IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අංක තහඩුව අසභ්‍ය වූ යතුරු පැදියක් අල්ලයි

(ශාන්ත  ප්‍රදීප් කුමාර කුලරත්න සහ ධර්මපාල හේරත්)

අංක තහඩුව වෙනුවට "පරුෂ වචනයක්" ප්‍රදර්ශනය කරමින් බොරලැස්ගමුව නගරය හරහා  ධාවනය වූ යතුරු පැදියක් පුද්ගලයින් දෙදෙනෙකු සමග අද (19) අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුව හා බෙල්ලන්විල ප්‍රදේශවල පදිංචි (18) හැවිරිදි දෙදෙනෙකු බව පොලිසිය කියයි .

බොරලැස්කමුව පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු  බොරලැස්ගමුව නගර මධ්‍යයේ අද උදෑසන රථවාහන රාජකාරියේ නිරතව සිටියදී සැක කටයුතු ලෙස මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියක්  පිළිබදව විමසිලිමත්වීමේදී එම යතුරුපැදිය පොලිස් නිලධාරීන් පසු කරනවාත් සමගම එහි පසු පැදිකරු පිටුපස අංක තහඩුව දෑත් වලින් වසා ගනු දැක තිබේ .

ඒ පිළිබඳව සැකසිතූ පොලිස් නිලධාරීන්  යතුරුපැදිය නවතාලන ලෙසට සංඥා කළත් එය නොනවත්වා ධාවනය කිරීම නිසා පසුපස හඹා ගොස් පරීක්ෂා කිරීමේදී යතුරුපැදියේ ඉදිරිපස අංක තහඩුව නිවැරදිව ප්‍රදර්ශනය කර තිබූ අතර පිටුපස අංක තහඩුව වෙනුවට ඉංග්‍රීසි අකුරෙන් පරුෂ වචනයක්  ලියා සවිකර තිබෙනු දැක තිබේ.

ඒ අනුව යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා සමග යතුරුපැදිය අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙනැවිත් ප්‍රශ්න කිරීමේදී එහි අංක තහඩුව ගලවා ඒ වෙනුවට පරුෂ වචනයක් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා මෙසේ ප්‍රදර්ශනය කරමින් ධාවනය කර ඇත්තේ විනෝදයට බව පොලිසියට පවසා තිබේ.

මෙම තරුණයින් දෙදෙනා අවස්ථා කිහිපයකදී බොරලැස්ගමුව නගරය හරහා මෙසේ යතුරුපැදිය ධාවනය කර ඇති බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා නුගේගොඩ අධිකරණයට අද (19) ඉදිරිපත් කිරීමට නියමිත අතර  සැකකරුවන් දෙදෙනා මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පො.කො (70870) ජගත් (98537) දළුවත්ත ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති.

(ඡායාරූප: ශාන්ත කුලරත්න )



අදහස් (16)

අංක තහඩුව අසභ්‍ය වූ යතුරු පැදියක් අල්ලයි

ලුම්බිණි Friday, 19 January 2024 01:00 PM

මේක පරුෂ වචනයක් නොවේ. පාර්ලිමේන්තුවේත් භාවිතා වෙන වචනයක්...!

:       168       127

Lal Friday, 19 January 2024 01:07 PM

මේ වගේ අය තමයි අනුර පස්සේ යන්නේ... හරක්...!

:       188       183

NimalFriday, 19 January 2024 02:38 PM

පේනවා නේද රාජපක්ෂ අම්බරුවන්ගේ තරම...!

:       131       100

නිහාල් Friday, 19 January 2024 04:21 PM

නෑ මෙයා වාසුදේව පස්සේ යන කෙනෙක්. වාසුදේව පොහොට්ටුවේ කෙනෙක්...!

:       8       78

හරින්ද්‍ර Friday, 19 January 2024 01:57 PM

2000 පස්සේ ආපු මී හරක් දැන් ඉන්නේ. උන්ගේ මොළේ කුරුවල්වෙලා. මෝඩයෝ කියන්නේ මෙහෙමත්....

