තුසිත කුමාර ද සිල්වා
ඇඳිරිනීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වූ බස්නාහිර පළාතේ කළුතර කොළඹ ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක ඇතුළු සහ නිරෝධායන කාර්යයන් වෙනුවෙන් වසා දමා තිබූ ප්‍රදේශවල ජනතාවට රථවාහන දඩ පත්‍රිකා ගෙවීමට අවස්ථාව හිමි නොවීම හේතුවෙන් මැයි 11 අද සිට මැයි මස 29 වනදා දක්වා අතිරේක සහන කාලයක් ප්‍රකාශ කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.
ඒ අනුව කල් ඉකුත් වූ රථවාහන දඩ පත්‍රිකා ගෙවීම සඳහා අද සිට දිවයින පුරා සියලුම තැපැල් හා උප තැපැල් කාර්යාල සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා විවෘතව ඇති බවත් ගෙවීම් කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කළ හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව කියයි.
මෙම සහන කාලය පසුගිය මාර්තු මස පළමුවන දින හෝ ඊට පසුව නිකුත් කළ දඩ පත්‍රිකා සඳහා අතිරේක දඩමුදල් රහිත ගෙවීම් සිදුකළ හැකි අතර පෙබරවාරි මස 16 වන දින සිට පෙබරවාරි මස 29 දක්වා නිකුත් කර ඇති දඩ පත්‍රිකා සම්මත දඩ ගාස්තුව සහිතව ගෙවීම් සිදු කළ හැකි බවත් තැපැල් දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රධාන තැපැල් කාර්‍යාලය ප්‍රකාශකයකු වැඩිදුරටත් සඳහන් කරයි.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රථ වාහන දඩ ගෙවීමට සහන කාලයක්
Mahesh Sunday, 10 May 2020 10:54 AM
මේ දඩ ගෙවන එකට දැන්වත් නූතන තාක්ෂණය භාවිතා කරන්න. තාම යල් පැන ගිය තැපැල් ක්‍රමේ භාවිතා කර කර ඉන්නේ නැතුව. අන්තර්ජාලය හරහා වගේම දුරකථන හරහා මුදල් ගෙවන්න පුලුවන් කොච්චර ක්‍රම තියේද? ඒවා හදුන්වා දෙන්න. ගෙවූ සැනින් එතකොට යාවත්කාලීන වෙන්නම හැදුවා නම් කොච්චර පහසුද? පොලීසියේ අයටත් වැඩේ ලේසියිනේ.
de silva Monday, 11 May 2020 04:24 AM
මහේෂ් ලංකාවේ මේ තිබෙන ක්‍රම තව අවරුදු 50 කින්වත් වෙනස් වෙන්නේ නැහැ. පොලිසිය කැමති දඩ ගෙවීම සංකීර්ණ වෙන තරමට එතකොට මිනිස්සු රස්තියාදු වෙන්න අකමැති නිසා පොලිස් නිලධාරියට කීයක් හරි දීලා මාරුවෙලා යනවනේ.