(ඉන්දිකා රාමනායක)
රිය අනතුරක් හේතුවෙන් අක්කරේපත්තුව පාලමුණෙයි ප්‍රදේශයේ දී ගම්වාසීන් පිරිසක් පොලිසිය සමග ඇති කරගත් ගැටුමකින් අක්කරෙයිපත්තුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු 11 ට දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය.
පිරිස් අතර පොලිසියේ අට දෙනෙකු සහ සිවිල් ආරක්ෂක බලකායේ තිදෙනකු සිටින බව පොලීසිය කියයි.
එහිදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇත.
ඊයේ රාත්‍රී 11.00 ට පමණ තරුණයකු ආරක්ෂක හිස් වැසුම් නොමැතිව යතුරුපැදියකින් මාර්ග බාධකය හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලිසිය ඔහුට නවතින ලෙසට සංඥා කළ ඇති බවත්, සැකකරු පොලිස් අණ නොතකා වේගයෙන් යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී එහි වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඔහු ලිස්සා වැටී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතා පවසයි.
මෙම සිද්ධිය සැලවීමත් සමගම පාලමුනේ ප්‍රදේශයේ පිරිසක් පොලිස් මුරපොල වෙත පැමිණ එහි සිටි සැරයන් වරයා ටත්, සිවිල් ආරක්ෂක භටයින් තිදෙනාටත් පහර දී මුර පොළටද හානි කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
සිද්ධිය සැලවීමත් සමගම අක්කරේපත්තුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේ එම පිරිස ස්ථානාධිපතිවරයාට සෙසු පොලිස් කණ්ඩායමට කණ්ඩායමට ද පහරදී ඇත.
සිද්ධියෙන් එක් පොලිස් නිලධාරියකු බරපතළ තුවාල ද ලබා අම්පාර රෝහලට ඇතුළත් කර ඇත. පොලීසිය සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයකුගේ කකුලට වෙඩි වැදී ඇත.
නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත සහකාර පොලිස් වරයෙකු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 17
120
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
971
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2576
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අක්කරේපත්තුව ගැමියන්-පොලීසිය ගැටී ඕ.අයි.සී අතුළු 11කට තුවාල
කිරි පුතා Friday, 06 May 2022 02:57 PM
ඔය පැතිවල ඉන්න අන්තවාදීන් රටේ පවතින නීතියට හැමදාම අභියෝග කළා. පහුගිය කාලයක් තිස්සේ සිදුවුණු වැරදි තමයි ඒ... දැන් මේ රටේ පවතින අරාජික වාතාවරණය තුළ ඔවුන් තමන්ගේ අන්තවාදී අදහස් අනුව ක්‍රියාත්මක වෙනවා. මේවාට දැඩි තීරණ ගෙන වහා දඬුවම් කළ යුතුයි. නැත්නම් අනාගතයේ මොවුන් රටටම හිසරදයක් වෙනවා..