IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘ග්‍රීස්යකා රිටන්ස්” අනිද්දා කරළියේ

මෙවර පැවැති 47 වන රාජ්‍ය නාට්‍ය උළෙලේදි හොඳම නාට්‍යය,හොඳම අධ්‍යක්‍ෂණය හොඳම ස්වීය රචනය. හොඳම සහය නිළිය, හොඳම රංග විනයසය, හොඳම වේදිකා පරිපාලනය, හොඳම අංග රචනය, හොඳම රංග වස්ත්‍ර නිර්මාණය, හොඳම රංගා ලෝකය ඇතුළු සම්මාන නවයකින් පිදුම් ලැබු ‘ග්‍රීස්යකා රිටන්ස්” නාට්‍ය මද නිහඩියාවකින් පසු අනිද්දා (07) සවස 3.30ට 7.00 ලයනල් වෙන්ඞ්ට්  රඟහලේදී රංගගතවීමට නියමිතව තිබේ. ආනන්ද ඩ්‍රාමා ඉදිරිපත් කරන රජිත හෙට්ටිආරච්චි හා නිශාන්තද සිල්වා රචනය සහ අධ්‍යක්‍ෂණය කළ ‘ග්‍රිස් රිටන්ස්’ අවසන් පුහුණු ස්ථානයට ගොස් එම දෙපළ සමඟ සංවාද ගත වීමට අපට හැකිවිය. එහිදී රජිත, මම සහ නිශාන්තගේ කතාබහ මෙසේ පෙළ ගස්වමු.

මම:-ග්‍රිස් යකා රිටනස්’. නාටය සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන සියල්ලෙන්ම වගේ පිදුම් ලබනවා. මොකද්ද ඒකේ රහස.

රජිත:- ඒක අපි දන්නේ නැහැ. විනිශ්චය මණ්ඩලය තමයි ඒ රහස දන්නේ. අපි ඒ අයට ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම අපි සම්මාන බලාපොරොත්තුවෙන් නෙවෙයි නාට්‍ය ඉදිරිපත් කළේ. අපිට ඕන වුණේ හොඳ නාට්‍යයක් කරන්න. අපේ පසුබිම ගොඩක් තිබෙන්නේ ඉංග්‍රිසි නාට්‍ය එක්ක මේක ඉංග්‍රිසි සිංහල දෙකෙන්ම යන  නිසා අලුත් සිංහල ප්‍රේක්‍ෂකයන් පිරිසක් අතරට නාට්‍ය ගෙන යන්න අපට ඕන වුනේ පසුගිය දශක කීපයක රටේ  තත්ත්වයට වැදගත් නිසා තමයි  නාට්‍ය ඉදිරිපත් කරන්න හිතුවේ. එතනින් එහාට සම්මාන ගැන අපි හිතුවේ නැහැ. හොඳ නාට්‍යයක් කරපු නිසා සම්මාන ලැබුණා

මම:-මෙවර නාට්‍ය උළෙලේ රාජිත බුද්ධියක පෆිර් චාමිකලා වගේ ප්‍රවීණ සම්මාන දිනූ නාට්‍ය කරුවෝ නියෝජනයක් කළ ඒ අය සමඟ කරට කර තරගයක් දීලා ආධුනික පිරිසක් ජය ගැනීම එක පැත්තකින් විප්ලවයක් නේද?

