IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


බංග්ලාදේශ ක්‍රීඩාගාරයේ වීදුරු බිඳීම ගැන සොයයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති නිදහස් කුසලාන තරගයේදී ඇතිවූ උණුසුම් තත්ත්වය අතරතුරදී බංග්ලාදේශ ක්‍රීඩක විවේකාගාරයේ වීදුරු බිඳී ගොස් තිබේ.

එම අවස්ථාවේදී සිදුවූයේ කුමක්ද යන්න සී.සී.ටී.වී දර්ශන නරඹා තමන්ට වාර්තාවක් දෙන ලෙස තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කළ එංගලන්තයේ හිටපු ටෙස්ට් ක්‍රීඩක ක්‍රිස් බ්‍රෝඞ් මහතා ක්‍රීඩාංගණ බලධාරීන්ට උපදෙස් දී තිබේ.


තරගයේ අවසන් ඕවරයේදී ඇතිවූ මතභේදයක් හේතුවෙන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ පිටිය මැදට විත් ඝෝෂා කරන්නට වූහ. මෙම අවස්ථාවේදී ක්‍රීඩාගාරයේ වීදුරු බිඳුණාද නැතහොත් තරගය ජයගැනීමෙන් පසුව පැවැති ජයග්‍රහණය සැමරීමේදී වීදුරු බිඳුණාද යන්න පරීක්‍ෂණ කෙරෙමින් පවතී. 

ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි

වැඩිදුරටත් විස්තර දැනගැනීමට  www.kelimandala.lk  වෙත පිවිසෙන්න.



අදහස් (15)

බංග්ලාදේශ ක්‍රීඩාගාරයේ වීදුරු බිඳීම ගැන සොයයි

M sunilperera Saturday, 17 March 2018 04:51 AM

අයි.සී.සීය මේ ගැන සොයාබලා නිසි ක්‍රියාමාර්ග සහ වරදකරුවන්ට නිසි දඬුවම් පැමිණවිය යුතුයි. මගේ අදහස නම් බංග්ලාදේශය සමග නැවත ක්‍රිකට් ක්‍රීඩා කිරීම අනවශ්‍ය බවයි.

:       373       460

sarath Saturday, 17 March 2018 05:10 AM

මහේල, සංග‍ා, දිල්ශාන්, සනත් නැති අඩුව හොඳට පෙනෙනවා. අන්තිම ඕවරය ගොඩ දාගන්න පුළුවන් වුනා නම් බංගලි මේ වගේ හරක් තාලෙට නටන්නේ නැහැ. ඕවට අතින් පයින් ගහල වැඩක් නැහැ. තරඟ දිනලම පෙන්වන්න ඕනේ. කොහොම වෙතත් බාල හැසිරීමක්...

:       64       310

amila kavinda Saturday, 17 March 2018 05:13 AM

ලංකාවේ කොල්ලෝ තරගය පැරදුණත්, මහත්මා ගතියෙන් යුතුව පරාජය බාරගත්තා. බංගලාදේශ මිනිසුන් එක්ක බලද්දි අපි දිනුම්... !!!

:       0       447

Daham Saturday, 17 March 2018 07:13 AM

අපේ අය කරලා බංග්ලාදේශ පිටින් යවන්න හදන්නේ .

:       2       0

Thilina Saturday, 17 March 2018 07:16 AM

මේ ප්‍රහාරය කලේ බංග්ලාදේශ ඇඳුම් ඇඳගත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක පවසයි

:       0       0

Jagath munasingha Saturday, 17 March 2018 08:03 AM

අයියෝ ක්‍රිකට් වලට ගිය කලක්...

:       3       56

ලුම්බිණි Saturday, 17 March 2018 08:31 AM

මේ ගැන කලබල විය යුතු නැත. මොකද බංග්ලාදේශයෙන් ආපු අයබව මේ ගොල්ලන් තහවුරු කරලා තියෙනවා...

