(තරිඳු ජයවර්ධන)
රථවාහන වැරදි පහක අවම දඩය රුපියල් 25000 කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
එම වැරදි නම්,
- රියදුරු බලපත් නොමැතිව රිය ධාවනය
- රියදුරු බලපත් නොමැති පිරිස් රියදුරු සේවයේ නියුක්ත කිරීම
- බීමතින් රිය පැදවීම
- දුම්රිය හරස් මාර්ගයට අපරික්ෂාකාරීව වාහන ඇතුළු කිරීම
- වලංගු රක්ෂණාවරණයක් නැතිව රිය ධාවනය
COMMENTS
වත්කම් හෙළි නොකිරීමේ වරදට ලබා දෙන රුපියල් 1000 දඩුවම රුපියල් ලක්ෂයක් දක්වා වැඩිකරානම් මොකද?
මෙයට අධික වේගයෙන් රිය පැදවීමද ඇතුලත් විය යුතුයි - දඩයක් ඇත්තටම හොඳට ඇගට දැනෙන දඩයක් විය යුතුයි. නැත්තම් දෙතුන් දාහක් ගෙවල නැවත එම වරදම කරනවා - 25,000 හොඳයි .
බොහොම හෝඳ තීරණයක්. කෝච්චියෙන් පොලිතීන් ප්ලාස්ටික් බෝතල් එළියට දාන අයටත් මෙම දඩයම නැතුව හදන්න බෑ. මුළු රටම කුණු ගොඩක්....
පනත සම්මත වීම සතුටක් වුවත්, රට තුල ඇති රියදුරු පාසැල් මාර්ග නීති රීති ගැන අද සවස පැයක දෙකක කාලයක් තුල දැනුම ලබා දෙන්නේ හෙට උදේ තියන ප්රශ්න පත්තරයට පිළිතුරු ලිවීමට පමණක් නම්, ලක්ෂයක දඩයක් අනුමත කරගත්තත් වැඩක් තිබේද?. පාලකයන්ගේ මොළවලට ගත යුත්තේ පළමුව ඒවාට පිළිතුරු සෙවීමටය.
2,3,4ට නම් 100000 දඩ ගැහුවත් මදි
මේවා ඉතාම හොද වැඩ, කෝ මේවට කොමෙන්ට් දාන්නේ නැද්ද කවුරුත්.
1 ට දඩයක් විතරක් මදි. කරපු කෙනාව බුලැක් ලිස්ට් කර වාහනය මාසයක් වත් පොලිසියේ තබා ගත යුතුයි.