රජිත:- ආධුනික කියන වචනයට මම එතරම් එකඟ නැහැ. අපි රාජ්‍ය නාට්‍ය උළෙලට පළමු වතාවට නාට්‍යයක් ඉදිරිපත් කළාට සිංහල නාට්‍ය රසිකයන්ට අලුත් වුණාට අවුරුදු 10ක පටන් අපි නාට්‍ය කරනවා. පුළුල් මහජන ප්‍රදර්ශනයට අපි මුලින්ම නාට්‍යයක් ඉදිරිපත් කළේ 2013,මහජනයා ඉදිරියේ අපි නිර්මාණය කළ 7 වැනි නාට්‍යය මේක. ඊට අමතරව අපි වෙන අයත් එක්ක නිර්මාණය කළ වෙනත් නාට්‍ය තිබෙනවා අපේ නාට්‍යයට පිළිගැනීමක් ලැබීම  සතුටුයි. තවමත් සමහරු නාට්‍ය   ගැන කතා කරනවා. අපිට ඕනේ වැඩි පිරිසකට මේ නාට්‍ය අරගෙන යන්න. මෙවර නාට්‍ය උළෙල ඉතාම තරගකාරීව තිබුණ අවසාන  වටයේ නාට්‍ය එකොළහම හොඳ ප්‍රමිති ගත නාට්‍ය හොඳ අධ්‍යක්‍ෂවරුන්ගේ නිර්මාණ එක්ක අපේ නාට්‍ය නියෝජනය කිරීමට ලැබීම භාග්‍යයක්.

 නිශාන්ත:- හොඳම නාට්‍ය  එකොළහක් අතරින් අපේ නාට්‍යයට සම්මාන දීම විනිශ්ච මණ්ඩලයේ නිර්භීත තීරණයක් අලුත් කියලා හිතන පිරිසකට ඒ අය සම්මාන දුන්නේ යම් 

රැඩිකල් තීන්දුවකින් අපේ නාට්‍යයේ යම් වෙනසක් දැකපු නිසා තමයි ඒ අය අපට සම්මාන දුන්නේ. 

මම:- වෙනත් සාම්ප්‍රදායික  නාට්‍යය අතර ‘ග්‍රීසි යකා රිටන්ස්’ වෙනස් වෙන්නේ කොහොමද?

රජිත:- නාට්‍ය ශෛලිය ආලෝකකරණය අතින් නාට්‍ය වෙනස් ඒ වගේම මේක දිව් භාෂා නාට්‍යයක් එසේම නාට්‍ය කණ්ඩායමේ 30ක විතර විශාල පිරිසක් සිටිනවා.ඒකත් වෙනස් වෙන්නේ  සමහර නාට්‍යවල දෙතුන් දෙනෙක් පමන රඟපාන නිසා. අපේ නාට්‍යයේ ප්‍රධාන නළුවා නිළිය කියලා කෙනෙක් නැහැ. හැමෝම ප්‍රධානයි.

 මම:- දැවැන්ත නළු නිළි පිරිසක් සමඟ දෙවිදියකට හිතන දෙන්නෙක් එකතුවෙලා එකට අධ්‍යක්‍ෂය කිරීම අභියෝගයක් නොවේද?

රජිත:- විනිශ්චය මණ්ඩලයත් අධ්‍යක්‍ෂණ සම්මානය  ලබා දෙද්දී ඔය කාරණය සඳහන් කළා. අපි දෙන්නම ආනන්ද විද්‍යාලයේ 2006 වෙනකන්ම ආනන්ද  විද්‍යාලයේ සංවිධානාත්මක වැඩ පිළිවෙලක් තිබුණේ නැහැ. ඉංග්‍රීසි නාට්‍ය සම්බන්ධව සිංහල නාට්‍යවලටත් එහෙමයි. නිශාන්ත අයියා ආදි ශිෂ්‍යයෙක් විදියට ඇවිල්ලා තමයි නාට්‍ය පටන් ගන්නේ. ඒ වෙනකොට මම සාමාන්‍ය පෙළ අවසන් කරලා හිටියේ. 2009 පාසලෙන් එළියට ආවට පස්සේ නැවත අපි පාසලේ නාට්‍ය පුහුණුවීම්වලට එකතු වුණා. 2006 ඉදලා 20013 නාටය කරපු පිරිස ලොකු කණ්ඩායමක් බවට පත්වුණා. ඒ පිරිස තමයි ආනන්ද ඩමා කියලා සමාගමක් විදියට එකතු වෙලා මහජන ප්‍රදර්ශනයට නාට්‍ය කණ්ඩායමක්  විදියට එකතු වුනේ. අපි වෙනස් මති මතාන්තර තිබෙනවා අපි සෑහෙන රණ්ඩු වෙන වෙලාවල් තිබෙනවා. ඒත් වැඩ කරන කොට යම් එකඟතාවක් තිබෙනවා. පුළුල් විදියට බැලුවාම අපිට  එකට වැඩ කරන්න පුළුවන් අවුරුදු 10ක් අපි එකට වැඩ කරමින් සිටිනවා.

