IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රසායනික පොහොර නිසා වසරකට 230,000ක් මරු කටට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය නිසා මෙරටේ පිළිකා සහ වකුගඩු රෝගීන් වසරකට දෙලක්ෂ තිස් නව දහසක් බිහිවන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියන්නීය.

එම පිරිසට පිළිකා රෝගීන් 75,000ක්ද වකුගඩු රෝගීන් 1,64,000ක්ද ඇතුළත්වන බව ඇමතිවරිය සඳහන් කළාය.

වකුගඩු රෝගීන් වසරකදී 6000ක්ද පිළිකා රෝගීන් දිනකට පනස් හතර දෙනෙකුද මියයන බව පැවැසූ වන්නිආරච්චි මහත්මිය පිළිකා රෝගීන්ගේ තිස් දහසක පමණ වැඩිවීමක් වසරකදී පෙන්නුම් කරන බවද කීවාය .

රසායනික පොහොර සහ විස කෘෂි රසායන ද්‍රව්‍ය මෙම පිළිකා සහ වකුගඩු රෝගවලට ප්‍රධාන හේතුවක් බවට වෛද්‍ය විශේෂඥයන් සනාථ කර ඇතැයිද මෙය බරපතළ තත්වයක් යැයිද ඇය පැවසුවාය .

සෞඛ්‍ය ඇමැතිවරිය මෙසේ පැවසුවේ රටේ වත්මන් තත්වය පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ දී ය.

 



අදහස් (48)

රසායනික පොහොර නිසා වසරකට 230,000ක් මරු කටට

Mewan Tuesday, 08 June 2021 04:06 PM

ඇත්ත, නමුත් කාබනික පොහොර රට තුල නිපදවීම මගින් මිසක් ආනයන නොවේ කලයුත්තේ

:       1       296

වර්ණකුලසූරිය Tuesday, 08 June 2021 10:00 PM

මහාචාර්ය චන්න ජයසුමන ඇමතිතුමාගේ පර්යේෂණ මග පෙන්වීම යටතේ ධම්මික වෙදමහතාගේ සුදර්ශණි පැණිය සහ එලියන්ත වයිට් රාජකීය වෛද්‍යතුමාගේ කුණ්ඩලි පැන් මගින් දේශීයව කොරෝනා සුවකරන්න ගියා වගේ කාබනික පොහොරත් දේශීයව නිපදවන බව සිකුරුයි.

:       113       1

siripala Tuesday, 08 June 2021 10:24 PM

ලෝකයේ හොඳම කාබනික පොහොර නිපදවන්නේ චීනයේ අපි ලංකාවට චීනයෙන් කාබනික පොහොර ගෙන්වමු..

:       4       4

lalWednesday, 09 June 2021 04:45 AM

කාබනික පොහොර ආනයන කිරිමෙන් එම රටවල ඇති දිලිර, සතුන් වසංගත රෝගකාරක සියල්ල අපේ රට තුළට ඒමේ සම්භාවිතාවයක් තියෙනවා. එම නිසා අප පරිසර පද්ධතියට ගැලපෙන දන්නා දේ යොදා අපිම නිපදවා ගැනිමේ ක්‍රමයකට යායුතුයි. එහෙම නැතිව කාබනික පොහොරත් රටින් ගෙනත් බිස්නස් එකක් කරගැනිම නොකළ යුතුයි..

:       1       8

විපරමා Tuesday, 08 June 2021 04:08 PM

රසායනික පොහොර විතරක් නෙවෙයි , කන්ඩ,බොන්ඩ තියෙන වැඩි හරියක් වස විස ගහපුවා තමා.

:       3       218

අනේමන්දා Tuesday, 08 June 2021 04:14 PM

මේ මනුස්සයා කලින් කරපු දේවල් සහ ගොන් දේ ප්‍රමෝට් කරපු හැටියට, දැන් නුඹ කාගෙන් හරි අහගෙන හරි දෙයක් කිව්වත් මිනිස්සුන්ට පොදක් වත් විශ්වාසයක් නැති අය. හරි වෙලාවට එන්නත් ඕඩර් කරන්න තරම්වත් දැනුමක් නැතිකම රටටම බලපාන බව තේරුම් ගත යුතුයි...

