IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අගමැති මැතිවරණ කොමිසම කැඳවයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්  අවිනිශ්චිත ආකාරයෙන් කටයුතු කිරීම ගැන එම කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් ළඟදීම කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.

මැතිවරණ කොමිසම අවසානයක් නැති  ප්‍රකාශ දිගින් දිගටම නිකුත් කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

අගමැතිවරයා මෙසේ පැවසූවේ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අගමැතිවරයා මෙසේද සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්  ශ්‍රේෂ්ඨාධිකරණයේ  නඩු කිහිපයක්  විභාග වෙනවා. භාණ්ඩාගාර ලේකම්වරයා  ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට   කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. මැතිවරණ කොමිසමත්  කරුණු ඉදිරිපත් කළා. අපි ඒ අනුව ක්‍රියා ක්‍රියාමාර්ග ගන්නවා. අධිකරණයේ පවතින කරුණු ගැන මම සාකච්ඡා කරන්නේ නැහැ.  අධිකරණයට ගියේ අපි නොවේ. මැතිවරණ කොමිසම ඊයේ ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශයත් අවසානයක් නැති ප්‍රකාශයක්. මා අමාත්‍යවරයා විදිහට ඒ අය කැඳවන්න බලාපොරොත්තු වෙනවා. කොමිසම  අවිනිශ්චිතව කටයුතු කිරීම ගැන සාකච්ඡා කරනවා. කොමිසමට බලපෑමක් කරනවා කියලා සමහරු මේ සභාවේ කිව්වා.කොමිසමේ අය ඒවිද  දන්නෙ නැහැ. කොහොම නමුත් මම කැඳවා  සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පළාත් පාලන ආයතන  නිල කාලය නීතිය අනුව 19 වැනිදා අවසන් වුණා. ඒ සභාවලින් ජනතාවට අවශ්‍ය සේවාව  කරගෙන යනවා.

අධිකරණයට ගිහින් ප්‍රශ්න විසඳගන්න හැදුවේ ඔබතුමාලා. අධිකරණයට ගරු   කරනවා.  භාණ්ඩාගාරය විදිහට අපි  පුළුවන් විදියට අධිකරණයට  උත්තර බැඳලා තියනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්නේ නැත්තේ ඇයි කියලා මම  මුද්‍රණාලයෙන් ඇහුවා.  සල්ලි දුන්නොත් ගහන්න සූදානම් කියලා ඒ අය කිව්වා. මුද්‍රණාලයට මැතිවරණ කොමිසමට වෙන් කරපු මුදල් දෙන්න. අගමැතිතුමනි, මැතිවරණයට මුදල් දෙනවාද නැද්ද . පැහැදිලි උත්තරයක්  දෙන්න

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:

මැතිවරණය අද සංසාරේ වගෙයි. මේක දිගටම යනවා. මේ රටේ රාජ්‍ය  සේවකයන් තුන් දහසකට වැඩි පිරිසක් මැතිවරණයට ඉදිරිපත් වෙලා පඩි නැතුව ඉන්නවා.  ඒ ගොල්ලන් දැන් අපෙන් අහනව මොකද කරන්නේ කියලා. ඡන්දෙත් නෑ. පඩියත් නෑ. කවද්ද මේ අයට පඩි දෙන්නෙ. ඔබතුමා ඒ ගැන තීරණයක් ගන්න.

ගුණවර්ධන මහතා:

මේ ගැන අපි පිළිතුරක් දීලා තියෙනවා. අපේ අපේක්ෂකයෝත්  ඒ කණ්ඩායමේ ඉන්නවා. නාමයෝජනා දීලා. නමුත් අපි කටයුතු කරන්නේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවයි. මේ ප්‍රශ්නය විසඳාගත යුතුයි. මේ වේදනාව අපිට දැනෙනවා.   ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා. රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්න තියෙනවා. විශ්‍රාම වැටුප් තියෙනවා. ලැබුණු ආධාරයෙන් හරි කොටසක්   ඒවට වැය කරනවා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා:

මේ අය දේශපාලන අයිතිවාසිකම් හිමි  රාජ්‍ය  සේවකයන්. පෙබරවාරි මාර්තු වැටුප් හම්බ වුණේ  නැහැ.  මූල්‍ය ආයතන  ඒ අයගේ  ණය වාරික අය කර ගනිමින්  සිටිනවා. දැන් අසාදු ලේඛනය ටත් ගිහිල්ලා. මේ අයට වැටුප  ගෙවලා  මැතිවරණයක් පැවැත්වුණාට  පස්සේ යම් විසඳුමකට  යන්න පුළුවන්. මෙය කැබිනට් පේපරයක් දාලා කරන්න පුළුවන් වැඩක් . මැතිවරණ දාං ඇදිල්ල නිසා මේ පිරිස අසරණ වෙලා. ව්‍යවස්ථානුකූලව නිත්‍යානුකූලව ගෙවීමක් කරන්න පුළුවන්.

සජිත් ප්‍රේමදාස මහතා

ශ්‍රේෂ්ඨ කාරණය දුන්න තීන්දුව ක්‍රියාත්මක කරනවද. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වරප්‍රසාද කමිටුවට ගෙන්නලා ඔවුන්ගේ චරිතය ඝාතනය කරන්න උත්සාහ දරනවා. මැතිවරණයට ඉදිරිපත්වූ අයගේ වැටුප් දීමනා ලබා දීමට කටයුතු කරන්නේ නැත්තේ ඇයි.

ජාතික ජන බලවේගයේ  මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා:

අද විධායකය ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මැතිවරණ පනත උල්ලංඝනය කරමින් හිතුවක්කාරී ලෙස මැතිවරණය කඩාකප්පල් කරනවා. ඡන්දය පැවැත්වීම අධිකරණයේ කාර්යභාරයක් නොවේ. ඒක මැතිවරණය කොමිසමේ කාර්යභාරයක්. විධායකය බාධා  කරන නිසයි මැතිවරණ කොමිසමට අධිකරණයට යන්න වුණේ. මැතිවරණ කොමිසමට කරන බාධා ඉවත් කළොත් ඡන්දය තියන්න පුළුවන්.

ආණ්ඩු පක්ෂයේ  ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා:

විපක්ෂ නායකතුමා හැමදාම ඕක ගැන  ගිරවා වගේ කියනවා. මොකක්ද මේ කරන විහිලුව. රට හිනස්සවන්න එපා. ඒක තමයි ඔයාගේ කට්ටිය ගැලවි ගැලවි යන්නේ. අගමැතිතුමා පිළිතුරක් දීලා තියෙන්නේ.



අදහස් (0)

අගමැති මැතිවරණ කොමිසම කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site