බාල වයස්කාර දැරියන් දෙදෙනකු කෙලෙසී යැයි සැකපිට රිමාන්ඞ් බාරයේ සිටින අකුරැස්ස ප‍්‍රාදේශීය සභා සභාපති සාරුව ලියනගේ සුනිල් සහ ඔහුගේ මස්සිනා ප‍්‍රියංග ඉඳුනිල් වික‍්‍රමසිංහ මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උදේශ් රණතුංග මහතා විසින් ලබන 20 වැනිදා තෙක් යළි රිමාන්ඞ් කරනු ලැබූහ. මේ දෙදෙනාට එරෙහිව පළමු දැරිය ළමාරක්‍ෂක අධිකාරියට බාර දුන් වීඩියෝව, දුරකථන ඇමතුම් විස්තර සුරක්‍ෂිතව තබන ලෙස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උසාවි ලේඛකාධිකාරීට නියෝග කළේය. දෙවැනි දැරිය කෙලෙසීම සම්බන්ධයෙන් ප‍්‍රසංග සඳරුවන් ධීවරයාද පොලිස් රාජකාරියට බාධා කළැයි කියන ලියනගේ කුසුම්සිරි නම් ත‍්‍රීරෝද රියැදුරාද යළි රිමාන්ඞ් කරනු ලැබූහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අකුරැස්ස සභාපතියි මස්සිනයි යළි රිමාන්ඞ්
අමිල කටුනායක Saturday, 11 August 2012 09:51 AM
හැමෝන අමනාප ඇති (අ)
තුසිත Friday, 10 August 2012 04:42 PM
දැන් නම් ඒ මොකවත් මතක නැතුවත් ඇති. (නි) (නි)
සුනිල් Friday, 10 August 2012 04:51 PM
ඡන්දය දුන්නු අයට නම් දැන් ආඩම්බර ඇති. (නි)
රිස්වාන් - සවුදි Friday, 10 August 2012 04:53 PM
දේශපාලනයට යළි පැමිණීමට නොහැකි වන ලෙසට කටයුතු කළ යුතුයි. (නි)
ඉරෝෂාන් Friday, 10 August 2012 04:57 PM
උපරිම දඩුවම් දෙන්න ඕන.. (ස)
පද්මි Friday, 10 August 2012 04:56 PM
ලංකාවේ සාමකාමීම ප්‍රදේශය දකුණයි. (නි)
ජගත් Friday, 10 August 2012 05:05 PM
රජ කාලේ දඩුවම් දිය යුතුයි.. (ස)
කීර්ති Friday, 10 August 2012 06:40 PM
ලංකාව ලොව සාමකාමීම රටයි. (නි)
නිරොෂාන් Saturday, 11 August 2012 11:07 AM
මෙයාලට බ්‍රසිල් නීතියට වඩා වැඩි නීතියකින් දඩුවම් දෙන්න ඕන.. (ස)
කපිල Friday, 10 August 2012 07:58 PM
තවත් මනාප වැඩියෙන් ලැබෙයි. මොකද මේක ලංකාවනේ. (නි)
මුතු Saturday, 11 August 2012 12:41 PM
මෙහෙම මිනිසුන්ටනේ අපි මනාපේ දෙන්නේ (දී)
ප්‍රදීප් Sunday, 12 August 2012 10:49 AM
අපිව රවට්ටන්නේ නතිව නිසි දඩුවම් දෙන්න (දී)
සම්පත් Saturday, 11 August 2012 01:08 PM
මෙයාලව අයින් කරන්නේ නැතුව තියන් ඉන්න අයව ඉස්සෙල්ලා අයින් කරන්න ඕන. (ස)
සංජීව Friday, 10 August 2012 10:08 PM
මේවා වෙන්නේ රටේ අවාසනාවටනේ. (නි)
වාසල Saturday, 11 August 2012 02:41 PM
කාලයාගේ ඇවෑමෙන් නිදොස්කොට නිදහස් වීමට දෙවි පිහිට ලැබේවා. (ස)
ගිමාල් Sunday, 12 August 2012 04:30 PM
ගණිකා මඩම් නීතිගත කළ යුතුයි. නැතහොත් එක් අයෙකුට කසාද කරගත හැකි ප්‍රමාණය පිළිබද සීමා ඉවත් කළ යුතුයි. (නි)
වරුන Friday, 10 August 2012 02:57 PM
මෙයාට දැන් සිද්ධිය අමතකවෙලාද දන්නේ නෑ..(ස)
කරුණාරත්න Saturday, 11 August 2012 07:41 AM
මොන දේ කරත් ඒ දරුවට උන වරද හදන්න බෑ නේද ? තව දරුවකුට එහෙම දෙයක් නොවෙන්න වැඩ කරන්න ඕනි . ඒත් එහේම වෙන පාටක් නෑ නේ . මොනා කරන්නද මන්දා...........(ස)
ගැමුණු Saturday, 11 August 2012 08:48 PM
මේවට සොබාදහම පිළිතුරු දෙයි..!!(නු)
රසික Sunday, 12 August 2012 06:36 PM
පව් නේ
මංගල Monday, 13 August 2012 09:10 AM
පවු. සභාපතිතුමා අහිංසකයි. (නි)
නිශාද් ප්‍රීනා Saturday, 11 August 2012 09:04 AM
චෝදනා ලබපු චූදිතයන්ගේ දරුවන්ට එහෙම වෙලා තිබුණනම් ඒ ගාල්ල මොනවගේ තත්ත්වයකට පත්වෙන්නට ඇතිද? දූෂනය කරපු අයට මොනවානම් කරලා ඇතිද? හිතලා බලන්න..!! (නු)
ෂෙරීෆ් Friday, 10 August 2012 04:08 PM
”ලංකාව ලොව සාමාකාමිම රටයි”(ස)
බමුණුසිංහ Sunday, 12 August 2012 07:00 PM
සොබාව ධර්මයෙන් උත්තර දෙන අලුත් ලොවක් හදන්න ඕනෑ. (නි)