:       208       921

aseWednesday, 09 June 2021 09:33 AM

කියන්නන් වාලේ දොඩන්න එපා.. රසායනික පොහොරවලට වඩා කෘමිනාශක, වල් නාශක, වාහන වලින්, කර්මාන්ත ශාලාවලින්, වාහන අලුත් වැඩියා කරන තැන්වලින් පොලොවට මුසුවන තෙල්, බැර ලෝහ මහාපාරේ වාහන වලින් වැටෙන තෙල්, ඉන්ධන, සියල්ල සෝදාගෙන අපේ ගංගා, භූගත ජලය විනාශය... අනේ අපොයි ඒ මේ දේ සියල්ලටම අහක බලාගෙන දැන් සාගතයට මුල පුරන්න එක්වරම රසායනික පොහොර තහනමක්? නීලහරිත ලස්සන වචන එය පටන් ගැනීම කොටියා වලිගයෙන් නොව බෙල්ලෙන් අල්ලා ගත යුතුයි...

:       4       30

nimelenWednesday, 09 June 2021 11:54 AM

දැන් ඔබ කියන්නේ ඔය කියන ඔක්කොම එක පාරම තහනම් කරන්න කියලද? ඒ කිව්වේ වාහන වලින් එන දුම, වල්නාශක, වාහන අලුත් වැඩියා කරන තැන්වලින් පොළවට වැටෙන තෙල් ඔක්කොම එකපාර නවත්වන්න කියලද? කරන්න පුලුවන් වැඩකින් මුලින් පටන් ගන්න එපැයි. කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බැලුවොත් හොඳයි.... කවුද කියවන්නන් වාලේ දොඩවන්නේ කියලා..!!! 

:       1       4

aseWednesday, 09 June 2021 03:53 PM

රසායනික පොහොරවලින් පැලෑටි සාරවත් වෙනවා නේද? අකුණු ගසා වසින විට එම ජලයට මුසු වෙන්නේ මොනවද? වල් බහෙත්, කෘමි නාශක, ලිහිසි තෙල් වලින්? වැඩි විනාශය.. ඔබගේ දැනුමේ වපසරිය වැඩි කොට ලියන්න පෙර සිතා බලන්න...

:       0       0

gds Tuesday, 08 June 2021 04:19 PM

1948න් පසුව රට පාලනය කළ හැටි තමයි මේ. මේ එකෙක්ටවත් රටක් කරන්න තේරෙන්නේ නැහැ. ඕක තමයි ඇත්ත. නිල්, රතු, කොළ ඔක්කොම එකයි.

:       83       163

සෙනෙවිරත්න Tuesday, 08 June 2021 04:57 PM

හතලිහක් අටෙන් පස්සෙ රතු පාලනයක් තිබුනද?

:       204       193

gdsTuesday, 08 June 2021 10:34 PM

එලියෙන් මොන පාටට පෙනුනත් ඇතුලාන්තය වෙනස්

:       0       0

thilakWednesday, 09 June 2021 12:14 AM

හොඳ වෙලාවට එහෙම වුනේ නැත්තේ...!!

:       0       4

kamalWednesday, 09 June 2021 01:22 PM

89 කළ පාලනය මතකද

:       0       8

Nuwan Tuesday, 08 June 2021 04:33 PM

චීනුන්ගෙන් බර ලෝහ මිශ්‍රිත කැලිකසල වලින් හදපු ජරාව ලංකාවට ගේන්න තරම් මේ මිනිස්සුන්ට මොලේ හොඳ නැද්ද?

:       809       798

NuwanTuesday, 08 June 2021 05:40 PM

බුද්ධිමක් මිනිස්සු 100ක් ඉන්න තැන නූගත් දේශපාලකයින්ගේ ගොට්ටෝ ඉන්නවා.

:       295       290

NuwanTuesday, 08 June 2021 05:49 PM

මම කිව්වේ මගේ මුල් ප්‍රතිචාරයට දෙන්නෙක් ඩිස්ලයික් දාලා තියෙන නිසා...

