IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


2017 ශ්‍රී ලන්කන් එයාර්ලයින් පාඩුව මිලියන 100 යි

(හර්ෂණ තුෂාර සිල්වා)

ඉකුත් මාර්තු 31 වැනි දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී පමණක්  ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ ගුවන් සමාගම ලැබූ පාඩුව ඩොලර් මිලියන 100  ඉක්මවන බව එම සමාගමේ නව සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා කොළඹදී අද (5) පැවැසීය. 

ලබන වසරේ මාර්තු 31 දිනෙන් අවසන් වීමට නියමිත මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව ඩොලර් මිලියන 160ත් 130ත් අගයකට   ඇස්තමේන්තු කර ඇතැයි ද සමාගම ගෙවිය යුතු ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 750කට ආසන්න වන බව ද නව සභාපතිවරයා කීය.

ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ඉදිරි මාස දෙක තුන ආරම්භ කරන බව කී සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා සමාගම ලාභ ලබන තුරු අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලු දෙනා වැටුප් හෝ වෙනත් ප්‍රතිලාභ නොගෙන සිටීමට ඒකමතිකව තීරණය කළ බව ද කීවේය. 

ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරනු ලැබූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉකුත් 2 වැනිදා නිවේදනය කළේය. එම අධ්‍යක්ෂ මණ්ඩලය මාර්තු මස 29 වැනිදා සිට බල පැවැත්වෙන බව ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. නව අධ්‍යක්ෂ මණ්ඩලය සහභාගී වූ පළමු මාධ්‍ය සාකච්ඡාව මෙය වේ. 

මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ නව සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා මෙසේ පැවැසීය. 

“උපදේශන ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගම සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කර තිබුණා. එහිදි යෝජනා තුනක් ඉදිරිපත් වූ තිබුණා. පළමු වැන්න කිසිවක් නොකර සිටීමයි. කිසිවක් නොකර සිටියොත් තවත් වසර දෙකක් යනවිට සමාගම වසා දමන්නට වෙනවා. එය රටේ කීර්ති නාමයට හොඳ නැහැ. දෙවැනි විසඳුම අධිකරණ විසඳුමක් පැතීමයි. එය අධික වියදමක් සහ කාලයක් ගත වන ක්‍රියාවලියක්. එවැන්නක් සඳහා ප්‍රමාණවත් නෛතික පසුබිමක් ද අපේ රට සතුව නැහැ. තෙවැනි විසඳුම ප්‍රතිව්‍යුහගත කිරීමයි. එය තමයි අපිට තිබුණ හොඳම විසඳුම. එය තරමක් දුෂ්කර සහ අභියෝගාත්මක කාර්යයක්. සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම තමයි අපට ප්‍රායෝගිකව ගත හැකි හොඳම විසඳුම. 

පසුගිය මාර්තු 31 වැනි දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී පමණක් සමාගමේ පාඩුව මිලියන 100 ඉක්මවනවා. දැන් ආරම්භ වී තිබෙන මූල්‍ය වසරේදී ගුවන් සමාගම මිලියන 160ත් 130ත් අතර පාඩුවක් ලබනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. අපිට ගෙවන්න තිබෙන ණය මිලියන 750කට ආසන්න වෙනවා. අපි සතුව ප්‍රාග්ධනය නැහැ. සමාගමේ සම්පූර්ණ සේවක මණ්ඩලය 7,000
කට ආසන්න වෙනවා. එයින් 1600ත් 2000ත් අතර අතිරික්ත සේවක පිරිසක් ඉන්නවා. මේ ආකාරයේ අර්බුද රැසකට සමාගම මුහුණ දී ඉන්නවා. අපට විසඳන්න ප්‍රශ්න රැසක් තිබෙනවා.

පසුගිය සමයේදී අරගෙන තිබෙන ණයවල පොළී අනුමත එහෙමත් නැතිනම් තරගකාරී අනුපාතවලට හුඟක් වැඩියි. වසර 2014 දී වගේ ගුවන් යානා හතරක් මිලදී ගෙන තිබෙනවා. එම ගුවන් යානා අපට දරන්නට බැහැ. එතරම් මුදල් හෝ හැකියාවක් අප සතුව නැහැ. මේ සම්බන්ධයෙන් අපි එයාර්බස් සමාගම සමඟ සාකච්ඡා කරනවා. පාඩු ලබන්න, ණය ප්‍රමාණය විශාල වශයෙන් වැඩි වෙන්න මේ ආකාරයේ කරුණු සහ සාධක රැසක් හේතු වී තිබෙනවා. 

