IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තලේබාන් සංවිධානයට ආධාර කිරීම ගැන ඇමරිකානු රුසියානු මත ගැටුමක්

බී.බී.සී ඇසුරිනි - 055

ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානයට ආධාර කරන බවට නේටෝ සංවිධානය එල්ල කරන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කරයි.

''රුසියාව ඇත්ත වශයෙන්ම අන්තවාදී කණ්ඩායමට උදව් කරනවා" යැයි වොෂින්ටන් නුවරදී ජෙනරාල් කර්ටිස් ස්කැපරොටි පැවැසීය.


එම චෝදනා සියල්ල අසත්‍ය බව ඇෆ්ගනිස්තානයේ සිටින රුසියා විශේෂ නියෝජිත ෂමීර් කබුලෝව් කීවේය.

තලේබාන් සංවිධානය සාකච්ඡාවලට කැඳවා ගැනීම සඳහා ඔවුන් සමඟ තිබෙන සබඳතා සීමා කර තිබෙන රුසියාව මීට පෙර අවස්ථාවකදී ප්‍රකාශ කළේය. රුසියාව තලේබාන් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබෙන අතර 1990 වසරේ පැවැති සිවිල් යුද්ධයේදී රුසියාව තලේබාන් සංවිධානයට එරෙහිව සටන් කළ උතුරු මිත්‍රත්ව හවුලට සහයෝගය දුන්නේය.

කෙසේ නමුත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානයට එරෙහිව කරන සටනේදී තලේබාන් සංවිධානයේ සහ තම අරමුණු එකිනෙකට සමපාත වන බව රුසියාව සඳහන් කළේය.

ඒ කෙසේ වෙතත් ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් සභාවේ හමුදා සේවා කමිටුව ඉදිරියේ අදහස් දක්වමින් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ යුරෝපයේ උත්තරීතර සම අණදෙන නිලධාරී ජෙනරාල් කර්ටිස් ස්කැපරොටි තලේබාන් සංවිධානයට සහයෝගය දෙන බවට රුසියාවට චෝදනා කළේය. ජෙනරාල් කර්ටිස් ස්කැපරොටි ඇමෙරිකා හමුදාවේ තරු හතරේ ජෙනරාල්වරයකුද වේ.

''මෑතකාලීනව රුසියාව තලේබාන් සංවිධානයට සහයෝගය දක්වන බව මට පෙනී ගොස් තිබෙනවා. සමහර විට ඔවුන් ආයුද සපයනවා වෙන්නත් පුළුවන්" යැයි ජෙනරාල් කර්ටිස් ස්කැපරොටි සෙනට් සභාව හමුවේ කීවේය. කෙසේ නමුත් ජෙනරාල්වරයා එම තොරතුරට සහාය වන වෙනත් කිසිදු තොරතුරු හෝ සාධක ඉදිරිපත් කළේ නැත.
 
 



අදහස් (1)

තලේබාන් සංවිධානයට ආධාර කිරීම ගැන ඇමරිකානු රුසියානු මත ගැටුමක්

sam Sunday, 23 April 2017 07:19 AM

"කලකදි රස කලකදි වස වෙනවාලු" කියන්නේ මේකට තමයි. රුසියාව 70 දශකයේ ඇෆ්ඝනිස්තානය ආක්‍රමණය කරනකොට ඊට එරෙහිව ඇමරිකානු සහයෝගෙන් බිහි වෙච්ච ඒවා තමයි මුජහදීන්, තලෙයිබාන් සහ අල්කයිඩා.... ඇමෙරිකාවෙන්ම දීපු ආයුධ වලින් තමයි තවමත් ඔවුන් ඇමරිකාවට ගහන්නේ.

:       3       35

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 4 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 141 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 562 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 147 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 208 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 582 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site