(අංජුල මහික වීරරත්න)
අඟුණකොළපැලැස්ස ජඳුර ප්‍රදේශයට නව තාක්ෂණයෙන් යුත් සහල් මෝලක් ලබා දීමට චීනයේ හයිනෑන් ප්‍රාන්ත රජය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
සහල් නිෂ්පාදනය සඳහා දැවැන්ත ඒකාධිකාරයක් පවතින අතර සහල් මිල තීරණය කරන්නේ එම ඒකාධිකාරයේ සිටින සහල් මෝල් අයිතිකරුවන් කිහිප දෙනෙක් විසින් බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම අධිකාරය බිදීමට නම් රජය සතුව ඉහළ තාක්ෂණයෙන් යුත් සහල් මෝල් කිහිපයක් ක්‍රියාත්මක කළ යුතු බව පැවසීය.
රජයට එම කාර්ය තනිවම කළ නොහැකි නිසා ජඳුර හා ගුරුවල තරුණ පිරිස යොදා ගනිමින් චීන සහල් සැකසීම් මධ්‍යස්ථානය සඳහා සමුපකාර වැඩ පිළිවෙළක් අපි සකස් කරන බව අමාත්‍යවරයා කීය.
චීන සහල් මෝල මගින් සමස්ත දකුණු පළාතේම නිෂ්පාදනය කරන වී සහල් බවට පත් කර රටපුරා බෙදා හැරීමට හැකි වන බව අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අගුණකොලපැලැස්සට චීන හාල් මෝලක්
abaran Sunday, 07 January 2024 11:38 AM
පොලොන්නරුව අවට මෙවැනි තවත් සහල් මිල දෙක තුනක් පටන්ගෙන නිසි කළමනාකාරිත්වයක් ඇතිව පවත්වාගෙන ගියොත් ඉබේම ඔය ඒකාධිකාරය බිඳින්න පුළුවන් වේවි. නමුත් එක ලේසි නැහැ.. මොකද ඔය දැනට ඉන්න මෝල් හිමියෝ විවිධ උගුල් අටවන්න බැරි නැහැ...!
සුපුන් චාමර Sunday, 07 January 2024 12:37 PM
මොකක්ද අප්පා මේ වෙන්නේ...? රජය සතු ලාභලබන ව්‍යාපාර විකුණනවා. එයින් පෞද්ගලික අංශය අතර තරග කාරීත්වයක් ඇතිකරලා මිල බස්සන්න. එහෙම මිනිස්සු හිටියේ ඉස්සර. දැන් බිස්නස් කරන අය ඔක්කෝම එකතුවෙලා ගේම ගහන්නේ. ඔක්කොම එකම ගානට දෙන්නේ... හොඳම උදාහරණය තෙල්. ඉතින් එහෙනම් තෙල් ගාන වැඩි කියලා ආයෙත් ආණ්ඩුවට ගන්න පුළුවන්නේ... අයිඕසී එකයි සිනෝපෙක් එකයි දෙකම...! එහෙම අධිකාරි බිඳින්න හම්බවෙන්නේ නෑ මේ වගේ ආණ්ඩු තියෙන කම්...
sukitha Sunday, 07 January 2024 01:04 PM
සමස්ත දකුණු පළාතේම වී එක තැනකට ගේන්නේ කොහොමද? කුඩා වී මෝල් ගම් මට්ටමින් ඇති කරන්න. ගමේ අයට බාරදෙන්න. රජයේ ඉඩම් නැතිනම්, පන්සල් වත්ත කෙළවර වගේ තැනක් ලබාදෙන්න.
රනේ Sunday, 07 January 2024 07:20 PM
කුඹුරු ඔක්කෝම ජඳුරට ගෙනියනවාද?
Sharm Sunday, 07 January 2024 07:27 PM
අවුලක් නෑ චීනට කැමති තාලෙට අපි බත් කමු... මොවුන්ගේ අයිසින් යටින් තියෙන්නේ පුස් කාපු රෝස්පාන් පෙත්තක් කියලා තාම තේරුණේ නැද්ද? හයියෝ...!
de silva Monday, 08 January 2024 10:43 AM
බහුජාතික සමාගම් පැට්‍රොල් බෙදා හරින්න අව කියල කලින් ප්‍රකාශ කල ආකාරයට එම සමාගම් අතර තරඟකාරීත්වයක් ඇතිවෙලා පැට්‍රොල් මිල අඩුවුණේ නැහැනේ ? සහල් වලට වෙන්නෙත් මේක ,