(හර්ෂණ තුෂාර සිල්වා)
අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානය(ආසියාන්) ආරම්භ කර වසර 52ක් සැපිරීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් කොළඹ ඉන්දුනීසියානු තානාපති කාර්යාල පරිශ්‍රයේදී අද (8) පෙරවරුවේ පැවැත්විණි.
මෙහිදී ආසියාන් සංවිධානයේ ධජය ඔසවන ලද අතර ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති ගුස්ති න්ගුරා ආර්ඩියාසා මහතා පිළිගැනීමේ කතාව කළේය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චුලමනී චාර්ට්සුවාන් මහත්මිය අදහස් දැක්වූවාය. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ඉන් අනතුරුව අදහස් දැක්වීය.
තායිලන්තය ආසියාන් සංවිධානයේ වත්මන් සභාපතීත්වය හොබවයි.
1967 වසරේ අගෝස්තු 8 වැනිදා තායිලන්තයේ බැංකොක් අගනුවරදී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානය (ආසියාන්) සංවිධානය ආරම්භ කරන ලදි. අග්නිදිග ආසියානු රටවල විදේශ අමාත්‍යවරුන් පස් දෙනකුගේ සහභාගීත්වයෙන් ආසියාන් සංවිධානයේ පළමු හමුව පැවැති අතර එහිදි බැංකොක් ප්‍රකාශනයට ද අත්සන් තබන ලදි. කලාපයේ සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය සඳහා කැපවීම කෙරෙහි එහිදි අවධානය යොමු කරන ලදි.
ආසියාන් සංවිධානය අද වනවිට කලාපයේ රටවල් අතර ආර්ථික, දේශපාලන, හමුදා සහ ආරක්ෂක, අධ්‍යාපන සහ සමාජ හා සංස්කෘතික අංශ අතර සහයෝගීතාව වැඩි කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇත.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු, ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් ටැන් යැන්ග් තායි, මියන්මාර තානාපති හන් තු යන මහත්වරුන් වියට්නාම තානාපතිනි පන් කියු තු හා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් යන මහත්මීහු, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘ආසියාන්’ සංවිධානයට 52යි