අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයින්ගේ ගැටළුවලින් 90% ක්ම මේ වන විට විසඳා ඇතැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු මහතා පැවසීය.
එහි සිසුන්ට ඉතා තදින් බලපා තිබූ දේශකවරුන්ගේ හිඟය මේ වනවිට විසඳා අවසන්ව ඇති බවත්, ඉදිරියේ දී දේශන නිසි පරිදි පවත්වාගෙන යා හැකි බවත් පැවසූ අමාත්‍යවරයා එහි දේශන පැවැත්වීමට කැමැත්ත පළ කර ඇති ආචාර්ය මහාචාර්යවරුන්ට ඔවුන්ගේ මාසික වැටුපට අමතරව රුපියල් 1,50,000ක මුදලක් ලබාදීමටත් නොමිලයේ ආහාර හා නවාතැන් ලබාදීමටත් කටයුතු යොදා ඇතැයි ද ඔහු සඳහන් කළේය.
එහි සිසුන්ගේ අනෙකුත් ගැටළු වන පුස්තකාලයේ අවශ්‍ය අධ්‍යයන ග‍්‍රන්ථ නොමැතිවීම, නොමිලයේ සැපයූ වයි-ෆයි කලාපය නොමැතිවීම හා ප‍්‍රායෝගික පරීක්‍ෂණ පිළිබඳ ගැටළු ද මේ වන විට විසඳා ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා එම ඉංජිනේරු පීඨයේ පවතින අනෙක් ගැටළුවලට ද ඉදිරියේ දී විසඳුම් ලබාදෙන බව පැවසීය.
ගැටළුවලට විසඳුම් ලබාදෙන්නැයි ඉල්ලා අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (10) උද්ඝෝෂණයක නිරත වූ අතර, ඉන් පසු ඔවුන් සමග පැවැත් වූ සාකච්ඡාවේ දී ද තමන් මේ කරුණු ඔවුන්ට පැවසූ බව ද රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
265
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අග්නිදිග සරසවි ගින්න නිවූ බව ග්‍රේරු කියයි
නිශාන්ත Thursday, 10 December 2015 12:04 PM
මෙහෙම හැමදේටම විසඳුම් ලැබෙනවා නම් කොච්චර හොඳද? (නි)
විපුල Thursday, 10 December 2015 12:22 PM
ගොඩක් සතුටුයි (නි)
ඉසුරන්දි Thursday, 10 December 2015 12:23 PM
අනේ මන්දා! අඩුපාඩු නම් හැමතැනම. බලධාරීන් නින්දේද හිටියේ එතකොට මෙච්චර කලක්? (නි)
ටිරාන් Friday, 11 December 2015 03:07 AM
සුබ පැතුම් ඔබට! (නි)
රොෂාන් Friday, 11 December 2015 04:26 AM
ග්‍රේරු කොහොමත් දක්ෂයා බව අපි දන්නවා. පහුගිය කාලේ අපරාධ රැසක්ම විසඳලා දෙන්න එයා පොලිසියට උදවු කළා (බ)