IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අක්කර දෙකේ වගාවටත් පතරොම් තුවක්කු

(අංජුල මහික වීරරත්න)

අක්කර දෙකක් වගා කරන ගොවීන්ටත් වන සතුන්ගෙන් වගා හානි වලක්වා ගැනීම සඳහා පතරොම් තුවක්කු ලබා දීමට නීති සංශෝධනය කරන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මේ වන විට පතොරම් තුවක්කු ලබා දෙන්නේ අක්කර පහකට වැඩියෙන් වගා කරන ගොවීන් සඳහා පමණි.

 මොරගොල්ලාගම, කටුපිටිගම, මූණමලේ වැව, බළල්ල ,බොරවැව,  නියඳගම හා නිකවැව  ප්‍රදේශ ගණනාවක ගොවි ගැටලු සාකච්ඡා කිරීමට පැමිණි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව කීය.

මෙහිදී ගොවි ජනතාව අමාත්‍යවරයාට පැවැසූයේ රිලව්, වල් ඌරන්, දඩු ලේනුන්ගේ  හානිය නිසා වගා අත් හරින තැනට පැමිණ ඇති බවයි.



අදහස් (6)

අක්කර දෙකේ වගාවටත් පතරොම් තුවක්කු

Bamunuarachchi Monday, 22 January 2024 10:53 AM

ඇමැතිතුමා, ඔය වැඩේ දැම්මම කරන්න එපා... ජෙප්පෝ තවත් සංදර්ශනක්‌ දමන්න සූදානම් බව දැනෙනවා. 1971,1989 ගෙවල් වල තිබුණු තුවක්කු ගත්තා මතකද? ත්‍රස්ත මර්ධනයට ඔබලාට ශ්‍රීමත් ප්‍රේමදාස මහතාට තිබුණු හැකියාව නොතිබුණු බව අපි දැක්කා. එහෙම පුළුවන් කමක් තිබුණා නම් අරගලය ලෙහෙසියෙන්ම මැඩ පවත් වන්න තිබුණ‍ා...

:       30       9

Samantha Monday, 22 January 2024 12:35 PM

බමුණු අදහස නිවැරැදියි කියන්න පුළුවන්.... ඒ සමග කියන්න ඕනෑ මොළේත් දසමාර සේනාවක් හදන්න සූදානම් වෙනවා.. ලාමොල් තමන්ගේ සංවිධායක කෙනෙක් කියලා මහින්දයියලා (ඔයැයිලා) කටයුතු කළොත් අනෙක් කිසිම පක්ෂයක කෙනෙකුට ලංකාවේ දේශපාලන කටයුතු කරන්න බැරිවේවි... ඊයේ දසමාර සේනාව හදනවා කිව්වා විතරයි... අද මයිනාගේ පැරණි ආසනයේ බෙලිඅත්තේදී අපේ ජනබල පක්ෂයේ නායක සමග තවත් හතරක් මරලා... ඒ නිසා ඔය අදහස ටිකක් කල් දමනවා නම් හොඳයි..!

:       0       10

sirisenaMonday, 22 January 2024 12:44 PM

බත් කන හරකෙක් වෙන්න එපා බමුණෝ .මෙච්චර තියෙද්දී තාමත් මුන්ට කඩේ යනවා උඹලා රටට සාපයක්

:       4       15

fairoosMonday, 22 January 2024 04:28 PM

නියම බයියෙක්... ළඟදී ළූණු කෑවද? දැන් සැපද? රට කාපු කාලකණ්ණින්ට තවත් කඩේ යනවා...

:       1       4

Amal Monday, 22 January 2024 08:33 PM

තව ටික දවසකින් පර්චස් දෙකක් තියෙන අයටත් පතරොම් තුවක්කු දෙනවා කියයි. මරු අමරේ...!!

:       0       0

Chandima Tuesday, 23 January 2024 07:49 AM

ගොවියෙක්ගෙන් වෙඩි කාලා මැරෙන්න තියන ආසාවේ හැටි ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site