IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


කොළඹට ගුවන් කෝච්චි

(ඩයනා උදයංගනී)

කොළඹ වාහන තදබදයට ප්‍රායෝගික විසඳුමක් ලෙස සමස්ත කොළඹ නාගරික කලාපය ආවරණය වන පරිදි කණු මතින් ඉදිවන දුම්රිය මාර්ග පද්ධතියක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

එහිදී කොළඹ නාගරික කලාපයම ආවරණය වන පරිදි දුම්රිය මාර්ග 4ක් ඉදිවන බවත් ඒවා රත්ක, හරිත, නීල හා දම් යනුවෙන් නම් කර තිබෙන බවත් සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා පැවසීය.

පෞද්ගලික හා රාජ්‍ය හවුල් ව්‍යාපාරයක් ලෙස මේවා ඉදිකිරීමට නියමිත බව ද ඇමතිවරයා සඳහන් කළේය. අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

රත්ක දුම්රිය මාර්ගය කිලෝමීටර 42 ක දිගින් යුතු වන අතර එය රාගම සිට පිටකොටුව හරහා කොට්ටාව දක්වාත්, කිලෝටීමර 28 ක් වන හරිත මාර්ගය මොරටුව සිට නාරාහේන්පිට හරහා කැලණිය දක්වාත්, කිලෝමීටර 23ක දිගින් යුතු නීල මාර්ගය කොට්ටාව සිට ඉසුරුපාය හරහා හුණුපිටිය දක්වා සහ දම් වරාය නගරයේ සිට බොරැල්ල හරහා අතුරුගිරියට ඉදිවන බව ද ඇමතිවරයා කීවේය.

මෙය ඉදිකිරීම් සඳහා පෞද්ගලික අංශයෙන් අරමුදල් යොදවන බවද ගම්මන්පිල මහතා සඳහන් කළේය. මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසිනි.

 



අදහස් (13)

කොළඹට ගුවන් කෝච්චි

sena Tuesday, 30 March 2021 02:00 PM

අවශ්‍ය කොමිස් එක ගාණට සෙට්වෙලා ඇති... නැතිනම් හෝමාගම ඉඳලා කොළඹට එන්න තිබ්ච්ච ජපන් ආධාර ක්‍රමයට තිබිච්ච යෝජනාව අවලංගු කළේ මොකද?

:       7       622

kapilaTuesday, 30 March 2021 03:20 PM

ආපසු ණය ගෙවීමට නොහැකි නිසා...

:       41       10

විජිත් Tuesday, 30 March 2021 02:45 PM

අපි කවුරුත් දැන්වත් පාට භේද, ජාති ආගම් භේද නොසලකා අපේ රට චීනාගෙන් සහ පොහොට්ටුවන්ගෙන් බේරාගන්න ක්‍රියා කරමු. චීනය අපේ රට සම්පූර්ණයෙන්ම ගිලගෙන යන්නේ. මේ ව්‍යාපෘතියටත් චීනා සම්බන්ධ ඇති. මීට කලින් ජපන් ආධාර යටතේ මොනෝ රේල් එක හදන්න යනකොට මේ රජය චීනාගේ ඉල්ලීම පිට එය නවතා දැමුවා. අපිට හිටපු අවංක මිතුරෙක් අපෙන් ටිකක් ඈත්වුණා. කෙසේවෙතත් ජපානයේ තාක්ෂණයට වත්, ජපානයේ භාණ්ඩ වලටවත් තව අවුරුදු 15 කටවත්, චීනාට අසන්න වෙන්න බැහැ. ඒ වගේමයි චිනාගේ එකම කාර්යය "වෙනත් දියුණු රටවල් කොපි කිරීම"පමණයි. දැන්වත් අපි කවුරුත් චීන භාණ්ඩ වර්ජනය කරමු. ඒ වගේමයි.. මේ යන විදිහට ගියොත් මේ රටේ සිටින චීන්නුන්ව රටෙන් පන්නන තත්වයටම මිනිසුන් පෙළඹෙනවා. එතකොට මේ රට චීන්නුන්ට පාවාදෙන පොහොට්ටුවන්ට ඉබේම මුහුදට පනින්න වෙනවා. ඒ වගේම ඉතිරි දේශපාලන පක්ෂත් ප්‍රවේශම් විය යුතුයි. ප්‍රධාන විපක්ෂ මේ ගැන ප්‍රකාශයක් කළ යුතුයි. නමුත් ජවිපේ චීනාට විරුද්ධව යමක් කියයිද..?

