IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අඛිල - ගීතා ඇවිදීමෙන් රන් පදක්කම් දිනති

ජාතික මහ කී‍්‍රඩා උළෙලේ ඇවිදීමේ පිරිමි තරගයේ රන් පදක්කම දිනා ගැනීමට බස්නාහිර පළාත නියෝජනය කරන අඛිල චන්න ප‍්‍රනාන්දු සමත් විය. කාන්තා ඇවිදීමේ තරගයේදී රන් පදක්කම දිනා ගැනීමට ගීතා නන්දනී සමත් වූවාය.

මෙම තරග කතරගමදී අද (29 වැනිදා) පැවැත්විණ.

ඇවිදීමේ ශූර අඛිල චන්න ගිය වසරේදීත් රන් පදක්කම දිනාගත් කී‍්‍රඩකයාය. අඛිල චන්න මෙම ඉසව්වේ රන් පදක්කම 10 වතාවක් දිනාගත් හිටපු ඇවිදීමේ ශූර බී. එම්. එන්. නයනානන්ද යටතේ පුහුණුවීම් කරයි.

නෙස්ලේ ලංකා සමාගමේ අනුග‍්‍රහයෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ජාතික මහ කී‍්‍රඩා උළෙලේ ඇවිදීමේ තරග වල ජයග‍්‍රාහකයන්ගේ සිට 10 වැනි ස්ථානය දක්වා පැමිණි කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට රුපියල් 25000 සිට මුදලින් තෑගි ප‍්‍රදානය කෙරිණ.

 

තරග ප‍්‍රතිඵල

පිරිමි ඇවිදීමේ තරගය - (කිලෝමීටර 20)

1. අඛිල චන්න ප‍්‍රනාන්දු (බස්නාහිර පළාත - පැය 1 විනාඩි 36.02)
2. නිරෝෂන් අප්පුහාමි (බස්නාහිර - පළාත  1: 37.07)
3. සමීර අංජන කුමාරතුංග (දකුණු පළාත  1: 37.53)
4. එම්. ඞී. සම්පත් (දකුණු - පළාත  1: 41.37)
5. ආර්. එච්. එම්. රණවීර (මධ්‍යම පළාත - 1: 41.49)
6. දමිත් බෝධිපක්ෂ (දකුණු පළාත - 1: 42.53)
7. සම්පත් ප‍්‍රනාන්දු (බස්නාහිර - පළාත  1: 43.20)
8. චින්තක පේ‍්‍රමරත්න (වයඹ - පළාත  1: 45.27)
9. ආර්. එම්. පී. රත්නායක (ඌව - පළාත  1: 48.8)

 

කාන්තා ඇවිදීමේ තරගය

1. ගීතා නන්දනී (බස්නාහිර - පළාත  පැය 1 විනාඩි 55.29)
2. දිනූෂා ඩිලානි (දකුණු පළාත - 1: 56.37)
3. කල්හාරි මධුරිකා (දකුණු පළාත - 1: 56.45)
4. ජේ. කේ. කේ. එම්. සී. දමයන්ති (ඌව - පළාත 1: 56.55)
5. ලක්ෂ්මි කල්‍යාණි (දකුණු පළාත - 2: 03.02)
6. තිළිණි මධුෂිකා (දකුණු පළාත - 2: 04.04)
7. අවන්ති ජයරුෂිකා (වයඹ පළාත - 2: 05.12)
8. මල්කී නවෝද්‍යා (දකුණු පළාත - 2: 05.54)
9. ඒ. එම්. අයි. පි‍්‍රයදර්ශනි (ඌව  පළාත - 2: 06.17)

 

 



අදහස් (0)

අඛිල - ගීතා ඇවිදීමෙන් රන් පදක්කම් දිනති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site