IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැඳවිය යුතුයි

(සුජිත් හේවාජුලිගේ )

රටේ අර්බුදය නිශ්චිතව විසඳාගත හැක්කේ  පාර්ලිමේන්තු මහ මැතිවරණයක්  කැඳවීමෙන් පමණක් බව  සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අතරේදී  මහජනතාවගේ ආර්ථික ප්‍රශ්න වි‍සඳීම  මෙන්ම  ආණ්ඩු ක්‍රමයේ වෙනස්කම් ඇති කිරීම කළ යුතු බවත් මහ ජනතාවගේ අපේක්ෂාවද එයම බවත් ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ රටේ ආර්ථික සහ දේශපාලන ගැටලු සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

නිශ්චිත කාලයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් පැවැත්වීමෙන් ස්ථාවර පාර්ලිමේන්තුවක් බිහිකර ගැනීමට  හැකියාව ලැබෙන බවද දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩු ක්‍රමයේ ඇතිවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් මහජන එක්සත් පෙරමුණ  දැනටමත් යෝජනා ඉදිරිපත් කර ඇතැයි පැවසූ අමාත්‍යවරයා  කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පාර්ලිමේන්තුවේ පක්ෂ නායක කමිටුවේදී   ගන්නා තීරණ වහා ක්‍රියාත්මක කරවා ගැනීමද  ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයේ පැවැත්ම සහ විශ්වාසය සඳහා ඉතා වැදගත් බව සඳහන් කළේය.



අදහස් (5)

පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැඳවිය යුතුයි

SL Monday, 09 May 2022 03:16 PM

තමුන් හම්බකරන සල්ලි වලින්ද ඡන්ද තියෙන්නේ? රටේ තියෙන්නේ ආර්ථික අර්බුධයක්. 225 කාලකන්නි ඕක අස්සේ ඉන්නවා. චිට් එකෙන් ආපු වැද්දන් ටික අයින් කරලා අලුතින් ආර්ථිකය ගැන, සංවර්ධනය ගැන දන්නා මිනිස්සු ටිකක් අරගෙන රටේ ප්‍රතිපත්ති හදපල්ලා...

:       5       30

sharm warn Monday, 09 May 2022 03:19 PM

රටට කෙළවෙලා මිනිස්සු මරලද තීරණ ගන්නේ? පක්ෂයක් අටවගෙන හොරුන්ට කත් අදිනවා. පියාටත් නින්දාවක්...

:       5       35

අසංග Monday, 09 May 2022 03:29 PM

අඩු වියදමකින් හෝ මහමැතිවරණය කරන්න සිද්ධ වෙනවා. නැතිනම් රාජ්‍ය තස්ත්‍රවාදීන් සහ අරගල කරුවන් අතර යුද්ධයක් ඇතිවෙලා විශාල ලේ හැලීමක් වෙන්න ඉඩ තියෙනවා...

:       0       30

Sk Monday, 09 May 2022 03:55 PM

මෙයා තනිකරම කියන්නේ බයිලා... රට අගාධයට දාලා..

:       2       18

Ravi Monday, 09 May 2022 04:33 PM

ස්ථාවර පාර්ලිමේන්තුවක් තිබිලා නේද ගොඩගන්න බැරි විදිහට ආර්ථිකය කඩා වැටුණේ..? මැතිවරණ තිබ්බා කියලා ආර්ථිකය නගා හිටුවන්න පුළුවන්ද?... හොරකම, වංචාව නැති කරන.. වගවීමක් තියන.. නාස්තිය නැතිකරන ක්‍රමයක් ගේන්න ඕනෑ. පාර්ලිමේන්තු වයස් සීමාව උපරිම 60 කරන්න ඕනෑ.

:       1       13

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 252 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 537 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 649 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 382 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 462 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 165 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site