IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


අගමැතිට එරෙහි විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරයි

පෙ.ව10.06 - මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡා නිසා සභාවේ කටයුතුවලට බාධා ඇති වෙන බැවින් පිටතට ගොස් සාකච්ඡා කරන ලෙස කතානාකවරයා ඉල්ලා සිටියි.


පෙ.ව ‍9.54 - පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අගමැතිවරයාට එරෙහි  විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරයි. ‘බැඳුම්කර නිකුත් කරද්දී වුණු වංචාව නිසයි මහ බැංකු අධිපති ඉවත් කරන්න ඉල්ලුවේ.  මහේන්ද්‍රන් ශ්‍රීලංකා පුරවැසියෙක් නොවේ.   රටේ මූල්‍ය කේන්ද්‍රිය ආයතනය කෙරෙහි ඇති සම්පූර්ණ විශ්වාසය කඩ වෙලා මේ චෝදනාවන්ට ලක් වෙලා තිබෙනවා. මේ සිද්ධිය නිසා රවී කරුණානායක මහතාට ඉල්ලා අස්වෙන්න වුණා. ‘


පෙ.ව ‍9.34 - බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රශ්නයට කර්මාන්ත ඇමැති රිෂාඩ් බදුයුදීන් මහතා පිළිතුරු දුන්නේය.


පෙ.ව ‍9.32ප්‍රශ්න වලට පිළිතුරු දීමේ අවස්ථාවේදී පද්ම උදය ශාන්ත මහතා විසින් යොමු කරනු ලැබූ ප්‍රශ්නයට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පිළිතුරු දුන්නේය. 


පෙ.ව 9.30 - කතා නායක කරු ජයසූරිය මහතා මූලාසනයට පැමිණීමෙන් පසු පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ. ගෞරවනීයව සහ ආදර්ශමත් ලෙස අද විවාදය පවත්වන්නැයි කතානායකවරයා ඉල්ලයි


රංජන් කස්තුරි 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (04) දවස පුරා පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා අතර රාත්‍රීයේ ඡන්ද විමසිමක් පැවැත්වීමට නියමිතය.

විශ්වාසභංග යෝජනාව පිළිබඳව ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ ඒ දේශපාලන පක්ෂ ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් විවිධ මත පළ වී තිබේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල සංයුතිය අනුව කතානායකවරයා හැරුණුකොට එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීන් සංඛ්‍යාව 105ක් වන අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 54ක් වේ.

ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී සංඛ්‍යාව 41ක් වන අතර දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රීධුර 16ක්ද ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රීධුර 6ක්ද හිමි වී තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට , ඊ.පී.ඩී.පී පක්ෂයට මන්ත්‍රීධුර 6ක් හිමි වී තිබේ.කෙසේ වෙතත් අතුරුලියේ රතන හිමි සහ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුළ ස්වාධින මන්ත්‍රීවරු ලෙස කටයුතු කරන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණ නමුත් ඒ දෙදෙනාම ඇතුළත්ව ඇත්තේ එක්සත් ජාතික පෙරමුණට අයත් මන්ත්‍රීන් 105 දෙනා අතරටය.



අදහස් (17)

අගමැතිට එරෙහි විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරයි

sirimal Tuesday, 03 April 2018 05:27 PM

ඕක කෙරෙන වැඩක් නෙවේ. විවාදය පටන්ගත්ත වෙලාවේ ඉඳල විරෝධතා, කෑ ගැසීම්, හු කීම්, කුනුහරුප කීම් සහ ගුටි බැට හුවමාරු වගේ දේවල් තමා අහන්න වෙන්නේ. පාසල් ළමුන්ට හෙට පාර්ලිමේන්තුව අහලකටවත් යන්න දෙන්නනම් එපා. අන්තිමේට එක එක්කෙනාට ඇඟිලි දික්කර ගනී විවාදය කඩා කප්පල් කරා කියල. 5 වෙනිදා ඉඳලවත් ආණ්ඩුවේ නායකයින්ට හරියට වැඩ කරගෙන යන්න පුළුවන් වන ආකාරයට ශක්තිමත් කොඳු ඇට පෙළක් පහල වේවා කියල තමයි අපට දෙයියන් බුදුන් ඉදිරියේ පුද පුජා පවත්වලා, හතර මහා දේවාල ගානේ යාදිනි පවත්වලා, කන්නලව් කරලා ප්‍රාර්ථනා කරන්න වෙන්නේ. මොකද එදා ඉඳල තමා රටම ගිණි තියන එකාබද්ධයේ නියම ගිණිකෙලි සංදර්ශන පටන් ගන්නේ.

:       456       609

rimaTuesday, 03 April 2018 07:27 PM

අනිවාර්යයි

:       40       182

palithaWednesday, 04 April 2018 04:51 AM

මොකද එදා ඉඳල තමා රටම ගිණි තියන එකාබද්ධයේ නියම ගිණිකෙලි සංදර්ශන පටන් ගන්නේ. මෙත්වක් කල් වෙහෙසවෙලා එකාබද්ධයේ වල එයාලම කපාගෙන ඒ තුල සැතපෙන දිනය.