:       234       116

සෙනෙවිරත්න Tuesday, 08 June 2021 05:00 PM

ඊළඟට මැරෙන්නේ සාගතයෙන්, ඔයිට වඩා මැරෙනවා... අස්වැන්න අඩුවෙලා හාල් ඇතුලු ආහාර ද්‍රව්‍ය වල නිෂ්පාදනය අඩු වුණාම ඉන් යැපෙන්නන් සහ පාරිභෝගිකයන් යන දෙකොටසම මන්දපෝෂණයෙන්, කුසගින්නෙන් මිය යාවි. මම කියන්නේ බාස්මතී රුපියල් දාහට කන අයට නොවේ.

:       846       425

priyaTuesday, 08 June 2021 06:53 PM

බිල්ලන් මැවීම සමහරුන්ගේ විනෝදාංශයක්....

:       335       671

මුණසිංහWednesday, 09 June 2021 06:55 AM

ඒ කතාව හරියට ගෙදර සල්ලි නැති වුණාම අම්මා විකුණලා හරි ඒක හොයා ගන්න ඕන වගේ එකක්... ඒක අපි තේරුම් ගන්න ඕනෑ. වස-විස ගහපු කෑමට දිගින් දිගටම හුරුවෙන එක නෙවෙයි කළ යුත්තේ... එතැනින් අමාරුවෙන් හරි ගැලවෙන එක. ගෙදර පෝච්චියක වවා ගන්න පුළුවන් මිරිස් කරලත් කඩෙන් එනකන් බලන් ඉන්න අය ඒක තේරුම් ගන්න. ගෙදර කොම්පෝස්ට් බැරල් එකක් නැති ගෙවල් කීයක් තියෙනවද? ගමේ නම් ගොම ටික අපතේ හරින කී දෙනෙක් ඉන්නවාද? කාලයක් පිදුරු ගිනි තිබ්බා. දැන් අළුත් මැෂින් එකට පිං සිද්ධ වෙන්න ඒක ඕනකමින් නෙවෙයි ඉබේ නැවතිලා. සියල්ලට කලින් තමන්ගේ ධනාත්මක ආකල්ප වර්ධනය කරගන්න ඕන. රටින් ගේන්න අවශ්‍ය නැහැ. ඔය පෙහොර ටික ලංකාවේම හදාගන්න පුළුවන්...

:       1       12

හීන් බාප්පා Tuesday, 08 June 2021 05:10 PM

පිළිකා ඇතිවීමට නම් රසායනික පොහොරට වඩා ක්ෂණික ආහාරත් ‍බොයිලර් මස් වර්ගත් හේතුවන බව පැහැදිලි කමක් තියෙනවා. ඔබතුමියගේ තේවත්තේ ප්‍රයෝජනයට ගන්නේ කාබනික පොහොරද? සෞඛ්‍ය ඇමති ලෙසට පිළිකාවට හේතුවන්නේ පොහොරද නැත්නම් ක්ෂනික ආහාර හා බොයිලරි මස් වර්ගද කියා සමීක්ෂණයක් කරවාම බලන්න මෙය මහරගම අපේක්ෂා රෝහල ඇසුරින් කරන්න පුළුවන්...

:       337       338

DayanTuesday, 08 June 2021 07:11 PM

ක්ෂණික ආහාර සහ මස් වර්ග (රතු මස් වර්ග - හරක් මස්, ඌරුමස් වැනි ) වලින් ඇති වෙන්නේ අන්ත්‍රයේ පිළිකා. රසායනික පොහොර සහ වස වර්ග නිසා ශරීරයේ ඕනෑම වර්ගයක පිලිකා ඇති වෙන්න පුළුවන්. ඒ අතින් කෘෂි රසායනවල බලපෑම ඉතාම ඉහළයි. ඒ වගේම මයික්‍රො ප්ලාස්ටික් කියන්නේ තවත් එවන් සාධකයක්. උණු වතුර, උණු කෑම දාන්න ප්ලාස්ටික් භාජන ගන්නම එපා. වකුගඩු රෝග ගත්තොත් ඒක හැදෙන්නෙම රසායනික පෝරත් එක්ක එන ආසනික් නිසා...

