(අමදෝරු අමරජීව)
කුඹුරු අක්කර තුනක් සඳහා බලපත්‍රයක් සකස් කර දීමට රුපියල් 30,000/-ක අල්ලසක් ගත් අග්බෝපුර ජනපද නිලධාරියා ලබන 26 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කන්තලේ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තුසිත ධම්මික උඩුව විධාන මහතා නියම කළේය.
මෙසේ බන්ධනාගාර ගත වුයේ කන්තලේ සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලයට අනියුක්තව අග්බෝපුර ජනපද නිලධාරි කාර්යාලයේ සේවයේ නියුතු ජනපද නිලධාරි ආර්.එම්.ගාමිණි රත්නායක (57) අය වේ.
සැකකරු මැදිරිගිරියේ පදිංචි අයෙකු වන අතර ඔහු තම කාර්යාලයේ දී ඉඩම් බලපත්‍රයක් සකස් කර දීමට රුපියල් 300,000/-ක අල්ලස් මුදලක් ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ වැටලිම් නිලධාරින් අධිකරණය හමුවේ පැවසීය.
වැටලීම් නිලධාරින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව සැකකරු ලබන 26 වැනි දා කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත්‍රිකුණාමලය බන්ධනාගාර අධිකාරිවරයාට මහේස්ත්‍රාත් නියෝග කළේය.
බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අල්ලස් ගත් ජනපද නිලධරයා රිමාන්ඩ්
Sanath Wednesday, 20 June 2018 08:59 AM
මේ මනුස්සය කොච්චර මෝඩද? විශ්‍රාම යන්න තව අවුරුදු 3 ක් වත් නැහැ. සල්ලි හදිස්සියක් නම් බැංකුවකින් ණයක් ගන්න තිබුණ. නැත්නම් දැන්ම විශ්‍රාම එක ඉල්ලලා මාස තුනකින් පාරිතෝෂිතය ලක්ෂ 10 ක් විතර ගන්න තිබුණ. දැන් ඉතින් පැන්සනුත් නැහැ. නඩුවෙන් වැරදිකාරයා වුනොත් අවුරුදු 10 කට වත් හිරේ ලගින්න වෙනවා.
wije Wednesday, 20 June 2018 10:31 AM
මේ ප්‍රවෘත්තිය ටිකක් පැටලිලි සහිතයි පැහැදිලි නැහැ. උඩින්ම කියලා තියෙනවා රු 30000ක් කියලා... පස්සේ කියලා තියෙනවා රු 300000ක් කියලා. ඇත්තටම අරන් තියෙන්නේ කියද?
Lapaya Wednesday, 20 June 2018 01:55 PM
ළුෑණු බිකක් වගේ කෝටි 3ක් වත් ගත්තා නම් පැන්ශන් යනකම් නිදහසේ ඉන්න තිබ්බා. 30000ක් වගේ සොච්චමක් ගත්ත නිසයි නිමාන්ඩ් වුණේ...