:       9       122

pakeer Friday, 19 January 2024 02:43 PM

අනේ ලාල්, ඔයා කියන්නේ එතකොට අනිත් අයගේ පස්සේ යන්නේ සුපිරි මොලකාරයෝ කියලද? තව අවුරුදු මිලියනයකින්වත් ලංකාව හැදෙන්නේ නෑ.

:       99       73

නිහාල් Friday, 19 January 2024 04:23 PM

ලාල් කියන්නේ කිසි දක්ෂතාවයක් නැති නිසා රස්සාවක් ගන්න බැරිව, දේශපාලනික මාධ්‍ය ඒකකවල ප්‍රතිචාර ගණනට ගෙවීම් ලබන අසරණ සේවකයෙක්. සල්ලි දෙනවා නම් ඕනෑදෙයක් ලියනවා. පව් ඉතින්...!

:       56       41

අරවින්ද මොනරවිල Friday, 19 January 2024 05:43 PM

ලාල්ගේ සිඟිති ආතල් කඩන්න එපා ඔයාලාට පව් සිද්ධවෙයි...!

:       51       33

Prabha Friday, 19 January 2024 04:09 PM

මිනිස්සු හිනස්සලා කැපී පෙනෙන්න දඟලන මෝඩයින්...

:       4       56

විපරමා Friday, 19 January 2024 05:11 PM

ලංකාවේ ඉන්නේ කිසිම වරදක් නොකරන හරිම සුද්ද වන්තයෝ කියලා හිතාගෙන ඇති.

:       7       13

Sujith Friday, 19 January 2024 05:47 PM

ඉංග්‍රීසි අකුරුවලින් ලියා ඇති බැවින් නඩු පැවරිය කැක්කේ පිටිපස අංක තහඩුවක් නොමැතිව ධාවනය කිරීමේ වරදකටයි. ඔය කියන පරුෂ වචනය සඳහා නඩුවක් ගොනු කළ නොහැකි බව මගේ හැඟීමයි.

:       30       33

C.K.Lankaputhra Friday, 19 January 2024 07:22 PM

අම්මපා මම නම් සන්තෝස වුණා රාලාහාමිලාගේ ගිනි අවියක් ස්වයංක්‍රීයව පත්තු නූන එක ගැන....!

:       3       24

නිහාල් Friday, 19 January 2024 07:32 PM

අංක තහඩුව නැතුව පැදවීම වැරදියි. ඒත් පරුෂ වචනයට නඩු දාන්න බෑ... පාර්ලිමේන්තුවේත් පාවිච්චි කරපු ශිෂ්ඨ වචනයක් නිසා... බන්ධුල ගුණවර්ධන එය හොඳ වචනයක් බව පෙන්වනවා... යූටියුබ් එකේ තියෙනවා.

:       5       31

Nihal Friday, 19 January 2024 07:42 PM

මොකක්ද ඔය පරුෂ වචනේ... මට ඉංග්‍රීසි භාෂාව පුළුවන්... නමුත් මෙහෙම වචනයක් අහලා නැහැ.

:       9       26

fairoos Monday, 22 January 2024 06:05 PM

ලංකාව කියන්නේ මාර ආතල් රටක්...!

:       1       2

Ramin Monday, 22 January 2024 11:16 PM

වැඩේ හරි නෑ. නමුත් මේ අවුරුදු 18 එවුන් දෙන්නෙක්ගේ වැඩක්. ඔයා වයස පසු කරපු දැන් ඉන්නා වැඩිහිටි පිරිමි අය පොඩ්ඩක් මතක් කරන්න ඔබලාද ඔය වයසේදී පෙරළා ගත් බාල්දි. වැරැද්ද නිවැරදි කරන්න නමුත් වැරැද්දේ තරමට දඬුවම් දෙන්න.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 211 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2077 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site