සමාගම් කොටස්කරුවන්, අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරීත්ව යන ඉහළ කොටස් ත්‍රිත්වයකින් සමන්විතයි. මේ හැමෝටම වගකීමක් සහ කිරීමට කාර්යභාරයක් තිබෙනවා. හැමෝටම භූමිකාවක් තිබෙනවා. අපි අපේ භූමිකාව කරනවා. කළමනාකරීත්වය ඉලක්ක ලබා දෙනවා. 

ඒ නිසාම සමාගම ලාභ ලබනතුරු වැටුපක් හෝ වෙනත් ප්‍රතිලාභ නොගෙන සිටීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ අපි සියලු දෙනා තීරණය කළා. ඒ නිසා අපි ලාභ ලබන තුරු වැටුප් ගන්නේ නැහැ. මම මට ලබාදෙන නිල වාහනයවත් ගන්නේ නැහැ. අපි එවැනි කැපකිරීමක් කරන්න සූදානම්.

අපි උපදේශන සේවා ලබාගත්තා. ඒ අනුව ඉදිරි මාස දෙක තුනක කාලයේදී ප්‍රතව්‍යුහගත කිරීමේ කටයුතු ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. වසර දෙකක් හෝ තුනක් ඇතුළතදී ලාභ ලැබීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා. අපි කෙටිකාලීන වැඩ කරන්නේ නැහැ. මධ්‍යකාලීන සහ දිගුකාලීන ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් තමයි අපි කටයුතු කරන්නේ. එය තරමක් දුෂ්කර සහ කාලයක් ගත වෙන වැඩක්. 

අවශ්‍ය වුවහොත් අපි ජාත්‍යන්තර ආයෝජකයන් කෙරෙහි ද යොමු වෙනවා. රජයකට මේ පාඩු ලබන ආයතනයකට මෙතරම් මුදලක් වැය කරන්න. ඒ නිසා අපට යම්කිසි අවස්ථාවකදී ජාත්‍යන්තර ආයෝජකයන් කෙරෙහි ජාත්‍යන්තර පාර්ශවකරුවන් කෙරෙහි අවධානය යොමු කරන්න වෙනවා. 

අපි තවම පත්වුණා විතරයි. ඒ නිසා බොහෝ දේවල් කරුණු දෙස අපි අවධානය යොමු කරන්නේ. මේ සියලු දේවල් අපි සොයා බලනවා. විමර්ශනය කරනවා. ප්‍රශ්න මොනවාදැයි සොයා බලනවා. ඒ සියල්ල සිදු කර අපි ඉදිරි මාස දෙක තුනක කාලයේදී ප්‍රතිව්‍යුහගත කිරීම් ආරම්භ කරනවා.

ණය ගෙවීම් ආදිය සම්බන්ධයෙන් ණයහිමියන් ආදී පාර්ශව සමඟ සාකච්ඡා කරනවා. ප්‍රතිව්‍යුහගත කිරීම්වලදී අනාගත උපායමාර්ග, කළමනාකාරීත්වය, පාලනය ආදී සියල්ල කෙරෙහිම අවධානය යොමු කරනවා” යැයි සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා තවදුරටත් පැවැසීය.



අදහස් (10)

2017 ශ්‍රී ලන්කන් එයාර්ලයින් පාඩුව මිලියන 100 යි

සතයපාල Thursday, 05 April 2018 12:38 PM

පත්වෙලා සතියක් තරම් කාලයකින් සොයාගෙන තිබෙන තොරතුරු විස්මිතයි. කෙසේ වුවත් වැටුප් හා දීමණා ලබා නොගෙන සේවය කරන්න ගත් තීරණය ප්‍රශංසනීයයී. අපි බලන් ඉන්නවා ඔබතුමන්ලා එයාර් ලංකා ගොඩ දානකම්.

