IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අගමැති දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 16 වැනි අගමැති ලෙස එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර  මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය.

වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්වන්නේ හතර වැනි වතාවටය. එය ලෝක වාර්තාවක් සම කිරීමකි.

දිවුරුම් දීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  මහතා ද, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද, හිටපු ජනපති ආර් ප්‍රේමදාස මහතාගේ බිරිය හේමා ප්‍රේමදාස මහත්මිය ද දිවුරුම් දීමේ උත්සවයට පැමිණ සිටියහ. 

1993 මැයි මස හත් වැනි දා රනිල් වික්‍රමසිංහ මහතා පළමු වරට අගමැති ලෙස දිවුරුම් දුන්නේය. 2001 වසරේ දී දෙවැනි වතාවට ද, 2015 ජනවාරි නව වැනි දා තුන් වැනි වතාවට ද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දුන්නේය. කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරඟ කළ ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ මනාප ඡන්ද පන් ලක්ෂයක් ලබා ගනිමිනි. ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණයක දී වැඩිම මනාප ලබා ගත් අපේක්ෂකයා වන්නේ ද වික්‍රමසිංහ මහතාය.

දිවුරුම්දීමේ උත්සවය වෙනුවෙන් රජයේ මුදල් වලින් කිසිදු වියදමක් සිදු නොකළ බව එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

(වීඩියෝ සනත් ඩෙස්මන්)

01(14) 02(10) 03(10) 04(8) 05(6) 06(9) 07(7) 08(5) 09(5) 12(6) 13(3) 14(3) 15(6) 16(5) 17(3) 18(1) 19(4) 20(4) 21(1)

 

 



අදහස් (0)

අගමැති දිවුරුම් දෙයි

චන්ද්‍රසිරි Friday, 21 August 2015 04:49 AM

අපි හදවතින්ම සුබපතමු. (නි)

:       0       0

ඩිල්ෂාන් Friday, 21 August 2015 04:55 AM

අගමැතිතුමනි, ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

නිවන්තක Friday, 21 August 2015 06:35 PM

ජයවේවා! (නි)

:       0       0

ශ්‍යාම් Friday, 21 August 2015 05:35 AM

අගමැතිතුමනි, ඔබට සුබ පතමි! (නි)

:       0       0

නයෝමි Friday, 21 August 2015 05:37 AM

චිරන් ජයතු කිසිවෙකු පමණට වඩා විශ්වාස නොකරන්න. සුභ පතන සමහර අයගෙන් ප්‍රවේසම් වෙන්න. වශී තෙල් ටිකක්වත් ගාන්න බැරි නැහැ (ම)

:       0       0

ලාල් Friday, 21 August 2015 01:38 PM

ජයවේවා,ජයවේවා.! (නි)

:       0       0

සාලිය Friday, 21 August 2015 08:04 AM

අගමැතිතුමනි, ඔබට සුභ පැතුම් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site