IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


100 -101 බස් වර්ජනයක


 
එච්. එම්.ධර්මපාල    

                                                             
පානදුර - පිටකොටුව, මොරටුව - පිටකොටුව මාර්ග අංක 100 හා 101 යන පෞද්ගලික බස් රථ අද (18)  සිට සම්පූර්ණයෙන් ධාවනයෙන් ඉවත් වී වර්ජනයක යෙදී සිටිති. 


මේ නිසා අද උදෑසන සිට පාසල් ළමුන් කර්යාල සේවකයන් විශාල ප්‍රමාණයක් ගාලු පාර ඔස්සේ පිටකොටුව දක්වා යාමට අපහසු වීමේන් දැඩි පීඩාවට ලක්වී සිටිනු ද දක්නට ලැබුණි. 


මෙම වර්ජනයට හේතුව වී ඇත්තේ ගාල්ල, මාතර, අම්බලන්තොට, කතරගම වැනි දුර ප්‍ර‍දේශ වලින් පැමිණෙන  සියළු බස් රථ පානදුර සිට පිටකොටුව, කොල්ලුපිටිය දක්වා වන ගාලු පාර සෑම බස් නැවතුමකම නවත්වා මගීන් විශාල ලෙස පටවා ගැනීම සිදුකරන බැවින් අංක 101 - 100 බස්රථ වලට මගීන් අඩුවීමෙන් තම දෛනික ආදායම් අඩුවී යන බවයි.  



අදහස් (7)

100 -101 බස් වර්ජනයක

Mark Monday, 18 June 2018 08:41 AM

කොළඹට එනකොට විතරය් , යනකොට පානදුරෙන් එහා .වැරදිලාහරි නැග්ගොත් ඉවරය්, බල්ලෙක්ටත් එහා ...ඕකුන්ට තහනම් කරන්න ඕනේ එනකොට ගන්න එක සම්පූර්ණයෙන්ම

:       0       0

Roshan Monday, 18 June 2018 08:56 AM

එහෙම වෙන්නෙ කොට කොට යන නිසා

:       0       132

Hussain Monday, 18 June 2018 09:15 AM

මගීන්ට අවශ්‍ය ඉක්මණින් තමන්ගේ පාසල් හෝ සේවා ස්ථානයට යාමයි. 100 සහ 101 බස් නැවතුම්වල වැඩි වෙලාවක් නවත්වා සිටීම මගින් ඔවුන් දුර බැහැර සිට පැමිනෙන බස්රථ වලට නගිනවා.

:       0       171

theshan Monday, 18 June 2018 10:43 AM

මේක වැඩිම දවස් තුනයි, ඊට වැඩා කලොත් දන්නවා ලිසිං ගෙවන්න බැරුව හිර වෙන බව.

:       0       32

රසික Monday, 18 June 2018 11:17 AM

තමනුත් මග කොටකොටා ඉන්නේ නැතුව යනවා නම් සෙනඟ ඉඳීවි. කවුද කැමති මග රස්තියාදු වෙවී ඉන්න.

:       0       136

ajith Monday, 18 June 2018 01:45 PM

පුදුම නීතියක්නේ... මේ අය කොට කොට පැය දෙකක් විතර ගාලු පාරේ යනකොට.. සල්ලි දීලා අපි විඳවන්න ඕනේ. අපි සල්ලි දීලා විඳවලා ඒ අයගේ අමාරුව සුව කරන්න ඕනේ. කොට කොට යන්නන්ට සේක්ෂන් ගන්න. මේවා යකාගේ නීති තමයි.

:       0       0

Suranjith Tuesday, 19 June 2018 08:16 AM

100 පානදුර කොලඹ බස් යන්නේ පරණ පාරෙ ඒක මිනිස්සු කැමති නෑ. තව එකක් අනවශ්‍ය ලෙස කොට කොටා යෑම. පානදුර පෞද්ගලික බස් නැවතුමෙන් පටන් ගත්තම ඊලඟ නැවතුමේ නවත්තගෙන රියදුරා බෙල්ල එලියට දාගෙන ඊලඟ බස් එක පාරට දානකන් ඛලන් ඉන්නව. ආපහු පානදුර දකුණ පොලිසිය නැවතුම පල්ලිමුල්ල කෙසෙල්වත්ත මොරටුවට එනකන් ඒකම තමයි කරන්නේ. ඉතින් කව්ද කැමති සල්ලි දීල චාටර් වෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 8 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 37 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 108 0

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 146 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 265 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 96 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site