IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


චීවරධාරීන්ගේ ආගමික මධ්‍යස්ථානයට එරෙහිව අහංගම විරෝධතා


(සුමතිපාල දීයගහගේ සහ දිල්රුක්ෂි ග්‍රේරු)

අහංගම "මෙත් බෝ " සෙවන නමින් චීවරධාරීන් පිරිසක් විසින් පවත්වා ගෙන යනු ලබන
ආගමික මධ්‍යස්ථානයට එරෙහිව අද (05) අහංගම නගරයට එක්වු ගම්වාසීහු  දකුණු පළාත් මහනායක හිම්වරුන් ඇතුළු සංඝයා වහන්සේලා කලුකොඩ් ඔසවා විරෝධතාවක් පැවැත්වුහ.

වෙළඳසැල් හිමියෝද වෙළෙඳසැල් වසා දමා මෙම විරෝධතාවයට සහාය දැක්වුහ.

අහංගම මෙත් බෝ සෙවන නමින් පවත්වා ගෙන යන මෙම අසපුවට ගම්වාසීන්ට පවා පැමිණිම තහනම් වේ. එහෙත් බණ ඇසීමට යන තරුණියන් මහණ කරවාගෙන භික්ෂූන් වහන්සේලා සිටින කුටි අසලම නවත්වාගෙන ඉන්නා බවට එම තරුණියන් ගේ පවුල්වල සාමාජිකයෝ අහංගම පොලිසිය හා ගාල්ල ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණලි කර ඇත .

අහංගම ගම්වාසීන් වසර 60 ක් පමණ භාවිත කළ ප්‍රධාන මාර්ගය මෙත්බෝ සෙවනේ ඇබිත්තයන් දෙදෙනකු විසින් ට්‍රැක්ටරයක් හරස් කර පසුගිය සතියේ වසා  දමා ඇතැයිද ගැමියෝ කියති.

ඊට ගම්වාසීන් විරෝධය දක්වද්දී මෙත් බෝ සෙවන හිමිවරු යකඩ පොලුද රැගෙන මැරවරයින්  සමග පැමිණි නමුත් අහංගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු  පිරිසක්  ගැටුමක් ඇතිවීම වළක්වාලීමට කටයුතු කර තිබේ. එහෙත් ට්‍රැක්ටර් රථය යොදා මගහරස් කළ ඇබිත්තයන් දෙදෙනා අත් අඩංගුවට ගෙන තිබිණ .

ගම්වාසීන් වෙනුවෙන් සාධාරණය ඉටුකරන්නට ඉදිරිපත් වී ඇත්තේ අහංගම පොලිස් ස්ථානාධිපති මංජුල ද  මහතාය. එහෙත් පසුව  එම විරෝධතාවය අහංගම නගරයට ගෙනයාමට ගම්වාසීන් හා අවට විහාරස්ථාන වල විහාරාධිපති වරුන් එක්ව සිටියහ.

 



අදහස් (16)

චීවරධාරීන්ගේ ආගමික මධ්‍යස්ථානයට එරෙහිව අහංගම විරෝධතා

Saman Saturday, 05 September 2020 10:18 AM

මේක අසපුවක් නොවේ. රංග පිඨයකි.

:       8       202

ගුත්තිල මුසිල Saturday, 05 September 2020 10:45 AM

සිංහලයින්ගේ ප්‍රශ්න සිංහලයින්ටම විසඳගන්න බැරි රටක්, එහෙ මන්ත්‍රීකම බෙදාගන්න තවත් පිරිසක් පොර බදිනවා. අබ සරණයි...!!! 

:       85       227

dhamneth Saturday, 05 September 2020 10:47 AM

ගම්වාසීන් එකතු වුණාම ඔය චීවරධාරීන් ටික මර්ධනය කරන්න බැරිද?

:       51       378

anivaryaSaturday, 05 September 2020 04:47 PM

ඔබ හරි මුට්ටිය ගොට්ටා අල්ලන්න පුරුදු මිනිස්සු බෝර්ඩ් ලෑලි අල්ලන එක කජ්ජක් නොවේ. මේවට පුරුදු වුණාම මොකවත් කරන්න බැහැ.

