IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


අකුරු නොදනී- පැදුරු කවි දනී

මාතර නරවැල්පිට අලංකාරගේ එන්සිනා (82) දස දරු මාතාව ලස්සන රටා හා සිවු පද ඇතුළත් පැදුරු වියමනට දක්ෂය. ඇයට දරු මුණුබුරෝ 40 දෙනෙක් සිටිති. පාසල් අධ්‍යාපනයෙන් නොලබූ ඇය ”ගල් ඇහැ” හා ”තුන්හිරිය” පන්වලින් වියූ දුර්ලභ පැදුරු දෙකක් කෞතුක වස්තු ලෙස සලකා ගාලූ පුරාවිද්‍යා කාර්යාලයට බාර දෙන බව ගාලූ උරුමය පදනමේ සභාපති පරාක‍්‍රම දහනායක මහතා කියයි. මේ පැදුරු දෙක වසර පනහකට වඩා පැරණිය. ගල්ඇහැ පැදුරේ පෝරු කවිය මෙසේය. ”විල් තෙරේ මැද - මල් ගැබේ තුළ උතුම් පද්මා- වෙති උතුම් පින් බලේ පෙර - තාපසුන්ගේ අතට බිහි වුණු අනුහසින් කල් බලා බරණැස් පුරේ තර නිදුව පාවා දුන් බෙලෙන් මල් කලස් සිවු කොන තබාලා ඔවුන් පෝරුවෙ සිටුවමින්” තුන්හිරිය පැදුරේ වූ කවිය මෙසේය. වංගගිරියේ තපස් රකිනට නික්ම ගිය අප බෝ සතුන් නැංග රථයත් අසුන් දෙදෙනත් අතරමගදී පිනට දුන් රන් රිදියෙන් මුතු මැණිකෙන් සියලූ වස්තුව දනට දුන් මෙතුන් රත්නේ ඒ අනුහසින් මොවුන් හට ජය මංගලම්” නාග දරණ පේරාදෙණිය පාලම හා මල් කළහ යන පැදුරු තුනක් එන්සිනා මහත්මිය සතුය.



අදහස් (0)

අකුරු නොදනී- පැදුරු කවි දනී

නලීන් Wednesday, 11 January 2012 01:10 PM

ආච්චිඅම්මට මේවගේ දේවල් කිරීමට තව තව දහිරිය ලැබේවා..අපේ ආයුෂත් රගෙන ජීවත් වෙන්න වාසනාව ලැබේවා..

:       0       0

ලයනල් ගුණතිලක Wednesday, 11 January 2012 01:10 PM

ඔබ අපේ උරුමයන් රැකදීම වෙනුවෙන් නිවන් සුව ලැබේවා..

:       0       0

අමිතා Wednesday, 11 January 2012 02:19 PM

වෙන රටවල්වල නම්, මෙහෙම දෙවල්, එයාලගෙන් දැනගෙන ලිපි ලෙඛණගත කරනවා ඉදිරි පරපුර වෙනුවෙන්. ලංකාවේ අපේ අය කරන්නේ, ඒක ද? මෙතුමිය නැති දාක? 'ඉස්සර කාලෙනම්, එහෙමයි.. මෙහෙමයි..' කියල කියයි. ලංකාවේ දමිළ, මුස්ලිම් අය මේක කරනවා! ඉතිහාසයෙන් සිංහල දේවල් නැති වෙන්නේ මෙහෙමයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 680 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2350 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1728 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site