:       0       153

Nandalal DE SILVA - FranceThursday, 05 April 2018 07:00 PM

"එයාර් ලංකා" අඩි හයක් පොළොව යට ගිහිල්ල දැන් ගොඩක් කල් වෙනවා. දැන් නව පාලක මණ්ඩලය සුදානම් වෙන්නේ "ශ්‍රීලන්කන් එයාලයින්ස්" ගොඩ දමන්නයි. ලෝකයේ බොහෝ දියුණු රටවල වගේ අපේ මේ පුංචි ශ්‍රී ලංකාවටත් "එයා ෆෝර්ස් වන්" වගේ ජනාධිපති විශේෂ ගුවන් යානයකුත් ඇණවුම් කර තිබුන වග පසුගිය කාලයේ පුවත්පත් මගින් කියවන්න ලැබුනා නේද ? අපේ රටට දරාගන්න බැරි මිල ගණන් වලට ගුවන් යානා යානා මිලට (ණයට) ගත්තේ ඒවාට ගෙවන්නේ කොහොමද කියාවත් නොසිතාය ! ශ්‍රීලන්කන් ගුවන් ගමනාන්ත වලටත් වඩා දුර පියාසර කල හැකි විශාල ගනයේ යානා මිලට ගැනීමට අවසර දුන්නේ කව්ද කියා මහජනයා විමසනවා. එවැනි යානයකට අවශ්‍ය ඉන්ධන පුරවාගෙන මගීන් සංඛ්‍යාව අඩුවුන කල කොහොමද ලාභයක් ලබන්නේ ? එක පිම්මේ පැරිසියේ සිට කොළඹට යාමට මා ශ්‍රීලන්කන් එයාලයින්ස් කිහිපවරක්ම තෝරා ගත්තා. මගේ පවුලේ අයගේ අවමංගල දෙකකට මටත් සහභාගී වීමට අවස්ථාව ලැබුනේ ශ්‍රීලන්කන් එයාලයින්ස් වලට පින් සිද්ද වෙන්නයි. දැන් ඒකත් අහිමිවී තිබෙන නිසා මෙවැනි අවස්ථාවක් නැවත අවොත් යන්න වෙන්නේ " හත් දවසේ " දානයට මිස අවසාන කටයුතු සඳහා නොවේ ....

:       0       8

ROSHAN Thursday, 05 April 2018 02:18 PM

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඉන්න සේවක සංඛ්‍යාව දැක්කම පුදුම හිතෙනවා . ඉන්ධන නොමැතිව ගුවන්යානා කරේ තියාගෙන වෙන රට වලට අරගෙන යන්න පුළුවන්.

:       0       140

සනත් ඉතාලිය Thursday, 05 April 2018 02:39 PM

නතර කර තිබෙන රෝමය පැරිස් අතර සතියකට දෙතුන් වතාවක් ගමන් අරඹන්න. මගී සේවාවන් වලට අමතරව නැවුම් පලතුරු එලවලු මල් වර්ග වගේම මත්ස්‍ය නිශ්පාදනත් සමග කටාර් සහ එමිරේට්ස් අපේ රටට ගලායන මුදල් ඔවුන් ඩැහැගන්නවා. ඉහත ගමනාන්ත දෙක මුදල් උල්පත් කරුමෙට අපෙ පාලකයො ඒවා වසාදමනවා

:       2       57

SL Thursday, 05 April 2018 02:51 PM

ආර්ථික ප්‍රභූවරු නේද 2015 ඉදන් රට කරන්නේ?

:       84       809

aruna shantha Thursday, 05 April 2018 03:17 PM

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වැඩිපුරම ඉන්නේ ඡන්ද කාලෙට දේශපාලකයන්ට කඩේ ගිය අය. සුදුසුකම් ඇති අය නෙවෙයි. ඉතින් කොහොමද ලාබ ගන්නෙ??

:       0       116

Perera Thursday, 05 April 2018 06:57 PM

ඕකෙන් හුඟ හරියක් පාඩු වෙන්න හේතුවක් වෙන්න පුළුවන් ඕකේ වැඩ කරන අයටයි ඒ අයගේ පවුල් වල අයටයි නොමිලේ ගුවන් ටිකට් පත් වලින් විදේශ චාරිකා ලබා දීම.

:       3       32

Jehaan Thursday, 05 April 2018 08:15 PM

කොහොමද ලාභ ලබන්නේ? උද්දච්ච ගුවන් සේවිකාවන් යානාවටත් මීටර් 20 ක් උඩින් ඉඳන් ලංකාවේ සාමාන්‍ය මගීන්ට කෙනෙහිලිකම් කරනවා. ගුවන් මගීන්ගේ ගමන්මලු අස්ථානගත වෙනවා. ඒවා කඩලා භාණ්ඩ අරන්. පැමිණිලි නොසලකා හරිනවා. දුරකථන ඇමතුම් මගඅරිනවා. යානාවල පහසුකම් අවමයි. මෙල්බෙර්න් වලට ගිය මගේ ඥාති පුතෙකුට ආසන දෙකක් අතර කකුල් වලට ඉඩ මදි නිසා හිරි වැටිලා. තව වයසක උන්දලා මේවායේ යන එකට තෑගී දෙන්න ඕන. පාරිභෝගික සේවාව අන්තිමයි.

:       0       41

KapFriday, 06 April 2018 07:15 AM

බොරු කියන්න එපා

:       0       0

sumal perera Friday, 06 April 2018 12:13 AM

මේ ආයතනය ගොඩ දන්නා බැහැ. මේකේ ඉන්න දෙපාර්තමේන්තු ප්‍රධානින් ලොකු බොරුකාරයෝ. මෙයාල මේ අධ්‍යක්ෂක මණ්ඩලයත් රවුමේ ගෙනියනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 349 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 725 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 893 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 489 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 538 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 191 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site