IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘‘වරාය නගරයට වෙනම නීති ‘‘

(රංජන් කස්තුරි)

නාගරික සංවර්ධන අධිකාරි පනත, මහ නගර සභා ඇඥාපනත හා ආයෝජන මණ්ඩල පනත ඇතුළු මේ වන විට රටේ ක්‍රියාත්මක පනත් හතක නීති රෙගුලාසි කොළඹ වරාය නගරය තුළ බලාත්මක නොවන බව ‘‘කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ‘‘ සඳහන් වේ.

මීට අමතරව රටේ පවතින තවත්  පනත් 14කින් කොළඹ වරාය නගරයේ ව්‍යාපාරවලට සහන සලසාදිය හැකි බවත් එම පනත් කෙටුම්පතේ සඳහන් වේ.

ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනත, මහ නගරස සභා ආඥාපනත 2000 අංක 44 දරන ශ්‍රී ලංකා වානිජ සමථ මධ්‍යස්ථාන පනත, නගර හා ග්‍රාම නිර්මාණ ආඥාපනත ද 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත 1987 අංක 3 දරන පොදු කොන්ත්‍රාත් ගිවිසුම් පනත සහ ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය පනත යන පනත් කොළඹ වරාය නගරයට අදාල නොවන බව ද එම පනත් කෙටුම්පතේ සඳහන් වේ.



අදහස් (10)

‘‘වරාය නගරයට වෙනම නීති ‘‘

Ratawasiya Sunday, 11 April 2021 03:14 PM

හොඳ හොඳ චීන සෙල්ලම් එළිවෙයි යාමෙට

:       4       11

Perera Sunday, 11 April 2021 06:25 PM

චීනෙට ඕන විදිහෙ නීති වෙන්න ඇති මගේ හිතේ

:       5       15

chandima Sunday, 11 April 2021 07:42 PM

ඒ කියන්නේ ලංකාවේ කෑල්ලක් නෙමෙයි ද? එහෙමත් නැති නම් ලංකාවේ ව්‍යාපාර කරන පුරවැසියන්ට නැති විශේෂ පහසුකම් මේ භූමියේ ව්‍යාපාර කරන කෝටි ප්‍රකෝටි ව්‍යාපාරිකයන්ට ලැබෙනවා කියන එකද?

:       5       19

Thasanka Weerakoon Monday, 12 April 2021 05:03 AM

එකේ ඇතුලේ සිංගප්පූුවේදී තියන දැඩි නීති ගෙන්න ඕනේ.. අපේ වගේ ස්වයං විනයක් නැති අය හදන්න පුළුවන් වෙන්නේ විදියට තමා.. නැතිනම් වරාය නගර ව්‍යාපෘතිය වගේ වෙයි..

:       3       25

Thisara Monday, 12 April 2021 05:50 AM

ඇත්තටම හොඳයි

:       9       10

Rata Perata Monday, 12 April 2021 06:58 AM

මේකත් මිනිස්සුන්ට පස්සේ තේරෙයි... මේක විසි වැනි සංශෝධනය වගේම භයානකයි.. කවදා හරි චීන්නු රටේ තීරණ ගන්න ආව දවස තේරෙයි. එතකොට මේ රටේ ඉන්න ඇමෙරිකන් කාරයෝ තමන්ගේ රටවල් වලට පනි. අපිට තමයි විදවන්න වෙන්නේ...

:       9       83

PereraMonday, 12 April 2021 07:15 PM

රටේ ඉන්න බොහෝමයක් හරක් නොවේ. හරක් බඳින කණු. ඒ අයට කවදාවත් ඕක තේරෙන්නේ නැහැ.

:       1       1

Demuni Uduwara Tuesday, 13 April 2021 01:57 AM

එක රටක්... එක නීතියක්.. සියලු දෙනාම දේශද්‍රෝහීන්...

:       1       0

Bamunuarachchi Saturday, 17 April 2021 06:19 AM

විරුද්ධ වෙන පාර්ශව මේ ගැනත් හිතා බලන්න. අපි චීනාට දුන්නේ අක්කර ගණනක මුහුද පමණයි. එය ගොඩකර වෙළඳ නගරයක් කිරීමේ ඩොලර් මිලියන ගණනක වියදම් දැරුවේ චීන රජයයි. එසේ ගොඩනගපු වෙළඳ නගරයේ පාලනයට නීතිපද්ධතියක් ඕනේ නේද? අපේ රටේ නීතිය කොල්ලා බල්ලා අනුව වෙනස්වන බව ඔබලත් දන්නවා.., අපිත් දන්නවා, චීනත් දන්නවා. හෙල්මට් නැතුව මෝටර් සසිකලයේ යන හම්බයාගේ ඔලුවට හෙල්මටය ඔබන්න බැරි නීතිවලින් මේ වෙළඳ නගරය පාලනය කරන්න බැරිබව චීනා දන්නවා අපිත් දන්නවා. එසේ නම් නගරය පාලනය වෙන්න අලුත් නීති පද්ධතියක් ඕනේ නේද? එය වෙළඳ නගරය අයිති කරුවන්ට වුවමනා විදිහට හැදෙනවා මිස අපිට ඕනේ විදිහට කෙරෙන්නේ නැහැ නේද? අනික ඕවා තීන්දු වෙන්න ඇත්තේ වෙළඳ නගරය හදන්න පළමුව මෙපමණ කලක් ඔබලා ඔය ගැන දැනගෙන සිටියේ නැද්ද?

:       0       0

සෙනෙවිරත්න Sunday, 18 April 2021 01:17 AM

ඒ වෙලෙන්දා, බූරුවා ගසමින්, කසිප්පු කුඩු ආයුධ, විකුණමින් අවට අයට වහසි බස් කියමින් සිටියොත් අසල්වැසියාාගේ සෞඛ්‍යයට යහපතක් වේවිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 160 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 363 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 416 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 287 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 390 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 139 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site