IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රාජ්‍ය ආයතන නිලධාරීන් 10 කට පශ්චාත් උපාධි සඳහා කොරියාවෙන් ශිෂ්‍යත්ව


විවිධ රාජ්‍ය ආයතනවලින් තෝරාගත් නිලධාරීන් දස දෙනකුට පශ්චාත් උපාධි (ශාස්ත්‍රපති/විද්‍යාපති) අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව දහයක් පිරිනැමීමට කොරියානු රජය තීරණය කර තිබේ. 
 
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ගේ හැකියා වර්ධනය කිරීමේ අරමුණින් සහ කොරියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක වේ. කොරියානු රජය වෙනුවෙන් ‘කොරියානු ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ආයතනය’ විසින් මෙම ශිෂ්‍යත්ව පිරිනැමෙනු ඇත. 
 
පාලනය, ග්‍රාමීය සංවර්ධනය, සෞඛ්‍ය සහ තාක්ෂණය සහ පරිසරය සහ බලශක්ති යන ප්‍රධාන ක්ෂේත්‍ර 4 ආවරණය වන පරිදි මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක වේ. 
 
කෘෂිකාර්මික නිෂ්පාදනය, ගෝලීය තොරතුරු සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්ති, ප්‍රජා සංවර්ධනය, කෘෂිකාර්මික ආර්ථික විද්‍යාව, ස්ත්‍රී පුරුෂ සමානාත්මතා නායකත්වය, ජල සම්පත් කළමනාකරණය, වායුගෝල පරිසරය, ආර්ථික සංවර්ධනය සඳහා නියාමන කළමනාකරණය යන විෂය ක්ෂේත්‍ර කෙරෙහි මෙම පශ්චාත් උපාධිවලදී වැඩි අවධානයක් යොමු කෙරේ. එමෙන්ම ශිෂ්‍යත්වලාභී රාජ්‍ය නිලධාරීන් දස දෙනාට කොරියානු කර්මාන්ත සහ සංස්කෘතිය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට ද අවස්ථාව හිමි වේ. 
 
‘කොරියානු ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ආයතනය’ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් සඳහා පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව පිරිනැමීම ආරම්භ කරන ලද්දේ 2005 වසරේදීය. 


එතැන් පටන් මේ වසර දක්වා රාජ්‍ය නිලධාරීන් 84 දෙනකු මෙම වැඩසටහන යටතේ පශ්චාත් උපාධි (ශාස්ත්‍රපති/ විද්‍යාපති) ලබාගෙන ඇත.  

(055) 


 



අදහස් (1)

රාජ්‍ය ආයතන නිලධාරීන් 10 කට පශ්චාත් උපාධි සඳහා කොරියාවෙන් ශිෂ්‍යත්ව

Amila Friday, 08 June 2018 09:05 AM

කෝ තරුණයෝ .......මෙතන වැඩි හරියක් ඉන්නේ විශ්‍රාම යන වයසේ අයනේ...................

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 136 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 145 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 124 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 343 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 727 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 132 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site