නද 18 වැනිදා රාත්‍රිය තෙක් නියෝග ඉටු නොකළ නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවන්නැයි  කෝප් කමිටු සභාපතිට දැනුම් දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද ( 19 )පැවසීය.

මිනිසුන් දුක් විඳිද්දී මොවුන් මෙලෙස කල් මරන්නේ ඇයි දැයි තමාට වාර්තාවක් අවශ්‍ය බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය.

ඉන්ධන සහ ගෑස් ප්‍රශ්නය පිළිබඳ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව  කීය.