IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රත්මලානට ආ අමුත්තන් තිදෙනා

(රේඛා තරංගනී ෆොන්සේකා)

යුරෝපා රටවල කෘෂිකාර්මික කටයුතු සහ ලැව් ගිනි නිවීමේ කටයුතු සඳහා යොදා ගැනෙන ඕස්ට්‍රේලියා එයාර් ට්‍රැක්ටර් (Air Tractor) AT-802 ගුවන් යානා තුනක් රත්මලාන පිහිටි කොළඹ ගුවන්තොටුපොළට අද අලුයම 3.25 ලඟා විය.

ගිම්හාන කාලයේ යුරෝපා වනාන්තරවල ලැව් ගිනි නිවීමේ කටයුතුවල නිරත වීම සඳහා ඔස්ට්‍රෙලියාවේ සිට තුර්කිය බලා යන ගමනේදී කොළඹ ගුවන්තොටුපොළට පැමිණි බව රත්මලාන ගුවන්තොටුපොළ කළමණාකාර අරුණ රාජපක්ෂ මහතා පැවසීය.

ඒ යටතේ (Air Tractor) AT-802 VH-JQW, සහ VH-FZV,VH-CKS මෙරටට පැමිණි ගුවන් යානා විය.

එම ගුවන්යානා සඳහා ඉන්දන සැපයිමද රත්මලානෙදී සිදු කෙරෙණ අතර එම ගුවන්යානා සදහා අවශ්‍ය තාක්ෂනික බිම් මෙහෙයුම් කටයුතු සිදුකරන ලද්දේද රත්මලාන ගුවන්තොටුපළ තුළ ස්ථාපිතව ඇති බිම් මෙහෙයුම් (Ground Handling) අංශය මගින් වීම විශේෂත්වයකි.

මෙම ගුවන් කටයුතු සඳහා ජාත්‍යන්තර ගුවන් යානා රත්මලානට පැමිණිම රට තුල ඇතිව තිබෙන ඩොලර් ගැටලුවට එය කදිම ආදායමක් බව ගුවන්තොටේ කළමනාකාරවරයා පැවසී.

ගුවන් යානා තුනෙන් මෙරටට ලැබෙන ආදායම  ඩොලර් දොළස්දාහක් වන අතර එම ගුවන්යානා එක්දිනක් මෙරට රැදී සිටීමට නියමිත බව කළමණාකාර අරුණ රාජපක්ෂ මහතා පැවසීය.

දීර්ඝ ගුවන් ගමන්වල යෙදෙන එවැනි ගුවන් ට්‍රැක්ටර් විවේක් ගැනීම සඳහා රත්මලාන ගුවන් තොටුපළ තෝරාගැනීම සිදුකරන බව සඳහන් කළ ඒ මහතා ඉදිරියේ දී වෙළඳ යානා කිහිපයක් ම රත්මලානට පැමිණීමට නියමිත බව පැවසීය.

 



අදහස් (12)

රත්මලානට ආ අමුත්තන් තිදෙනා

Eranga Sunday, 05 June 2022 12:29 PM

හිඟමනට වැටිලා තියෙන තරම කියන්නේ ඩොලර් 12000ත් දැන් ලොකුවෙලා..

:       1       11

ravin Sunday, 05 June 2022 12:51 PM

නියමයි...! ඒත් ඉතින් ඔය හොයන ඩොලර්වලින් පිස්සු නටන අය ඉන්න රටේ මොවුන්ගේ මහන්සිය හූරා කනවා නේද?

:       1       4

C.K.Lankaputhra Sunday, 05 June 2022 12:53 PM

ගුවන් යානයක් ගුවන් තොටුපළකට පැමිණිමත් මහ ලොකු දෙයක් වෙලා... අනේ අපේ රටට ගිය කළක්... සෞභාග්‍යයේ ප්‍රතිඵල.

:       1       13

sena Sunday, 05 June 2022 01:53 PM

ඩොලර් 12000ක්... අම්මෝ රටම ගොඩ යයි...!

