IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ලබන සතියේ ඉන්ධන පෝලිම් අඩුවේවි


(ඩයනා උදයංගනී)

පවතින ඉන්ධන අර්බුදය ලබන සතිය වන විට යම් තරමකට හෝ පාලනය කිරීමට හැකිවනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්‍ෂණ අමාත්‍ය, මහින්ද අමරවීර මහතා පැවසීය.

පෙට්‍රල් නෞකාවක් මෙම මස 23 වැනිදා හා ඩීසල් නෞකාවක් 24 වැනිදා ලැබීමට නියමිත බව කී ඇමතිවරයා ඒවා බෙදාහැරීම ආරම්භ කිරීමෙන් පසු සියයට 100ක් නැතත් පවතින තදබදය යම් තරමකට අඩුවනු ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.

අත්‍යාවශ්‍ය සේවාවලට මෙන්ම කෘෂිකාර්මික, ධීවර ආදී කටයුතු ආදියට ප්‍රමුඛතාව දෙමින් මෙන්ම සලාක ක්‍රමවේදයක් හරහා එම ඉන්ධන බෙදාහැරීමෙන් අර්බුදය යම් තරමකට පාලනය කළ හැකි නමුත් ඉන්ධන එක්රැස්කිරීම් ආදිය පාලනය කිරීම සම්බන්ධයෙන් ගැටලු පවතින බව කීවේය.

එමෙන්ම ගෑස් අඩු මිලට ලබාදෙන සියෑම් සමාගමෙන් නොගෙන ඕමාන සමාගමකින් මිලදී ගැනීමට සිදුව ඇත්තේ සියෑම් සමාගම පොරොන්දු වූ දිනට ගෑස් ලබානොදුන් නිසා බව ද පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.



අදහස් (15)

ලබන සතියේ ඉන්ධන පෝලිම් අඩුවේවි

දාස Tuesday, 21 June 2022 05:48 PM

ඇයි ඔහේගෙ ගෙදර තියෙන තෙල් ටැංකියෙන් තෙල් දෙන හින්දාද? ඔය ඔලුව අතගාලා බලන්න අං එනවාද කියලා ...?

:       3       24

එච්.බි.රත්නායක - මොනරාගල Tuesday, 21 June 2022 06:15 PM

පච හලන්නේ නැතිව යන තැනක යන්න හලෝ... ගෑස් කතාව කියන්න බයියන්ට... ගෑස්වලින් කෙලපු හැටි දැන් කවුරුත් දන්නවා. තණමල්විල ගමට යන්නත් දැන් බැහැ නේද...? ගමේ මිනිස්සුන්ව මගහරින මේ මනුස්සයා රටේ මිනිස්සුන්ට මුහුණ දේවිද? තනියම ගමට යන්නවෙන දවසක් කාටත් එනවා. එදාට මෙයා සම්බෝල තමයි..!.

:       5       22

amarasiri Tuesday, 21 June 2022 06:19 PM

අනිවාර්යයෙන්ම මේ හාදයාගේ ගෙදර තෙල් හංගලා ඇති. දේශපාලනේට එන්න කලින් බස් කොන්දොස්තර කෙනෙක් නිසා තෙල් ගැනත්, තෙල්වලින් ගසාකන හැටිත් හොඳට දන්නවා. කතාකරන්න ගියාම නම් බබා... මුකුත් දන්නේ නැහැ. අමු බණ්ඩක්කා කාලා මිනිස්සුන්ගෙන් ලිස්සලා යන්න ලේසි වෙන්නේ නැහැ. දකිද්දීත් මගේ ඇඟේ මාලු නටනවා.

:       0       2

fairoos Tuesday, 21 June 2022 06:37 PM

මේ කාලකණ්ණින් රටට කරපු විනාශය...

:       4       18

chandima Tuesday, 21 June 2022 06:49 PM

ඒත් 21 පාස් නොකළොත් තව කල් යයි නේද?

:       3       11

Athula Tuesday, 21 June 2022 09:16 PM

සුනාමියෙන් මියගිය මිනිසුන්ගේ රත්තරන් බඩු හොරකම් කළ අය... අන්තිමට පණ අදින මව්බිමේ ඉතුරු ටිකත් කොල්ලකන නරුම රැල මේ...! 

:       3       14

Perera Wednesday, 22 June 2022 12:29 AM

මෙයා තෙල් ඇමැතිද? කෘෂිකර්ම ඇමැතිද?

:       0       1

Rohana Wednesday, 22 June 2022 06:55 AM

බොරු කියන්න එපා. ඇත්තටම මේ ඉන්ධන හිගය කාලයක් ඇදගෙන යන්න වෙයි. ඒකයි ඇත්ත. ඇත්ත කියන්න බැරිනම් නිහඩව ඉන්න.

:       0       2

Sunil Wednesday, 22 June 2022 08:04 AM

ලබන සතියේ අඩුවේවි. ලබන මාසෙදී අඩුවේවි. ලොකුගේ වගේ විකාර නොදොඩා වැඩේ කරන්න බැරි නම් කට වහගෙන ඉන්න. ජනතාව අතරට පැමිණිය හොත් තේරෙවි ජනතාවගේ වෛරය කෙබඳුද කියලා.

:       0       3

Bamunuarachchi Wednesday, 22 June 2022 08:39 AM

අඩුවීම නොවෙයි අපිට ඕනේ පෝලිම නැතිකරන්න. පෝලිම් තිබෙනවානම් ත්‍රීවීලර් අයට‌ වෙනම පෙ පෙට්‍රල් පෙඩ් නියම කරන්න.

:       4       2

nanda Wednesday, 22 June 2022 08:54 AM

ඔක්කොම බාලගිරි දෝශය තමා අද නොවේ හෙට හොදයි කිය කියා ඇදගෙන යනව රට එන්න එන්නම ප්‍රපාතයට එනව. විදේශ රටවල අපෙ රට ගැන කියන ‌ප්‍රවෘති අහන්නත් ලැජ්ජයි. බන්කොලොත් ශ්‍රී ලංකාව මෙහෙකාර සේවයට කාන්තාවන් යැවීමට වසස් සීමාව අඩු කර කියල කියනකොට හරිම ලැජ්ජයි. මෙ අහිංසක මිනිස්සු දුක් විදල එවන සල්ලි වලින් මුන් වැජබෙනව.

:       0       7

sharm warn Wednesday, 22 June 2022 09:49 AM

තෙල් නැව් දෙකක් එනවා කිව්වාම ඔක්කොම ප්‍රශ්න විසඳෙනවද? නැව් දෙකක අවශ්‍යතාවයක්ද අපිට තියෙන්නේ? මේ අයට ඡන්දෙ දුන්නු අය හොයලා කියන්නකෝ අපිවත් කිරිබත් ටිකක් ගිහින් දෙන්න.

:       0       3

ntdyapa Wednesday, 22 June 2022 05:39 PM

සියැම් නෙමෙයි වැඩේ ජෑම් වෙලා තියෙන්නේ...!

:       0       0

LGPJ Friday, 24 June 2022 09:22 PM

ඒක ඊළඟ වසරේදී සිදුවේවි...!!! 

:       0       0

Krishan Sunday, 26 June 2022 07:27 AM

මේ ගණන් වැඩිකරන විදියට කොහොමත් මිනිස්සු යන්නේ පයින්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 512 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 985 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1166 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 656 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 645 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 218 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1731 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site