:       190       320

sunilWednesday, 04 April 2018 04:58 AM

ඔබ කියන්නේ ඒකාබද්දෙද නැතිනම් එක්සත් ජාතික පෙරමුණද රට ගිනි තියල බන්කොල්ත් කලේ.? අනේ මට දුක ඔයාලට ඇස් පෙන්නේ නැති එක ගැන .

:       213       259

RaveendraWednesday, 04 April 2018 05:37 AM

sirimal මයා වෙත, පාසල් ළමුන් පමණක් නොව" වැඩිහිටි, වයසක අම්මලාටවත්" ඔය ලගින්වත් යාම නුසුදුසුය.

:       0       13

sirimalWednesday, 04 April 2018 09:18 AM

හරියට හරි රවීන්ද්‍ර.

:       0       0

Sanath Wednesday, 04 April 2018 04:29 AM

රනිල් අගමතිකමේ ඉන්නකල් මහින්දට බය වෙන්න දෙයක් නෑ. මහින්ද මේ විශ්වාසභංගය ගෙනාවේ රනිල් පරද්දන්න නෙවෙයි. මෛත්‍රී අමාරුවේ දාන්න​. මේකට සහයෝගය දුන්නොත් මෛත්‍රීට අල්ලපු අත්තත් නෑ. පය ගහපු අත්තත් නෑ. ඊට පස්සේ මහින්ද රනිල් එකතු වෙලා දෝශාභියෝගයක් ගෙනත් මෛත්‍රීව ගෙදර යවනවා.

:       23       519

sachithWednesday, 04 April 2018 05:15 AM

මේකනම් වෙන්න පුළුවන් දෙයක්. හැබැයි රහස් චන්දයක් තිබ්බොත් සමහරවිට තීරණයේ වෙනසක් වෙන්න පුළුවන්.

:       0       13

VajiraWednesday, 04 April 2018 05:29 AM

රනිල්ගේ නායකත්වය තහවුරු කරලා දෙන්න තමයි මේ විශ්වාසභංගය මහින්ද ගෙනාවේ. වෙන කෙනෙක් අගමැතිකට අවොත් එයාලට හිරේ ලගින්න වෙන බව දන්නා නිසා.

:       120       252

NissankaWednesday, 04 April 2018 05:35 AM

විමල්, ගම්මන්පිල හිතුවේ ජවිපෙ රනිල් ආරක්ෂා කරයි ඊට පස්සේ දෙන්නම් ජවිපෙට බැටේ කියලා. ජවිපෙ බුද්ධිමත් තීරණයක් ගත්ත නිසා එයාලගේ ප්ලෑන් එක වැරදුනා.

:       1       137

K Perera Wednesday, 04 April 2018 04:33 AM

අද පාර්ලිමේන්තුව පාසල් ළමුන්ට තහනම් කලාපයක් කරන්න.

:       0       37

shan saudi Wednesday, 04 April 2018 04:48 AM

විස්වාස බන්ගයෙන් රනිල් අනිවාර්යෙන්ම ජය ගත යුතුය එසේම ඉන් පසු ඒ ජා පෙ වෙනත් කෙනෙකු අගමැති ලෙස පත් කල යුතුය

:       312       853

Ranil Wednesday, 04 April 2018 04:55 AM

දැන් ඉතින් ගෙදර යන්න ලෑස්ති වෙන්න.

:       72       48

Vidya Wednesday, 04 April 2018 05:05 AM

ඔතන සෙන්කොලේ තියනවද ? සමහරු ඕක උස්සගෙන දුවනවා. දිනේෂ් , අප්පච්චිට නිගා දෙන්න එපා

:       0       12

Shan Wednesday, 04 April 2018 06:38 AM

අගමැතිට ඉස්සරවෙලා විශ්වාස භංග ගෙන්න ඕන තව කීයක් ඉන්නවද ඔය බූරු කොටුවේ? හොරු රැල එකතු වෙලා මේක කරන එක තමයි ලොකුම විහිළුව.

:       25       36

shan saudi Wednesday, 04 April 2018 07:17 AM

සියලු සුළු ජාතීන් රනිල්ට සහදෙන්න් දෙපාරක් හිතන්නේ නැහැ. එකට හේතු තියනවා. එහම උනොත් රනිල්ට සියලු ඡන්ද 123 වෙනවා අනෙක් පක්ෂ වල ඉන්න සේරම ඉන්නේ 101 විශ්වාස භාන්ගේ මහින්දට භංගයක් වෙනවා.

:       74       237

ජනක Wednesday, 04 April 2018 09:31 AM

අලියගේ නැට්ටෙ එල්ලිලා දිව්‍ය ලෝකෙ ගිය ගමරාල දැන් අලියගෙ වලිගෙ කපන්න යනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 291 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2120 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1613 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site