:       0       21

ධනුක Saturday, 05 September 2020 11:33 AM

මේක විතරක් නෙමෙයි, චතුර ධර්ම කථිකයින් වශයෙන් බණ මුදලට ප්‍රධාන වශයෙන් විදේශීයව අලෙවි කරන හා විදේශ රටවල ශ්‍රමිකයින් ධර්මයෙන් අන්ධකර පුණ්‍යායතන, ආරාම, පන්සල්, සෑයවල් හැදීමට කියා විදේශ ශ්‍රමිකයින්ගේ මුදල් ගෙන එම මුදල් වලින් ඉතා සුලු කොටසක් රටට ලෝකෙට පේන්න පුණ්‍යකර්මවල යොදවා ඉතිරි විශාල කොටස තම නෑදෑ හිතමිතුරන්ට ව්‍යාපාර ආරම්භ කරදී අහිංසක බොදු බැතිමතුන් රවටමින් මහා යතිවරයාණයන් වහන්සේලා වශයෙන් පෙනීසිටින චීවරධාරීන්ගේත් සැබෑ තතු රටට හෙලිකර ශාසනයෙන් පන්නා දැමීමටද මහනායක හිමිවරු ඇතුලු සියලු බොදු ජනතාවගේ අවධානය යොමුවිය යුතුයි.

:       0       18

Champa Saturday, 05 September 2020 01:14 PM

කාලයක් තිස්සේ දකින්න බලා හිටපු දෙයක්. කොන්ද පණ තියෙන අහංගම සිංහල බෞද්ධයින්ටත්, දකුණු පළාතේ සැබෑ බෞද්ධ මහනායක හිමිවරුන්ටත්, අනිත් හාමුදුරුවරුන්ටත්, අහංගම පොලිස් ස්ථානාධිපතිතුමාටත් මගේ ඉහලම ගෞරවය. සිංහල බෞද්ධයන් මේ විදිහට "අබෞද්ධ කහ චීවරධාරීන්ට" එරෙහි වෙන එක සිද්ධ වෙන්නම ඕනේ දෙයක්. එන්ජීඕ මුදලින් නඩත්තු වෙන අබෞද්ධ කහ චීවරධාරින්ට එරෙහිව ලංකාව පුරාම සියලු සිංහල බෞද්ධයන් පාරට බහින්න ඕනේ. බුදුදහමේ නාමයෙන් අබෞද්ධයින්ට මේ පෝෂණය කරන්නේ බුදුදහම විනාශ කරන ලබ්ධියක්... බෞද්ධයන් අන්‍ය ආගම්වලට හැරවීම දැන් අලුත් විදිහට සිද්ධ වෙනවා කාන්තාවන් ඉලක්ක කරගෙන. බුදුදහම සම්පූර්ණයෙන් විකෘති කරන මේ කුමන්ත්‍රණකරුවන් අත්අඩංගුවට ගන්න ඕනේ. පන්සල් අසපුත් මේ රටේ නීතියට යටත්... ප්‍රදේශයේ සාමයට සහ ජනජීවිතයට අවහිරයක් වෙන මේ අසපුව වසා දමන්න උසාවි නියෝගයක් ගන්න ඕනේ.

