IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


20 ට එරෙහිව මාදුළුවාවේ සෝභිත හිමි පිළිරුව අබියස විරෝධතාවක්

(නිමල කොඩිතුවක්කු)

‘19 න් ඉදිරියට‘ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ සත්‍යග්‍රහයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්  බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රය ඉදිරිපිට පිහිටි මාදුළුවාවේ සෝභිත හිමිගේ පිළිරුව අබියසදී අද (08) පස්වරුවේ පැවැත්විණ.

මහා සංඝරත්නය, විපක්ෂයේ දේශපාලඥයන්, විද්වතුන්, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර එහිදී ඔවුන් 20 වන ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමේ ජනතා ප්‍රතිඥාවක්ද ලබා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මාදුළුවාවේ සෝභිත  හිමියන්ගේ පිළිරුවට මල් වට්ටියක් තබා ගෞරවාචාර දැක්වීමෙන් අනතුරැව විරෝධතාවයට එක් විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, 19 න් ඉදිරියට ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු රාජිත සේනාරත්න, ආචාර්ය දයාන් ජයතිලක, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ලේකම් සුනිල් ජයසේකර සහ උලපනේ සුමංගල හිමියෝ මෙහිදී අදහස් දැක්වූහ.

අදහස් දැක්වීමෙන් අනතුරුව පිරිස පා ගමනින් පාර්ලිමේන්තුව දෙසට වන මහා මාර්ගයට පැමිණ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්, සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූහ.

අපේ රට රාජපක්ෂලාගේ රාජධානියක් නොවේ, ඒකාධිපති බල වියරුව පරදමු, විනාශකාරී 20 එපා,  20 න් පිටරැටියන් ජනාධිපති පුටුවට ආදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කර තිබිණි.

විරෝධතාවය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර තහනම් කිරීමට පොලිසිය පියවර ගත් අතර දැඩි පොලිස් ආරක්ෂාවක් ද මේ සඳහා යොදවා තිබිණි.

ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ විරෝධතාවට එක්ව සිටීම විශේෂත්වයකි.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල, කුමාර වෙල්ගම, සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ සිවිල් සංවිධාන නියෝජිතයන්, විද්වතුන්  ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)



අදහස් (9)

20 ට එරෙහිව මාදුළුවාවේ සෝභිත හිමි පිළිරුව අබියස විරෝධතාවක්

Lelwala Tuesday, 08 September 2020 02:02 PM

රට විනාශ කරපු අයම තමයි... මේ අයටත් ඕනේ ඒකම තමයි.

:       487       492

mp Tuesday, 08 September 2020 03:09 PM

සෝභිත හාමුදුරුවන්ටත් යහපාලනය තිත්ත වුණා හලෝ....

:       557       1012

isuru Tuesday, 08 September 2020 03:25 PM

20ට විරුද්ධ මෙච්චරයි නම් අනික් සියල්ලෝම 20ට කැමැති ඇති.. මෙහෙමත් රටක්...

:       144       169

chandima Tuesday, 08 September 2020 04:08 PM

අපවත් වූ මාදුළුවාවේ හාමුදුරුවන්වත් විකුණාගෙන කන්න වගෙයි යන්නේ.

:       175       254

Dharma Tuesday, 08 September 2020 05:15 PM

සෞභාග්‍යය කිව්වට වෙන්නේ අභාග්‍යයයි.

:       0       0

Toni Tuesday, 08 September 2020 11:05 PM

බුදුඅම්මෝ හෝ ගාලා සෙනග..

:       0       0

Bamunuarachchi Wednesday, 09 September 2020 02:46 AM

ඒ ගොල්ලෝ ඡන්ද දෙකේදීම ගොනාට අන්දා ගත්තා මදිවට තව කාවද මේ ගොනාට අන්දන්නෙ.?

:       182       0

Wasudewa Wednesday, 09 September 2020 04:37 AM

Chandima, තව අවුරුදු දෙකක් විතර යනකොටනම් සෝභිත හැමදුරුවෝ කියපු දේවල් ඇත්ත කියලා හිතෙයි. එතකොට පරක්කු වැඩියි කියලා හිතෙයි.

:       19       419

BamunuarachchiWednesday, 09 September 2020 05:45 AM

ඇයි තව අවුරුදු දෙකක් ඉන්නේ.?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 130 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඪ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 465 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 318 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 416 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 948 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1701 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site