:       19       474

Bandara Tuesday, 08 June 2021 05:46 PM

එහෙනම් පොහොර නොමිලේ දෙනවා කියලා බලය ගත්තේ ඇයි?. ඕක කලින් කියන්න තිබුණානේ. ඒ කියන්නේ ඒ ජනවරම දැන් වලංගු නෑ. තවම වකුගඩු රෝගයට හේතුව නිශ්චිතව හොයාගන්න පුලුවන් වෙලා නෑ. මෙයාලා අඳුරෙ අතපත ගානවා...

:       433       693

Amal Tuesday, 08 June 2021 05:52 PM

රසායනික පොහොර වලින් වගේම මත්පැන් වලින් කීයක් මැරෙනවද කියන්න

:       3       178

siri Tuesday, 08 June 2021 05:54 PM

දැන්ද තේරුනේ ? මොකද්ද දන්නේ නැහැ හේතුව නේද ?

:       3       180

Rohana Tuesday, 08 June 2021 05:55 PM

චීන නාගරික කසලවලින් හදන කාබනික පොහොරවලින් මීටත් වැඩි උපද්‍රව සිදුවෙන්න බැරිද?

:       3       219

rocky Tuesday, 08 June 2021 06:13 PM

කවුරු හරි මේ ගණන හදලා බලන්නකෝ,..!!! මාසයකට කොච්චරද? දවසකට කොච්චරද? මේක ඇත්ත නම් අවුරුදු 10ක්, 15ක් ගියාම රටේ කවුරුවත් ඉතිරිවෙන එකක් නැහැ. සෞඛ්‍ය ඇමැතිතුමිය.. කියන කතාව බොහෝම භයානකයි. ඡන්දෙ දෙන්න පිරිසක් චීනෙන් ගෙන්න ගන්න වෙයි.

:       47       245

Dasa P Tuesday, 08 June 2021 06:16 PM

කුණ්ඩලීනි ශක්තියෙන් වාසියක් හොයමු..

:       38       113

amila Tuesday, 08 June 2021 06:41 PM

මොකෝ.., ළඟදි ඡන්දයක්වත් එනවද? එකපාරටම මිනිස්සු ගැන මතක් වුණේ...!!!

:       59       150

mohomed Tuesday, 08 June 2021 06:45 PM

හා පවිත්‍රා මැඩම් පිටරටවල් වලින් ලංකාවට ආනයනය කරන පලතුරු වලට කාබනික පොහොර දාලා හදපු ඒවද ලංකාවට එන්නේ...?

:       2       176

mohomed Tuesday, 08 June 2021 06:48 PM

වතුකරයටත් වගාවට පොහොර නැතිව පාඩුයි කියලා තව අවුරුද්දකින් විතර ඉන්දියා සමාගමට විකුණයි. ඕකට තමයි පොහොර තහනම ගෙනැල්ලා තියෙන්නේ...

:       79       306

Gamini Tuesday, 08 June 2021 06:52 PM

කතාව භයානකයි.. මම අභියෝග කරනවා වකුගඩු රෝගයෙන් මැරුණු කෙනෙකුගේ මරණ වාර්තාවේ මරණයට හේතුව පොහොර සහ කෘෂිරසායන නිසා වකුගඩු අක්‍රීය වී රෝගියා මියගියා ලෙස, ලියන්න කියලා ලියන්නේ... මේ විදිහට හඳුනානොගත් වකුගඩු අක්‍රීය වීමකින් රෝගියා මියගියා. මේකත් අර මුට්ටි දාලා පැණිබීලා හොද්දේ ලුණු බැලුවා වගේ ඔලුව හොල්ලලා කොරෝනා හැදුණම IDH ගියා වගේ...

:       129       229

gamini Tuesday, 08 June 2021 07:00 PM

රසායනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ගොවියන් හොඳින් නොදන්නාකම...!!! 

:       28       12

de silva Tuesday, 08 June 2021 07:03 PM

රසායනික පොහොර අවශ්‍ය නැහැ.. ඒවා දමලා වගාකරන්න සහල් මේ අවුරුද්ද අවසානයේ ඉඳලා ගෙන්වන්න සූදානම් වන්න. ගොවියෝ පොහොර නොදුන්නොත් කෙළින්ම වගාව අතහැර දමලා ගෙදර ඉඳීවි...

