
(අංජුල මහික වීරරත්න)
මහ කන්නයේ අක්කර 40,000කට බඩ ඉරිඟු බීජ නොමිලයේ ගොවීන් වෙත බෙදා දීම අද (20) සිට ඇරඹන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගීත්ව ව්‍යාපෘතිය( SAPP)යටතේ මෙම බීජ බෙදා දෙයි.
ඒ අනුව හම්බන්තොට, අනුරාධපුර හා මොණරාගල දිස්ත්‍රික්ක තුනේ අක්කර 40,000ක බඩ ඉරිඟු වගා කිරීම සඳහා අවශ්‍ය දෙමුහුන් බඩ ඉරිඟු බීජ නොමිලයේ දෙන බව අමාත්‍යාංශය කියයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන් 10,000කට හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 14,000කට ඉදිරි දින කිහිපය ඇතුලත බඩඉරිඟු බීජ දෙන බව SAPP ව්‍යාපෘතිය පවසයි.
එමෙන්ම බඩඉරිඟු වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 800ක් මේ වනවිට ඇනවුම් කර ඇතැයි ද එම යුරියා පොහොර ද බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට නොමිලයේ ලබා දීමට සැලසුම් කර තිබෙන්නේ යැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.
ඒ අනුව IFAD හෙවත් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල විසින් ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 360ක වියදමින් තායිලන්තයෙන් ආනයනය කරන ලද උසස් තත්ත්වයේ දෙමුහුම් බඩඉරිඟු විශේෂයක් වන පැසිපික් ප්‍රභේදය ගොවීන්ට නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අක්කර 40000කට බඩ ඉරිගු බීජ නොමිලේ බෙදයි