(කාංචන කුමාර ආරියදාස)
අක්මා බද්ධය සඳහා ඉන්දියාවට ගිය පුංචි දරුවකු, මවක සහ පියකු ඩොලර් අර්බුදය නිසා එම රෝහලට අමතර මුදල් ප්‍රමාණයක් ගෙවා ගැනීමට නොහැකි වීම නිසා නැවත ලංකාවට පැමිණීමට නොහැකිව ප්‍රශ්නයකට මුහුණ පා ඇතැයි වාර්තා වෙයි.
මෙම මවගේ, පියාගේ සහ අක්මා බද්ධය සඳහා ගිය සිඟිති දරුවා ගේ විදෙස් ගමන් බලපත්‍ර එම පෞද්ගලික රෝහලේ කළමනාකාරීත්වය විසින් ලබාගෙන තිබීම නිසා මෙම තත්ත්වය උදාවී ඇතැයි පවසති.
ඉබ්බාගමුව පන්නල මහගම ප්‍රදේශයේ පදිංචි අයි.ජි .ප්‍රියන්ත ලලිත් කුමාර මහතා ඒ .ජි . චිත්‍රාංගනී ප්‍රේමසිංහ මහත්මියත් තම සිඟිති දරුවාට දරුණු අක්මා රෝගයක් වැළඳ එය සුවකර ගැනීම සඳහා සිදුකරන සැත්කමකට මීට මාස කීපයකට ඉහතදී ඉන්දියාවේ පෞද්ගලික රෝහල්කට ගොස් ඇත්තේ මෙරට ජනතාවගෙන් එකතු කරගත් රුපියල් එක්කෝටි තිස්පන් ලක්ෂයක මුදලක් ද රැගෙන බව ඔවුන් පවසති.
දිල්නෙත් දම්හිරු නැමැති මෙම පුංචි පුතාගේ අක්මා බද්ධය සිදුකොට ඇත්තේ සිය මවගේ අක්මාවේ කොටසක් ද උපයෝගී කරගෙන බවද එමෙන්ම මේ වන විට දරුවා සුව අතට හැරී මවත් දරුවාත් තවමත් ප්‍රතිකාර ලබන තත්වයේ සිටින බව කියයි.
ලංකාවේ රැගෙන ගිය එක් කෝටි තිස්පන් ලක්ෂයක මුදල ඉන්දියාවේන්දියාවේ චෙන්නායි පුද්ගලික රෝහලට ගෙවීම් සිදු කරද්දී මෙරට පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් එම මුදල ප්‍රමාණවත්වත් නොවී තවත් ඉන්දියන් රුපියල් හත්ලක්ෂ පනස් දහසක පමණ හිගයක් පවතින බව රෝහලෙන් මෙම මවට සහ පියාටට දැනුම් දී තිබේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අක්මා බද්දයට ඉන්දියාවට ගිය මවත්,පියාත් සිඟිත්තාත් හිර වෙයි
Jayasekara Thursday, 09 June 2022 09:38 AM
රටේම ඉන්න නලු නිලියන් ගෙන්නල.. හෙලුවෙන් නටවල බිර්ත්ඩෙ පාටීස් දාල .... සල්ලි නාස්තිකරන අර අහවල් නොදරුව වගෙ අයටත්.. කාල බීල සල්ලි නිරපරාදෙ නාස්තිකරන අපෙ ඉහල අය හිටගෙන ඉන්න පැලැන්තියෙ අයට කරන්න මෙන්න වැඩ....
Lakmal Thursday, 09 June 2022 11:20 AM
සම්බන්ද කරගතහැකි අංකයක් ලබාදෙන්න.