:       68       120

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 08 June 2021 07:40 PM

මෙතුමියගේ වැඩ හා කතා ගැන වැඩි විශ්වාසයක් අපට තබන්නට බැහැ. ඒත්, කොම්පෝස්ට් පොහොර භාවිතයට යොමුවීම ඉතා හොඳ දෙයක්... ඒත්, එය කරනා ක්‍රමයක් හා පිළිවෙලක් තියෙනවා. එය පටලවා ගැනීමයි මේ ගැටළුවලට හේතුව... මේ අය මෙතෙක් කරපු හැම වැඩේම හොඳටම අනාගත්තා. මේ වැඩෙත් එහෙමයි.

:       68       382

sunanda Tuesday, 08 June 2021 08:31 PM

ශාකයක් පෝෂණ හැටියට උරා ගන්නේ N P K මූලද්‍රව්‍ය ආකාරයෙනි. එය ලැබෙන්නේ රසයානික හෝ කාබනික මාධ්‍යයෙන්ද බව ශාකයට අදාළ නැහැ. එබැවින්, රසයානික පොහොරවල බැර ලෝහ අඩංගු බැවින් කාබනික පොහොර භාවිතා කිරීම වඩා නුවනට හුරු බවයි මහේ අදහස.

:       21       142

Nihal Tuesday, 08 June 2021 08:47 PM

ඕකට නැද්ද හරියන පැණියක්...?

:       2       3

සංහිද Tuesday, 08 June 2021 08:48 PM

වසර 72ක් තිස්සේ ජනතාවගේ රිරී මාංශය හූරන් කන දේශපාලකයින් අපේ රටට මීට වඩා මහත් විනාශයක් සිදුකර ඇත. එය මිල මුදලින් හා ජීවිත වලින් ගණනය කළ නොහැක. බිලියන ගණනින් ණය ගෙන මහත් විනාශයක් සිදුකර මතු උපදින දරුවන් පවා ණයගත කර ඇත. ගහන්න පුළුවන් හැම දේකටම බදු ගසා ජනතාව මානසික පීඩාවට පත් කර ඇත. පාස්කු ප්‍රහාරය වළක්වා නොගෙන බොහෝ අයට චිත්ත වේදනා උදාකර දී ඇත. නැවක් ගෙන්වාගෙන සාගර පරිසරය විනාශ කර ගෙන ඇත. මේ වසර 72ක් තිස්සේ නුඹලා අපට ලබාදුන් තෑගි සොච්චමක් පමණි...

:       0       5

de silva Tuesday, 08 June 2021 10:02 PM

රසායනික පොහොර වෙනුවට බැරිද මුට්ටියක් කුඹුරට දාලා වැඩේ ගොඩ දා ගන්න...? එහෙමත් නැතිනම් කාලි අම්මා පැණියක් කුඹුරට හලන්න. අර බිපු කාලි අම්මා පැණියේ 100%ක් විෂ නැහැ කියලා සහතික වෙන්න ඔබට පුළුවන්ද?

:       0       2

Pradeep Tuesday, 08 June 2021 10:05 PM

රසායනික පොහොර නිකන් දෙනවා කියලා ගොවියන්ගෙන් ඡන්දය ගත්තේ මොන රටේද? ඇත්තම ප්‍රශ්නය තමයි පොහොර ආනයනය කරන්න රජයට සල්ලි නැහැ.

:       0       15

Rajin Wednesday, 09 June 2021 12:35 AM

හඳුනානොගත් වකුගඩු රෝගය රසායනික පොහොර නිසා සෑදෙනවා යයි ඔප්පු කරන්න පිළිගත් පර්යේෂණ පත්‍රිකා තිබේ නම් ඉදිරිපත් කරන්න (නාථ දෙවියන් හීනෙන් පැමිණ කියූ කතාව හැරෙන්න). ඕක බොරුවක්.. කරපු කිසිඳු විද්‍යාත්මක අධ්‍යයනයකින් වකුගඩු රෝගයට නිශ්චිත හේතු සාධක හොයාගන්න බැරිවෙලා තියෙනවා. මේ රෝගය ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේ ඉන්දියාව, නේපාලය, පාකිස්ථානය, බංග්ලාදේශය, භූතානය සහ ඇෆ්ඝනිස්තානය යන රටවලත් පැතිරී ඇති අතර ඒ කිසිදු රටකින් නිශ්චිත හේතු සාධක සොයාගෙන නැත. දැන් සිදුවන්නේ අමන තීරණයක් සාධාරණීකරණය කිරීම සඳහා වකුගඩු රෝගයද විකිණීමයි. ලංකාවේ සියළු පිළිකා රෝගවලට එකම හේතුවද රසායනික පොහොර නම් එය ද ඔප්පු කර පෙන්වන්න...

