IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් කුඩා කර්මාන්ත මකර කටේ

(යොහාන් භාසුර)

විදුලි ගාස්තු සියයට 75 කින් ඉහළ දැමීමත් සමඟ ඉතිරි වී තිබෙන කුඩා කර්මාන්ත වැසීයෑමේ දැඩි අවධානමකට පත්ව ඇති බවත් ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි කර්මාන්තවල විදුලි ගාස්තු වැඩිවූයේ කෙසේදැයි පැහැදිළි කළ යුතු බවත් සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ ජාතික සංවිධායක නිරුක්‍ෂ කුමාර මහතා පැවසීය.  

ඉන්ධන අර්බුදය හේතුවෙන් කුඩා කර්මාන්ත සියයට 50 ක පමණ ප්‍රමාණයක් වැසී ගිය බව කී නිරුක්‍ෂ කුමාර මහතා කුඩා කර්මාන්තවලින් මීට පෙර විදුලි ඒකකයක් සඳහා අයකළ ගාස්තුව රුපියල් 50 කින් පමණ ඉහළ යන බව ද සඳහන් කළේය.

බොහෝ කුඩා කර්මාන්තවල රුපියල් 3,000 ක්ව පැවැති මාසික විදුලි බිල මෙම ගාස්තු ඉහළ දැමීමත් සමඟ රුපියල් 9000 ක් 10,000 ක් බවට පත්වන බවත් සත්ව ආහාර නිෂ්පාදනය සහ යෝගට් වැනි කර්මාන්ත දැඩි අර්බුදයකට පත්වන බවත් ඒ මහතා කීය.  

ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි කර්මාන්තවලින් සාමාන්‍යයෙන් ඒකකයකට රුපියල් 12 ක් පමණක් අයකළ බවත් ඒ මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (4)

විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් කුඩා කර්මාන්ත මකර කටේ

Bamunuarachchi Wednesday, 10 August 2022 06:49 PM

විදුලි බල මණ්ඩලයේ කෙරෙන නාස්තිය, දූෂණය, බෝනස් කෙරුවාවල් නැති කළොත් විදුලි ගාස්තු අඩු කරගන්න පුළුවන්. ඔන්න ඔය දුෂණ නැති කරන්න අරගල කරන්න. ඩයස්පෝරාවේ සල්ලි ඕනේ නැහැ අපි සල්ලි දෙන්නම් අරගල කරන්න.

:       5       5

podi mole Wednesday, 10 August 2022 07:33 PM

අනුන්ට බණ කිය කියා, අනුන්ට සල්ලී දීලා අරගල කරවන්න යන්නෙ නැතුව ඔහේම කරලා පෙන්නන් කෝ ඒ අරගලය

:       1       6

BamunuarachchiThursday, 11 August 2022 07:11 AM

රටේ අරගල කරවන්න වෙනම කොට්ඨාශයක් ඉන්නවා. එයාලා ගාව ගුරු අරගලයේදී සිවුරු දාගන්න සිවුරු තිබෙනවා. සිවුරු දාගත්ත අයම ගොවි අරගලයේදී අමුඩ ගහගන්න අමුඩ තිබෙනවා. එකට ට්‍රේන් වෙච්ච සෙට් එක ඉන්නවා . එයාලා ගාව අමුඩත් තියනවා සිවුරුත් තිබෙනවා. අපි මොකටද නිකන් පැට්‍රෝල් පුච්චා ගන්නේ? සල්ලි ටිකක් දීලා වඩේ කර ගන්නවා මිසක්. මොකද ඩයස්පෝරාවේ සල්ලි විතරද සල්ලි? අපේ සල්ලි, සල්ලි නොවෙයිද?

:       0       0

සිල්වා Wednesday, 10 August 2022 08:35 PM

විදුලි ගාස්තු වැඩි කිරීමෙන් බලාපොරොත්තු වන දෙයක් තමයි පරිභෝජනය අඩු කිරීම. කුඩා කර්මාන්ත වැසීයාම රජයට ප්‍රශ්නයක් නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 61 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 152 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 207 0

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 190 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 306 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 104 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site