:       10       70

sajeewa Tuesday, 30 March 2021 03:01 PM

මේකට බඩු පටවන්න පුළුවන්ද?

:       4       47

බද්රානි Tuesday, 30 March 2021 03:05 PM

සුවිශේෂී අඩු පොලියකට ලබාදුන් ජපන් ණය හා ඔවුන්ගේ තාක්ෂණය ප්‍රතික්ෂේප කරමින්, වැඩි පොලියට චීනෙන් ලබා ගන්නා වූ ණය මුදලින් මේ ව්‍යාපෘතිය ඇරඹීම ගැන දේශප්‍රේමී කාන්තාවක්... මට නම් මාර සතුටක් දැනෙන්නේ. කවුද කියන්නේ අපේ රටේ පාලකයෝ තක්කඩි, කොමිස් කාක්කෝ, හා කම්බා හොරු කියලා? ඔය ණය මුදලින් තුනෙන් එකකින් ව්‍යාපෘතිය නිමා කොට ඉතිරි මුදල තමන්ගේ පොකට් එක සංවර්ධන ව්‍යාපෘතියට යොදා ගැනීම වරදක්ද? "සෞභාග්‍යයේ දැක්ම" යන්නෙහි අර්ථය එය නොවේද? නුගත් අපිටත් ඉඳ හිට වියත් මගේ උගතුන්ගේ බුද්ධිමත් අදහස් පහල වෙනවා. දැක්කද, වෙනස කාටද ආඩම්බර?

:       5       73

සෙනෙවිරත්න Tuesday, 30 March 2021 03:08 PM

මේකට කන්ටේනර් පටවන්න පුළුවන්ද?

:       4       41

WCA Tuesday, 30 March 2021 03:14 PM

හොඳ වැඩක්. එ්ත් ඕක දුම්රිය දෙපාර්තුමේන්තුවට නම් පාලනය දෙන්න එපා. හත් පොලේ ගා ගනියි. මේ අයට ඕන ඕන විදියට ස්ට්‍රයික් කළොත් රට නෙවෙයි දියුණු කරන්න වෙන්නේ...

:       27       18

Eng G. Tuesday, 30 March 2021 03:19 PM

ජපන් මාර්ග පද්ධතියේ දිග සහ මිල...? මෙම පද්ධතියේ මුලු දිග සහ මිල කොපමණද? 

:       1       39

සෑම් Tuesday, 30 March 2021 03:29 PM

එක කුහක පවුලක්, රටක් ජාතියක් ගොනාට අන්දන තරම. සාර්ථක අඩු පොලි ජපන් ව්‍යාපෘතිය අවලංගු කලේ කොමිස් නැති නිසයි. පාඨලී චම්පිකගේ නම යන නිසයි..

:       8       65

Pabilis Tuesday, 30 March 2021 06:25 PM

සියලු පහසුකම් කොළඹ සහ අවට නගරවලට දිය යුතුයි... පිටිසර අයට කිසිම දෙයක් දිය යුතු නැහැ.

:       6       23

විපරමා Tuesday, 30 March 2021 07:03 PM

අධිවේගී මාර්ග හදලා ගසාකාපු හැටි අපි නොදන්නවා නෙවෙයි නේ. මේකත් හොඳ ඉල්ලමක්?

:       3       30

සේනක Tuesday, 30 March 2021 07:09 PM

එක්ස්පෙන්සිව් දේවල්මයි හොයන්නේ... අපිට සුරසැප දෙන්න වෙන්ටෑ.

:       3       27

Nihal Tuesday, 30 March 2021 09:11 PM

චම්පික රණවකට පින් සිදුවේවා... සැහැල්ලු දුම්රියේ අදහස පෙන්වා දුන්නට.. එහෙම නොවුණා නම් තවත් ටකරම් බාල්දි ගොඩක් ගේන්න තිබුණා.

:       14       33

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 354 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 736 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 898 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 490 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 539 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 191 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site