මම:- ලංකාවේ ද්වී භාෂා නාට්‍ය කලාව තරමක් ආගන්තුකයි. එවැනි පසුබිමක එවැනි නාට්‍යයක් නිර්මාණය කරන කොට බයක් හිතුණේ නැද්ද?

නිශාන්ත:- මේක ද්විහාන කිවුවාට 

90% ක් යන්නේ සිංහලෙන් 10% ප්‍රමාණයක් තමයි ඉංග්‍රිසියෙන් තිබෙන්නේ. එහෙම කරන්න විශේෂ හේතුවක් තිබෙනවා. ඒ තමයි අපට ඕන වුනේ අපේ සමාජයේ තිබෙන ඇත්ත තත්ත්වය වේදිකාවට ගේන්න අපේ සමාජයේ සමහරු සිංහල දැන ගත්තත් ඒක පෙන්නන්න කැමැති නැහැ. එහෙම කරන්නේ ඒ අයගේ මට්ටම රැක ගන්න. ඒ වගේ චරිත අපේ නාට්‍යයේ නිරූපණය වෙනවා. ඒ චරිත නාට්‍යයට දැම්මාම ඒවා වෙන  අය කළොත් ඇත්ත තත්ත්වය නිරූපණය වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ චරිත සඳහා ඉංග්‍රිසි කතා කරන අය යොදා ගත්තේ ඉදිරියේදී  ද්වි භාෂා විතරක් නොවේ ත්‍රිනාෂා නාට්‍යයක් කරන්න බලාපොරොත්තු වෙනවා.  2017 එවැනි නාට්‍යයක් අපි නිර්මාණය කළා. අපට භාෂාව ප්‍රශ්නයක් නැහැ. අපට  ඕනේ ඇත්ත පෙන්නන්න.

 රජිත- සාමාන්‍ය ජිවිතයේදි ඒ චරිතය හැසිරෙන්නේ කොහොමද කියන එකයි නාට්‍යයේදී අපි පෙන්නන්නේ. අපි  වැඬේ පටන් ගන්නකොට දිවි භාෂා, ත්‍රිභාෂා කියලා හිතන්නේ  නැහැ. ඉංග්‍රිසි සිංහල  කතා කළත් ස්වභාවික නිරූපණයක් තමයි කරන්න බලන්නේ.

 මම:- ‘ග්‍රිස් යකා රිටන්ස්ට’ සම්මාන හිමිවීම සමාජ විරෝධයක් පැනනැගීම ඔබලාට දැනුනේ කොහොමද?

රජිත:- නාට්‍ය සෞන්දර්ය පිළිබඳ පෞද්ගලික මතය වෙනස් වෙන්න පුළුවන්. කෙනෙකුට හොඳ නාට්‍යය තව නෛකුට නරක් වෙන්න පුළුවන්. නාට්‍ය බලලා කවුරු හරි නාට්‍යයට කැමැති නැත්නම් ඒක ඒඅයගේ පෞද්ගලික මතය. අපට සම්මාන 10ක් දිනිය යුතුයි කියන එක විනිශ්චය මණ්ඩල මතය ඒකට අපි ගරු කරනවා. අපට ඒ ගැන සතුටක් තිබෙනවා. මේක ගණිතය වගේ හරි උත්තරයක් දෙන්න පුළුවන් දෙයක් නොවෙයි.

- අමිල චින්තක ගමගේ  

 



අදහස් (0)

‘ග්‍රීස්යකා රිටන්ස්” අනිද්දා කරළියේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 480 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 946 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1114 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 637 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 635 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 217 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site