(ආනන්ද ඉ ජයකොඩි)
වේයන්ගොඩ එළුවපිටිය ගම්මානයේ කොරෝනා වයිරසය ආසාදනය වී අඹුසැමි යුවළක මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
කොරෝනා ආසාදිත වූ තිදරු පියා මීට සති කුනකට පෙර මියගොස් ඇති අතර ඔහුගේ බිරිය තිදරු මව ඊයේ දින මියගොස් ඇත.
ඔවුන්ගේ දරුවන් තිදෙනා ද වයස අවුරුදු තුනක මුණුපුරකු ද මේ වන විට කොරෝනා වයිරසයට ගොදුරු වි ඇතැයි සෞඛ්‍ය වාර්තා සඳහන් කරයි.
දැනට සති තුනකට පෙර කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී සැමියා මිය යාමෙන් පසුව නිවැසියන් සියළු දෙනාට සිදු කළ පී.සී.ආර් මියගිය මවට සහ ඇගේ ඇගේ පුතුන් තිදෙනෙකුට හා කුඩා දරුවාටත් කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට වාර්තා ලැබී තිබිණ..
එම පිරිස අද (12) ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවීමට සැලසුම් කොට සිටියදී මව ඊයේ (11) රාත්‍රී මිය ගොස් ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
මිය ගිය තැනැත්තිය ගේ නිවසේ සිටින සියළු දෙනාට වයිරසය ආසාදනය වී ඇති හෙයින් ආදාහන කටයුතු කිරීම සඳහා ඔවුන්ට දායක වීමට නොහැකි වීම හේතුවෙන් අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ගේ මැදිහත්වීම යටතේ කිසිදු මුදලක් අය නොකොට මිය ගිය මවගේ ආදාහන කටයුතු තිහාරිය මල්වත්ත ආදාහනාගාරයේ දී අද (12) දහවල් සිදු කෙරිණි.
සභාපති වරයාගේ ඉල්ලීම පරිදි නිට්ටඹුව ප්‍රදේශයේ මල් ශාලාවක් මගින් මෘත දේහය සකස් කොට අවමංගල රථයකින් ආදාහනාගාරය දක්වා වූ සියළු කටයුතු ද නොමිලේ කර දෙනු ලැබීය.
බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අඹු සැමි යුවළ කොරෝනාවට බිළි
Aruna Saturday, 12 June 2021 07:58 PM
එකට එක්වෙමු... සෞඛ්‍ය උපදෙස් පිළිපදිමු. මිනිසුන් වෙනුවෙන් හිතමු. සියලු දෙනාම රැකගනිමු. නැවත හිතමු මේ ගැන..
සත්‍යා Saturday, 12 June 2021 08:16 PM
රෝගය උත්සන්න වූ අවස්ථාවේ පමණක් රෝහල් ගත කිරීමට පියවර ගනු ලබන්නේ සෞඛ්‍ය අංශවලට මෙය දරාගත නොහැකි නිසා විය යුතුයි. වෛද්‍යවරු හා පාලන අංශවල භේද මෙන්ම අනෙකුත් රෝහල් සේවකයින්ගේ භේද පවා කොරෝනා මරණ මෙන්ම අනෙක් මරණත් වැඩි කරාවි. එන එන ආණ්ඩුවලින් පත්කරන උපස්ථාකයින්ගේ පවා රැවුම් ගෙරවුම් මැද අහිංසක ජනතාව රජයේ රෝහල් වෙත යන්නේ ඔවුන් බොහෝවිට දුප්පත්ම නිසයි. හැමෝම එකතු වී වැඩ නොකලොත් මරණ වැඩිවී සේවා සපයන්නත් මිනිසුන් නැතිවේවි... හමුදාව හැර අප රටේ රාජ්‍ය අංශවල අකාර්යක්ෂම බව එන්නත්කරණයෙන්ම පේනවා. එම ක්‍රියාවලියත් කොරෝනා බෝ කිරීමේ උත්සාහයක් වැනිය.
මෝ Sunday, 13 June 2021 02:34 AM
මේ වගේ සිද්ධිදිහා බලලවත් මේ වයිරසයේ භයානකකම ගැන හිතලා වැඩ කරන්න. සියලු ආරක්ශක පියවර පිළිපදින්න. මේ වසංගතය ලේසියට ගන්න එපා...
සූර සරදියෙල් Sunday, 13 June 2021 06:16 AM
මියගිය මවට නිවන් සුව... සභාපතිතුමා ඔබතුමාට ස්තූතියි. සහ මල්ශාලාවේ අධිපතිතුමා අැතුලු අයටද ස්තූතියි. අපි සියලුම දෙනා මේ අවස්ථාවේ අන්ත අසරණ තත්වයට පත්වෙලා ඉන්නේ... ඔබ සේවය බලා අනික් සියලුම වගකිවයුතු මහජන සේවකයින්ගෙත් අැස් අැරේවා...!!!
fairoos Sunday, 13 June 2021 12:33 PM
මියගිය මවට නිවන් සුව... සභාපතිතුමා ඇතුළු සැමටම ස්තූතියි ...!!!