IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


අගමැතිනි ජර්මානු ජනාධිපති හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  ජර්මනියේ හැම්බර්ග් හි නිල සංචාරයක නිරත විය.

සංචාරය අතරතුර දෙරට අතර වෘත්තීය අධ්‍යාපනය සහ ආර්ථික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වු බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

102 වන නැගෙනහිර ආසියානු මිත්‍රත්ව රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් මහතා ද හමු විය. 

එහිදී මෙරට ආර්ථික ස්ථාවරත්වය, සමාජ ආරක්ෂාව සහ ජාතික සමගිය සඳහා රජයේ කැපවීම පිළිබඳ ජර්මානු ජනාධිපතිවරයා  දැනුවත් කර තිබේ.



අදහස් (5)

අගමැතිනි ජර්මානු ජනාධිපති හමුවෙයි

ලුම්බිණි Thursday, 03 April 2025 12:45 PM

දන්නෙම නැතුව පිටරට ගියාද ?

:       15       9

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Thursday, 03 April 2025 04:48 PM

භෝජන සංග්‍රහයේදී කන්න දුන්නේ මොනවද ? මැද කරවෙච්ච ආප්පද ?

:       0       2

බද්රානි Thursday, 03 April 2025 07:33 PM

ඉතාම ප්‍රයෝජනවත් කාලෝචිත හමුවීමක්.මීට දශක කීපයකට කලින් සිට ක්රියාත්මකවෙන "ජර්මන් ටෙක්" ආයතනයෙන් වුර්තීය පුහුණුව ලබා ගත් අයට ලෝකයේ තියන ඉල්ලුම ගැන මම අමුතුවෙන් ලියන්න ඕනා නැහැනේ.නමුත්, ඒ පුහුණුව ලබා විදේශ රටක ඉහල වැටුපකට රැකියාවක් ලැබුනම ආයේ "ජර්මන් ටෙක්" එක මතකවත් නැති මිනිස්සුනේ අපේ රටේ ඉන්නේ..ඒ නිසා මෙවැනි ආයතන ප්‍රවර්ධනය කිරීමක් ලංකාවේ සිදුවෙන්නේ නැහැ...ඔය ලංකාවේ විශ්ව විද්‍යාලවලට ගොස් මෙලෝ පලකට නැති කළා උපාධි ගන්නවාට වඩා, මෙවැනි ආයතනයකින් වුර්තීය අධ්‍යාපනයක් ලබා ගැනීම කොතරම් නම් වටිනවාද? මොනා උනත් ජර්මන් බස් රථ මෙන්ම ජර්මනනිය නිපදවූ ටැක්සි පවා ධාවනය වූ මේ රට තුල, වර්තමානයේ ඉන්දියන් චැසි මත ඉදිකොට ඇති ඩක්කු බස් වල හා රෝද තුනේ අනාරක්ෂිත රථවල ගමන් කිරීමට සිදුවීම දෛවයේ සරදමක් කියලයි මට නම් හිතෙන්නේ. ඉන්දියාවෙන් යකඩ ගොඩවල් ගේන වෙලාවේ, ජර්මනියෙන් ඉවතදමන, මෝටර් රථ හා දුම්රිය මැදිරි ගෙනල්ල මෙරටේ ධාවනයට යෙදෙව්වොත් කොතරම් අගෙයිද කියලයි මට හිතෙන්නේ. ජර්මනිය වගේ රටක් සමග ආර්ථික හා තානාපති සම්බන්ධ කම් පැවැත්වීමට මේ රටේ ජනතාවට පින නැහැ..මෙවුන් යන්නෙම කුණු ගොඩවල් පස්සේ.අපේ අගමැතිනිය ට ජයවේවා!

:       3       5

අමල්Friday, 04 April 2025 03:24 PM

නාකි ජර්මන් සුද්දෙක් ළඟදී දකුණු පළාතේදී බද්රානිගෙන් තැඹිලි ගෙඩියක් අරගෙන සල්ලි වැඩිපුර ගානක්වත් දුන්නාද?

:       0       1

පුරවැසියන් Friday, 04 April 2025 11:11 AM

බද්‍රානිගේ අදහස කාලෝචිතය

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1644 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 561 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 646 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site