IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘‘බොරැල්ලේ දෙවස්ථාන සහ ඇපලෝ රෝහලේ බෝම්බ සිද්ධිය සමානයි‘‘

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

බොරැල්ල දේවස්ථානයේ දී  සිදුවී ඇත්තේ ඇපලෝ රෝහලේ වූ ආකාරයෙන්ම සිද්ධියක් යැයි මහජන ආරක්ෂක ඇමති රියාද් අද්මිරාල් සරත් වීරසේකර මහතා බව පවසයි.

අත්අඩංගුවට පත්ව ඇති සැකකරු මාස 10ක කාලයක් එම දේවස්ථානය සේවය කළ පුද්ගලයකු බව ද ඔහු සිද්ධිය පිළිගෙන ඇති බව ද  ඇමැතිවරයා සඳහන් කළේය.

පොලිසියට ලබා දිය යුතු තොරතුරු පොලිසියට ලබා නොදී මාධ්‍යයට ලබා දීමෙන් එම අපරාධයන්ට අදාළ සැකකරුවන් හැංඟෙන බැවින් එය පොලිස් පරීක්ෂණ පවත්වා ගැනීමට බාධාවක් බව ද කීය.

බෝම්බය රැගෙන ආ බව කියන පුද්ගලයා විසින්ම එය පෙන්වා දී ඇතැයි ඇමැතිවරයා පෙන්වා දුන්නේය. බිම තිබූ බෝම්බය අල්තාරයමතින් තිබ්බේ තමන් බවට ඔහු පිළිගෙන ඇති බව ඇමැතිවරයා සඳහන් කළේය.

සැකකරුගේ කාමරේ ගිනිකූරු හඳුන්කූරු ටේප් ආදිය ද තිබී හමුවී ඇතැයි ප්‍රකාශ කළ සරත් වීරසේකර මහතා මෙම පරීක්ෂණ සිදුවන ආකාරය වැරදියි කියන එක වැරදි ප්‍රකාශයක් බව අවධාරණය කරනු ලැබීය.

පොලිසිය ගැන විශ්වාසය නැති වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම නිසා පොලිස් පරීක්ෂණ පවත්වාගෙන යාම මහත් ගැටළුවක් වනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ නුංගමුව නව පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.

 



අදහස් (14)

‘‘බොරැල්ලේ දෙවස්ථාන සහ ඇපලෝ රෝහලේ බෝම්බ සිද්ධිය සමානයි‘‘

Sunil Friday, 14 January 2022 02:40 PM

පොලිසිය ගැන නම් අපිට කොහෙත්ම විශ්වාසයක් නැහැ.

:       139       124

JudeFriday, 14 January 2022 03:26 PM

අගරදගුරු ඇතුලු කණ්ඩායම ගැනත් එච්චරම තමයි. උන්දැලාත් අර බොරුවක් කියල පොලිසියෙ සෙට් එකක් හිරේ දාන්න දත කෑවෙ කාලයක්.

:       4       0

Mama Friday, 14 January 2022 02:52 PM

බොහෝදුරට මේ දේශපාලකයාගේ ප්‍රකාශ සත්‍යයෙන් තොරවිය හැකියි...

:       162       129

BamunuarachchiSaturday, 15 January 2022 08:07 AM

දේශපාලකයොත් බොරු කියනවලු, පොලිසියත් විශ්වාස නැතිලු, අධිකරණයත් විශ්වාස නැතිලු, දෙවියොත් බෝම්බේ පිපිරෙන්න දීලා අහකබලා ගත්තා....

:       3       0

සාලිය Friday, 14 January 2022 03:27 PM

මන් හිතන්නේ මෙයා කියන්ඩ හදන්නේ ඉස්පිරිතාලෙ සිද්ධියත් මේ වගේම නාටකයක් වෙන්න ඇති කියලා. ස' දහ අතින්ම ඇනගෙන ඉද්දි චන්ද ගොඩ දාන්ඩ නන් මෝඩ මිනිස්සු ටිකක් අන්දන්ඩ එපායැ. ඉතින් ඉස්සරහට මේවා නෙමේ උතුරෙන් වලදාපු යුද ටැංකි මතු උනත් පුදුම වෙන්ඩ දෙයක් නැහැ. ආ ඇයි තව වඳ පෙති එහෙම.

:       0       0

seeman Friday, 14 January 2022 03:28 PM

දස වද දීලා මරපු තාජුඩීන්, අනතුරකින් මැරුනා කියන පොලීසිය ගැන මොන කතාද?

:       0       1

lion Friday, 14 January 2022 03:36 PM

බොරුවටත් සීමාවක් තියෙනවා.

:       0       1

බද්රානි Friday, 14 January 2022 04:04 PM

ඔය බෝම්බ දෙක විතරක් නෙවෙයි, පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවොත් උන්ම තමයි. උන් හිතාගෙන ඉන්නේ අර මෝඩ රැල වගේ අපිවත් තම්බන්න පුළුවන් වෙයි කියලයි. අර උදෙන්ම පල්ලියට එන පුද්ගලයා ගැන මොකද කතා නැත්තේ? ඔහුව එව්වේ කවුද? කාදිනල් තුමා ඇතුළු කතෝලික සභාවටම දැන් තේරිලයි තියෙන්නේ, මුන්ගේ මේ අසමජ්ජාති කෙරුවාව. උඹලට ඔය ගිනි ආපහු පත්තු වෙන දවස වැඩි ඈතක නැහැ. හිතාගෙන ඇති බලයෙන් උමතුවෙලා මේ මහපොළොව බදාගෙන සදහටම බහිරවයෝ වගේ ඉන්න පුළුවන් කියලා?

:       0       2

BamunuarachchiSunday, 16 January 2022 08:05 AM

බෝම්බේ පුපුරනවා කියලා දැනගෙන පල්ලි නොගිය එකා ගැන කතා නැත්තේ තැම්බෙන්න බැරි තරමට ඇට්ටර වෙලා හින්ද වෙන්න ඇති. ලෙදර් සීට් එකේ අමබරි අම්බරි බයිසිකල් පැද්දාම තේරෙයි

:       2       0

Nuwan Friday, 14 January 2022 04:29 PM

ඔන්න ඕක අරගත්තු තැනකින් ගිහින් දානවා ගෝනි බිල්ලෝ මවන්නේ නැතුව

:       0       1

priyantha Friday, 14 January 2022 04:38 PM

මෙයා යුද්ධය අවසන් කරපු අයගෙන් පස්වෙනියා නිසා අපිට විශ්වාසයි

:       1       0

Kumar (Gulf) Saturday, 15 January 2022 01:07 AM

මෙම පරීක්ෂණය පැරණි ස්කොට්ලන්ඩ් අංගනයේ "තොම්සන් සහ තොම්සන්" වෙත ලබා දෙන්න.

:       0       1

nirmal Saturday, 15 January 2022 05:17 AM

පල්ලියේ වැඩකරන කෙනෙකුගේ කාමරයේ හඳුන්කූරු ටේප් ආදිය තිබීම සාමාන්‍ය දෙයක් නෙමෙයිද?

:       0       1

Bamunuarachchi Saturday, 15 January 2022 08:04 AM

වැරදිකරු කියා තීන්දු කළේ කව්ද? මොන උසාවියෙන්ද?

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 134 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 118 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 223 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 507 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 686 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 260 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site