:       2       69

kamal Wednesday, 09 June 2021 08:26 AM

මත්පැන් නිසා ජීවිත කීයක් නැති වෙනවද? රටේ තියෙන තියෙන සියලුම අපරාධවලට මත්වතුර සම්බන්ධයි.. මිනීමරුවන්, අපචාර, දූෂණ, දේශපාලන අපරාධ.. නමුත් මත්පැන් සංස්ථාව ගැන කතා නැහැ. ඡන්ද නැති වෙයි කියලා බයට...

:       0       14

Wimale Wednesday, 09 June 2021 11:39 AM

එතකොට රටේ තිබෙන වසවිස සහිත ආහාර වලින් ජනතාවට හානියක් නැද්ද? නිකමට වගේ අැහැව්වේ..!

:       4       3

ganegoda Wednesday, 09 June 2021 11:44 AM

මේ ඔක්කොම කරන්නේ අපිවයි, අපේ රටයි... බේරගන්නනේ.. හොඳයි. හැබැයි මැතිවරණයට දවස් දෙකකට ඉස්සෙල්ලා තමයි අපි මේ ඔක්කොම එකතු කරලා බිල එවන්නේ..

:       0       3

Sarath c Andradi Wednesday, 09 June 2021 04:59 PM

රසායනික පොහොර කෟෂිරසායන වලට අමතරව මැගී සුප්කැට, කරිරිපිටි ආදියද ආනයනය සීමා කරමින් පාලනය කල යුතුව ඇත. දේශීය කිරි පිටි භාවිතය, ස්වාභාවික කුඵබඩුභාවිතයද දිරිරගැන්විය යුතුව ඇත.

:       0       1

පෑලියගොඩ චොප්පෙ Wednesday, 09 June 2021 09:00 PM

කොම්පෝස්ට් පොහොර වල N ප්‍රතිශතය ඉතා අඩු අතර p සහ k ඇත්තේම නැතිතරම්ය. මෙම සංඝටක 3 අවශ්‍යතාවය ශාකවල වර්ධන අවස්ථාව අනුව වෙනස් වෙයි. නියමිත අවධිවලදී කලට වේලාවට යෙදිය යුතුයි. කොම්පෝස්ට් පොහොර භාවිතයෙන් මෙම සියල්ල නැතිව යන අතර අස්වනුවල විශාල අඩුවීමක් සිදුවී කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳවැටෙනු ඇත. ලොව දියුණු රටවල් රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වී නැත. ඔවුන් කර ඇත්තේ නිවැරැදි විද්‍යාත්මක ක්‍රම යොදා පොහොර කළමනාකරණය කර ගැනීමයි. දියුණු රටවල ඔය කියන රෝග පොහොර නිසා ඇතිවන බව පෙන්වා දී නැත. ජාත්‍යන්තර සංවිධාන උඩගෙඩි දෙන්නේ අපේ කෘෂිකර්මාන්තය බිඳහෙලා වෙළඳ පොළ අල්ලා ගැනීමටයි.

:       0       19

Channa Wednesday, 09 June 2021 09:25 PM

ලෝකයේ රසායනික පොහොර කර්මාන්ත ශාලා සියල්ල වසා දමා සේවකයන් ගෙදර යවාවි. ඇයි ලංකාව පොහොර ගන්නේ නැහැනේ... අනේ 64 ලක්ෂයක් ගත් කෙනෙකුට වුණු දේ.

:       0       0

මරතේනිස් අයියා Thursday, 10 June 2021 09:19 AM

ඉතිහාසයේ දුර්වලම පාලකයාගේ කැබිනෙට්ටුවෙන් අපට මීට වඩා බුද්ධිමත් ප්‍රකාශ බලාපොරොත්තු විය නොහැක

:       0       18

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 510 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 983 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1166 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 655 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 643 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 218 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1731 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site