IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ප්‍රා. මන්ත්‍රී රෙද්දක් හැට්ටයක් ඇඳ සභාවට එයි

(දිනේෂ් උපේන්ද්‍ර)

කුලියාපිටියට ලබා දුන්  ශික්‍ෂණ රෝහල හා මහාචාර්ය ඒකකය රැකගැනීමට අපොහොසත් වුයේ යැයි චෝදනා කරමින්   කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී ඉඳුනිල් කුමාරතුංග මහතා අද  පැවති ප්‍රදේශීය සභා සැසියට චීත්තයකින් හා හැට්ටයකින් සැරසී පැමිණියේය.

ශික්ෂණ රෝහලට සහ මහාචාර්ය ඒකකය රැක ගන්නා බවට ජනතාවට මැතිවරණයට පෙර පොරොන්දු වූ බවත් එවන් තත්ත්වයක් තුළ එම ඒකකය රැක ගැනීමට අපොහොසත් වීම නිසා ජනතාවට ඉදිරියට පිරිමියකු සේ ඇඳ යා නොහැකි බව ද ඉඳුනිල් මන්ත්‍රීවරයා චෝදනා කළේය.

ප්‍රාදේශීය සභා මාසික රැස්වීම  ආරම්භවීමට පෙර පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීවරු රැසක් එක්ව කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නරත වූහ.

එම නිසා ඉදිරියේදී අමුඩ ඇඳ හෝ මෙම රෝහල රැක ගැනීමට කටයුතු සිදුකරන බව එම ස්ථානයට රැස්ව සිටි මන්ත‍්‍රී කණ්ඩායම පැවසීය.



අදහස් (8)

ප්‍රා. මන්ත්‍රී රෙද්දක් හැට්ටයක් ඇඳ සභාවට එයි

Siri Thursday, 10 June 2021 06:07 PM

සර්ටත් ඇන්දුවා නම් නේද හොඳ?

:       0       0

fairoos Thursday, 10 June 2021 06:08 PM

මෙහෙම කරලා අපේ සර්ව අපහසුතාවයට පත් කරන්න එපා..

:       0       0

Keppetipola Thursday, 10 June 2021 06:53 PM

කොහොමත් කුලියාපිටියේ මිනිස්සු ගැහුණු වගේ තමයි.

:       0       0

Dilshan Thursday, 10 June 2021 06:54 PM

කමක් නෑ. ඔය රෙද්දත් ඉස්සරහට නැතිවෙනවා. ඔහොම යං..

:       0       0

පණ්ඩුල පත්මනාත් බණ්ඩාර Thursday, 10 June 2021 09:54 PM

අකිල පරද්දපු කුලියාපිටියේ මිනිස්සුම අද තමන්ගේ දෑතින් නිර්මාණය කරපු පොහොට්ටු පක්ෂය විසින්.., ඔවුන් ජවය දීලා නිර්මාණය කළ ආණ්ඩුව, තමන්ගේ කටින්ම කියලා කුලියාපිටියේ මිනිස්සුන්ගෙන් ඉල්ලා දුන්නු මනාපයට, ඒ ලබාදුන්න බලය විසින්ම තමන්ව නිරුවත් කර ඇති බව අද පිළිගන්නවා... මේ සියලු සම්පත් කුලියාපිටියට ගෙනාවේ හිටපු අමාත්‍ය අකිල විරාජ් මැතිතුමා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරුණ, තරුණියන්ට ලබා දුන්නු ඒ රැකියා ප්‍රමාණය නිසා අද කුරුණෑගල දිස්ත්‍රික්කයේ සහ මුළු රටේම කී දාහකගේ අද බඩගින්න නිවෙනවද.? යහපාලන ආණ්ඩු සමයේදී හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කුරුණෑගල දිස්ත්‍රික්කයට ලබාදුන් සම්පත් වන කුලියාපිටිය වෛද්‍ය පීඨය, ශික්ෂණ රෝහල, මහාචාර්ය ඒකකය, තාක්ෂණික හා ඉංග්‍රීසි අධ්‍යාපන විද්‍යා පීඨ, තාක්ෂණ විද්‍යා පීඨයන්.., නාගරික පුස්තකාලය, ශ්‍රවණාගාරය අද වත්මන් ආණ්ඩුවේ අනුන්ගේ ඒවා උස්සා සතුටුවෙන ඇතැම් ඇමතිලා උස්සන් යනවා.. ඇත්තටම අකිල විරාජ් වැනි නායකයින්ව ඔයිට වඩා ඉහළට එසෙව්වා නම් අද සමස්ථ රටම මෙහෙම විඳවන්නේ නැත. අප දෑස් ඉදිරියේ මේ මැවෙන්නේ ඒ යථාර්තයයි. අප මේ දකින්නේ රාජපක්ෂ දේශපාලනයේ ගඳගහන සත්‍යයයි.

:       0       0

Sri Lanka Friday, 11 June 2021 12:06 AM

කරන තරමක් කරන්නේ ගෑණු වැඩ හින්දා ... ඕක තමයි හොඳම ඇඳුම දේශපාලුවන්ට..

:       0       1

aka Friday, 11 June 2021 07:02 AM

වෛද්‍ය පීඨයක් හදන්න විශාල රෝහලක් අවශ්‍යයි. නමට ශික්ෂණ කෑල්ලක් දැම්මට රෝහල් ශික්ෂණ රෝහල් වෙන්නේ නෑ. මෙතෙක් සියලුම වෛද්‍ය පීඨ හැදුවේ කලින් පැවති විශාල රෝහල් යොදාගෙන. රෝහල් හදලා වෛද්‍ය පීඨ හදපු වෙන තැනක් නෑ...

:       1       0

Nihal de silva Friday, 11 June 2021 08:03 AM

ඔය විදිහට පොරොන්දු කඩ වුණාම ඉදිරියට හැමෝම රෙදි හැට්ට් ඇඳගෙන එනවාද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 18 0

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 107 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 230 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 86 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 568 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 711 3

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site