:       1       10

de silva Sunday, 05 June 2022 02:42 PM

රටේ මගී ගුවන්යානාවලට තෙල් හිඟ මේ අවස්ථාවේ, කොහෙවත් යන ට්‍රැක්ටර් වලට තෙල් ගහන්න අවශ්‍යද? මේවා ඉන්දියාවට යවන්න තිබුණා.. විදේශ ශ්‍රමිකයන්ට විදේශගත වෙන්න. සංචාරකයන්ට රටට එන්න මගී ගුවන්යානාවලට තෙල් සපයන එක වැදගත් බව මෙයාලාට තේරෙන්නේ නැද්ද?

:       5       3

කිර පුතා Sunday, 05 June 2022 04:08 PM

මම හිතුවේ අරයා ආපු ගමන් මේකෙත් වී ගබඩා කරයි කියලා...!

:       0       2

Mo77 Sunday, 05 June 2022 07:01 PM

ඉන්ධන සහ සේවා සපයමින් ලබාගත් ඩොලර් දොළොස් දාහ ගැන කතා කරනවා. විදේශ ශ්‍රමිකයන් ලංකාවට එවන්නේ කිසිම වියදමක් නැතුව හිමිවන ඩොලර්. අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ කිසිම රජයකින් කිසිම සහනයක් එම සේවකයන්ට ලැබුනේ නෑ. දැන් ඔවුන් ලංකාවට මුදල් එවන්නේ නෑ ඔවුන් කරන්නේ එම රටවල ආයෝජනය කරනවා සමහර රට වල බැංකුවල ඒ මුදල් තියාගන්නවා උණ්ඩියල් වලින් සල්ලි එවනවා. සමහරු හිතන්නේ ඔවුන් ගියාද වලින් සල්ලි එව්වම ඒකෙන් වෙන්නේ ලංකාවට භාණ්ඩ ආනයනය කරන එක කියලා. නමුත් ඇත්තටම මේ ඩොලර් පාවිච්චි කරලා වෙන රටවල් වලට භාණ්ඩ ආනයනය වෙනවා ඩොලර් වෙනුවට ඩොලර් ගෙවන අයට ලංකාවේදී රුපියල් ලැබෙනවා. භාණ්ඩ ආනයනය වෙන්නේ තවත් විදේශ රටකට.

:       0       3

ගමයා Sunday, 05 June 2022 10:09 PM

උඩින් ට්‍රැක්ටරයක් ආපු එකත් නිව්ස් එකක් වෙලා. ඩොලර් වලට කහින නෝන්ජල් ජාතියක් බිහිකල දේශපාලුවන්ට හත්මුතු පරම්පරාවකට විඳවන්න මේ කරපු විනාසය ඇති.

:       0       9

Malika Monday, 06 June 2022 10:31 AM

අර කට්ටියට මේවායේ නැගලා පැනලා යන්න බැරිද?

:       2       3

sachith Monday, 06 June 2022 11:22 AM

මේවගෙම ටිකක් ගිය සතියේ හම්බන්තොටට ආවා.

:       0       0

Aravinda Monarawila Monday, 06 June 2022 01:21 PM

වසරකට ඩොලර් මිලියන අටදහක වෙළඳ ප්‍රාග්ධනයක් තියෙන රටේ අහම්බයෙන් ලැබුණු ඩොලර් 12000 ගැන විකාර කියවනවා. ඕක අපේ වාර්ෂික ආනයන, අපනයන පරතරය පියවාගන්න අලගු තියන්නවත් මදි. ඔය වගේ සුරංගනා කතා කියලා ජනතාව රවටන්න හදන්නේ නැතිව හිඟ ඩොලර් මිලියන 8000 පියවාගන්න සාර්ථක ක්‍රමයක් යෝජනා කළ යුතුයි...

:       1       3

Prase Monday, 06 June 2022 03:11 PM

ඩොලර් 12000 ලැබෙනකොට නිලධාරීන්ගේ වියදම ඩොලර් 24000.. ඒකත් බංකොළොත්...

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 56 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 496 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 482 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 272 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 500 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 2536 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 326 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site