:       0       120

විකුම් රංගන Saturday, 17 March 2018 08:40 AM

පුස්සන්ව කරලියට ගෙනැල්ලා, දක්ෂයින්ව කනට ගහලා පන්නන කොට ඔහොම වෙලා මදි. ළඟදීම ඇෆ්ගනිස්තානයෙනුත් කන්න වෙයි... බඩ පිරෙන්නම. තවමත් ක්‍රිකට් පිටියේ රැඳී සිටීමට ඕනෑවටත් වඩා සුදුසුකම් ඇති සංගක්කාර, මාලිංග වගේ දැවැන්තයින් ඉදිරියේ ක්‍රිකට් ලෝකයම හිස නමන විට, කුහකයින්ගේ රටේ, ඔවුන්ට තියන තැන ගැන මෙතන අමුතුවෙන් ලියන්න ඕන නැහැනේ....

:       321       436

Ganganath Shanmugalingam Saturday, 17 March 2018 08:55 AM

ශ්‍රී ලංකාවට ජයවේවා !!! 

:       181       238

Mahesh jayawickrama Saturday, 17 March 2018 09:16 AM

මැච් එකක් බලපු කාලයක් මතක නැහැ. ඒත් ලංකාවේ ක්‍රිකට් ටීම් එකක් තියෙනවා කියලා ලෝකේ අස්සක්, මුල්ලක් නෑරම දන්න එක ගැන ආඩම්බරයි. අපි මැච් බලපු කාලේ.... සනත්, අර්ජුන, මහානාම, කළුවිතාරණ, අරවින්ද ක්‍රීඩා කළ ආකාරය තවමත් මතකයි. ඒ කාලෙ අපි කළු, සුදු රූපවාහානිය ඉස්සරහ ගමේම කොල්ලො, කුරුට්ටෝ එකතු වෙලයි මැච්එක බැලුවේ. උණ ගහට බැඳපු ඇන්ටනාව කරකවලා මැච් බලපු ඒ කාලෙත් සුන්දරයි. හිටිය ක්‍රීඩකයිනුත් සුන්දරයි. බලපු මැච් අති සුන්දරයි. ආයෙත් එන්නේ නැහැ ඒ වගේ කාලයක් ලංකාවේ ක්‍රිකට් වලට... කාලය මැවු වෙනසක අරුමේ...

:       0       79

dayan Saturday, 17 March 2018 10:23 AM

තරගයේ තීරකවරයාගේ දඬුවම කුමක් වුවත් වැරදි කරුවන් නීතිය හමුවට ගත යුතුයි. හානියට අලාභය දීම වෙනම දෙයක්. වරදට ලංකාවේ නීතියෙන් වැරදි කරුවන්ට දඬුවම් කළ යුතුයි.

:       0       95

kanishka Saturday, 17 March 2018 10:29 AM

සිදුවූ හානියට අලාභය පමණක් ලබා ගන්නේ නම් අප රටේ තිබෙන නීතියෙන් වැඩක් නැත. මේ යහපාලන රාජ්‍යයෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ සැමට සාධාරණ නීතියකි.

:       0       71

Nash Saturday, 17 March 2018 11:09 AM

මැච් දිනුවට බංගලි තාම සිවිලයිස් වෙලා නැහැ. සරම අමුඩෙ ගහලා ඊට උඩින් කලිසම අඳින කට්ටියනේ...

:       1       130

Bimal Sunday, 18 March 2018 04:59 AM

ආයෙත් මේ පැත්ත පළාතේ ගෙන්වන්න එපා. ඒ අතින් පකිස්තානයේ ක්‍රීඩකයන් බොහොම හොඳයි.

:       0       0

සතයපාල Sunday, 18 March 2018 05:11 AM

බංගලියන්ට ඕන උනේ වංචාවෙන් හරි තරගය දිනන්නයී ඒක බැරිවෙන විට කලබල කෙරුවා අන්තීමට අපේ අය තරගය පුජා කලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 527 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1003 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1191 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 667 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 657 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 223 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site