IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අක්මීමණ සභාපතිගේ වැඩ අත්හිටුවයි

අක්මීමණ ප්‍රාදේශීය සභාවේ සභාපති අනිල් ප්‍රියදර්ශන ජාගොඩ මහතාගේ ධූරය තාවකාලික අත්හිටුවමින් අද ගාල්ල මහාධිකරණ විනිසුරු කේ.බී.කේ.හිරිඹුරේගම මහතා නියෝගයක් නිකුත් කළේය.

මහාධිකරණ විනිසුරුවරයා මේ නියෝගය කළේ හියාරේ පදිංචි විජය ද අල්විස් නමැති පුද්ගලයකු විසින් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා පළමු වගඋත්තර කරු ලෙසත්, දෙවැනි වගඋත්තරකරු ලෙස දකුණු පළාත් ආණ්ඩුකාරවරයා හා අටවැනි වගඋත්තරකරු ලෙස අක්මීමණ ප්‍රාදේශීය සභාවේ සභාපති අනිල් ප්‍රියදර්ශන ජාගොඩ මහතා ඇතුළු වගඋත්තර කරුවන් අට දෙනකුට එරෙහිව ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට ගනිමිනි.

පෙත්සම් කරු අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අක්මීමණ සභාපතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා 31ක් සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍යවරයා විසින් කරුණු ඉදිරිපත් කැර ඇතත් සභාපතිවරයා සිදුකළ මූල්‍ය අක්‍රමිකතා සහ දූෂණ සම්බන්ධයෙන් තීරණයක් නොදුන් බවයි. පෙත්සම් කරු අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අක්මීමණ සභාපතිවරයා සිය ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කිරීමටත් පළාත් පාලන පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් කටයුතු කරන බැවින් ඔහුගේ ධූරය අත්හිටුවමින් මැන්ඩාමුස් රීට් ආඥාවක් නිකුත් කරන ලෙසයි.

පෙත්සම විභාගයට ගත් මහාධිකරණ විනිසුරුවරයා තීන්දුව නිකුත්කරනතුරු සභාපතිවරයාගේ ධූරය තාවකාලිකව අත්හිටවමින් පෙත්සම විභාගය ජුනි මස 09 වැනිදාට කල්තැබුවේය.



අදහස් (0)

අක්මීමණ සභාපතිගේ වැඩ අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 49 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site