(ප්‍රියන්ත ජයලත්)
ඉන්ධන ලබාගැනීමට පෝලිමේ සිටි පුද්ගලයකුගෙන් වැසිකිලි පහසුකම් ලබා දී රුපියල් 100 ක මුදලක් අය කරමින් වංචනික ලෙස මුදල් සුරාකෑමේ පුවතක් හෝමාගම ගොඩගම ප්‍රදේශයෙන් වාර්තා වේ
වාර්තා වන අන්දමට සිද්දිය මෙසේය
ත්‍රීරෝද රථ රියැදුරක් සිය ත්‍රිරොද රථයේ ඉන්ධන අවසන් වීම නිසා හෝමාගම ගොඩගම පාදුක්ක පාරේ තිබූ ඉන්ධන පිරවුම්හලක පෝලිමකට ගොස් ඇත.
දින ගණනක් සිටියදී එසේ එහෙම සිටියදී එම ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන තොග අවසන් වීම නිසා නැවත ඉන්ධන ලැබෙන තෙක් ඔහුට දින දෙකක් එහි රැඳී සිටීමට සිදු වී ඇත .
එසේ සිටියදී එම පුද්ගලයාට වැසිකිලි යාමේ අවශ්‍යතාවයක් ඇති වී තිබේ .
ඔහු එම අවශ්‍යතාවය සපුරාගැනීම සඳහා ඒ අසල තිබූ වෙළඳ සැලකට ගොස් ඔහුගේ අවශ්‍යතාවය පවසා ඒ සඳහා අවස්ථාවක් ලබාදෙන මෙන් වෙළඳසැල් හිමියාගෙන් ඉල්ලීමක් කර තිබේ .
එහිදී වෙළඳසැල් හිමියා එම වෙළඳසල පිටුපස තිබූ වැසිකිලිය පෙන්වා ඔහුගේ අවශ්‍යතාවය ඉටුකර ගැනීම සඳහා අවස්ථාව ලබා දී ඇත .
ඒ අනුව එම පුද්ගලයා ඔහුගේ අවශ්‍යතාවය ඉටු කරගැනීමෙන් අනතුරුව වෙළඳසැල් හිමියාට ස්තුති කර යාමට සූදානම් වූ අවස්ථාවේෙ වෙළඳසැල් හිමියා එම පුද්ගලයාගෙන් වැසිකිලිය පාවිච්චි කරාට රුපියල් 100 ක මුදලක් ඉල්ලා ඇත .
එහිදී ඔහුට දෙවියෝ සිහි විය . ගිය දේ නැවත ගැනීමට නොහැකි යැයි සිතමින් වෙළඳසැල් හිමියාට රුපියල් 100 ක් දී වෙළඳසැලෙන් පිටව ගියහ
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ
ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මෙහෙමත් රටක්