:       0       19

Champa Saturday, 05 September 2020 01:28 PM

සියම් සහ රාමඤ්ඤ-අමරපුර නිකාය භාර මහනායක හිමිවරු අනුනායක හිමිවරු තවදුරටත් බුද්ධ ශාසනය වෙනුවෙන් කැපවුණු බවක් පෙනෙන්න නැහැ. දැන් රට පාලනය කරන්න තියෙන නිසා තමන්ගේ නිකාය පාලනය කරගන්න වෙලාව නැහැ. තනතුරු ලාභ සඳහා පාලකයින් කිඹුහුමක් ඇරියත් ඒ වෙනුවෙන් ප්‍රශස්ති ගායනා කිරීමට සහ ඔවුන් කරන සියලු දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී වැඩ සාධාරණය කරන්න තියෙන නිසා බුද්ධ ශාසනය වෙනුවෙන් වෙන් කරන්න කාලය දැන් නැහැ. තමන්ගේ නිකායවල හාමුදුරුවරු එන්ජීඕ මුදල් අරන් සම්බුද්ධ ශාසනයට කරන විනාශය දැක දැක නොදැක්කා වාගේ ඉන්නේ තමන්ගේ පන්සල් වලටත් ඒ මුදල් දෙන නිසා වෙන්නැති. ගෙදර බුදුන් විදිහට පිදුම් ලද බෞද්ධ කාන්තාවන් ගැන, ගිහියන්වත් නොකියන ඉතා අශීලාචාර දේවල් බණ විදිහට කියන කහ චීවරධාරින් ඉන්නවා. සිංහල බෞද්ධ කුල කාන්තාවන් පන්සල් වලින් ඈත්කරලා වෙන වර්ගයක කාන්තාවන් පන්සල්වලට ගෙන්න ගෙන ශාසනය අපවිත්‍ර කිරීමේ සංවිධානාත්මක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මෙවන් අයට එන්ජීඕ වලින් විශාල වශයෙන් මුදල් වියදම් කරනවා. සම්බුද්ධ ශාසනය සහ සිංහල බෞද්ධ කුල කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් ලංකාව පුරාම ඉන්න සිංහල බෞද්ධයා මේ වගේ පෙරට ආ යුතුයි.

:       0       12

කමල් ජයසිංහ Saturday, 05 September 2020 01:31 PM

මේ අය ගම්පහ පැත්තේ සම්මාදම් එකතු කරනවා. අද ස්ටේෂන් එක ගාව හිටියා.. අනේ ශාසනේට වූ දෙයක්. කරඬු, වෙහෙර කොත්, බුදුපිළිම ලොරිවල තියාගෙන මේ කරන්නේ බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන් නිවන් මාර්ගයට හේතුවෙන දේවල්ද? මේක තනිකරම ඒ උතුම් දර්ශනයේ නාමයෙන් කරන ජාවාරමක්...

:       0       13

kuma Saturday, 05 September 2020 02:08 PM

දානේ නොදී ඉන්න. එතකොට ඉබේම මර්ධනය වෙයි.

:       0       1

කමල් Saturday, 05 September 2020 02:12 PM

කුඩා ලොරියකින් තැන තැන ගොස් ඉදිකිරීම්වලට යැයි කියමින් මුදල් එකතු කරන චීවරධාරීන්, චීවරධාරිනියන් කොළඹ අවට මම දැක තිබෙනවා. භික්ෂූන්වහන්සේලා මුදල් පිළිගැනීම විනය විරෝධි ක්‍රියාවක්. චූදිත පිරිසට "චීවරධාරීන්" යැයි කීම ගැළපෙනවා.

:       0       17

විජේ Saturday, 05 September 2020 02:13 PM

අසපු කිව්වට අනේ මන්දා...

:       0       1

සුනිල් ගීකියනගේ Sunday, 06 September 2020 12:35 AM

වාර්තා කරනකොට ප්‍රශ්නේ දෙපැත්තම වාර්තා කරන්න ඕනේ නේද? එක් පැත්තක විතරක් තොරතුරු මගින් නියම පින්තූරය ගන්න බැහැ. ඒ හාමුදුරුවො වව්නියාවේ කරගෙන යන වැඩේ ඉවර කරනකම් මේ අයට නිශ්ශබ්දව ඉන්න පුලුවන් නම් හොඳයි.

:       0       0

w.l leelananda Sunday, 06 September 2020 01:14 AM

මෙය අසත්‍ය ප්‍රචාරය කරන තැනක්... බුදුදහමට එරෙහිව කරන නිඝණ්ඨයින්ගේ වැඩක්මය.

:       0       25

rathna#siri Sunday, 06 September 2020 08:13 AM

අපි නම් ඕවා ගණන් ගන්නේ නැහැ. අවුරුදු 25කින් පන්සල් යන්නෙත් නැහැ. දානෙ දෙන්නෙත් නැහැ.

:       0       26

athula Sunday, 06 September 2020 08:35 AM

කොහොමද පොහොට්ටුවේ වැඩ? මේ අය හදා දරදිය අැද්දෙ මේවාට තමයි.. දැන්වත් තේරෙනවද?

:       0       0

Demuni Uduwara Sunday, 06 September 2020 01:16 PM

බෞද්ධ භික්ෂූන් කොහෙද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 0 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 93 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 175 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 430 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 598 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 240 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site