දඹුල්ලත් ජාජබට යයි පළාත් පාලන ඡන්දයෙන් පැහැදි ජයක් ලබාගැනීමට නොහැකි වූ දඹුල්ල ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයකු තෝරාපත් කරගැනීම සඳහා පැවැති රහස් ඡන්දයෙන් ජාතික ජනබලවේගය පක්ෂයෙ ඩබ්ලිව්.එම් තිලකරත්න මහතා තේරිපත් විය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 15කි. 16 June 2025
වැවිලි අමාත්‍යංශයේ සැප වාහන විකුණන්න දමයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් සුඛෝපභෝගී වාහන 16ක් සහ සෙසු වාහන 3 ක් විකිණීම සඳහා ටෙන්ඩර් කඳවා ඇතැයි අමාත්‍යාංශය කියයි. 16 June 2025
සුව ඇමති දකුණේ පුංචි ප්‍රතිකාර ඒකක බලන්න යයි දකුණු පළාතේ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකක සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට ලක් විය. 16 June 2025
කෝටි 15ක කේරළ ගංජා සමඟ දෙන්නෙක් කොටුවෙයි යාපනය පොන්නාලෙයි ප්‍රදේශයේදී සහ පොලිගන්ඩි ප්‍රදේශයේදී රුපියල් කෝටි 15 කට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 513 ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි යාපනය පොලීසිය පැවසීය. 16 June 2025
වත්කම් බැරකම් 30ට කලින් බාර දෙන්න වත්කම් ඉදිරිපත් කළ යුතු සියලුම නිලධාරීන් ලබන 30 වැනිදා හෝ ඊට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ සිය ආයතන ප්‍රධානීන්ට භාරදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දෙයි. 16 June 2025
රැස්වීමට නාවාට සුරාබදු ලොක්කාට දොස් කියලා රජයේ බදු ආදායම වැඩිකර ගැනීමේ බදු ශක්ති වැඩසටහනට සමගාමීව පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ප්‍රසිද්ධ වේදිකාවේ බැණ වැදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ සහ සුරා බදු දෙපාර්තමේන්තුවේ දැඩි අවධානය යොමු වී තිබේ. 16 June 2025
හෝටලයක නැවතී මත්ද්‍රව්‍ය ජාවාරම් කළ යුවළක් මාට්ටු මහනුවර පොලිස් වසමේ තැන්නකුඹුර ප්‍රදේශයේ හෝටල් කාමරයක නැවතී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන බව කියන උසාවි ගණනාවක වරෙන්තු ඇති යුවළක් මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 16 June 2025
වත්කම් ප්‍රකාශයෙන් හලන දේපළ රාජසන්තකයි වත්කම් පෙන්විය යුතු නිලධාරීන් වත්කම් බැරකම් ප්‍රකාශ වලට ඇතුළත් නොකරන දේපළ රාජසන්තක කරන බව අල්ලස් හෝ දූෂණ වංචා චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසීය. 16 June 2025
කොළඹ පුරපති පුටුව ව්‍රායි කැලී බල්තසාර් ට ජාතික ජනබලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මෙනෙවිය කොළඹ නගර මහ සභාවේ නගරාධිපතිවරිය ලෙස අද (16) වැඩි ඡන්දයෙන් තේරීපත්වූවාය. 16 June 2025
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා උඩරට දුම්රිය මාර්ගයේ බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්හයට විශාල ගසක් අද (16) උදෑසන කඩා වැටීමෙන් කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය පාලක මැදිරිය පවසයි . 16 June 2025
ඉරාන නායකයා මරන්න එපා - ට්‍රම්ප් ඊශ්‍රායලය, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඝාතනය කිරීමට සූදානමින් සිටින නමුත්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට එරෙහිවී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි. 16 June 2025
කොළඹ නගරාධිපති තෝරන්න රහස් ඡන්දයක් කොළඹ නගර සභාවට නව නගරාධිපතිවරයකු තෝරාපත් කරගැනීම සඳහා මේ වන විට රහස් ඡන්දයක් පැවැත්වීමට කොමසාරිස්වරයා තීරණය කර ඇත. 16 June 2025
ස්වයංක්‍රීය ගේට්ටුවට හසුවී මෙහෙකරු මරුට බේරුවල ව්‍යාපාරිකයන්ගේ නිවසක ස්වයංක්‍රීය ගේට්ටුවකට හසු වී අද(16) උදෑසන පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි බේරුවල පොලිසිය කියයි. 16 June 2025
යාත්‍රාව පෙරැළී ධීවරයා මුහුදට වැටී අතුරුදන් පානදුර ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මුහුද මැද රළ පහරට හසුව පෙරලීයාමෙන් එක් ධීවර යෙකු මුහුදට ඇදවැටී අතුරුදන්ව ඇති බව පානදුර ධීවර වරාය ආරංචි මාර්ග සදහන් කරයි . 16 June 2025
මන්ත්‍රීවරියට වෙඩි තැබූ සැකකරු අල්ලා ගැනෙයි ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ මන්ත්‍රීවරිය සහ ඇගේ සැමියා ඝාතනය කළ වෙඩික්කරු අල්ලා ගැනීමට ඇමෙරිකන් ආරක්ෂක අංශ සමත්විය. වෙඩිඩකරු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබුණේ පොලිසිය සහ එෆ්.බී.අයි. කාර්යාංශය එක් වෙමිනි. 16 June 2025
ඉන්දියාවේ පාලමක් කඩා වැටී 6 ක් මරුට ඉන්දියාවේ බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රන්තයේ මගීන් සඳහා වෙන්වූ යකඩ වැල් පාලමක් කඩා වැටීමෙන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 33 කි. 16 June 2025
කොළඹ -කන්කසන්තුරේ නගරාන්තර දුම්රිය දිනපතා ධාවනයට කල් යයි සති අන්තයේ කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර ධාවනය කෙරෙන නගරාන්තර සීග්‍රගාමී දුම්රිය අද (16) සිට දිනපතා ධාවනය කිරීමට ගෙන තිබූ තීරණය කල්දමා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 16 June 2025
ඉරාන හමුදා බුද්ධි ලොක්කා මරා දැමේ ඊශ්‍රායලය එල්ල කළ මිසයිල ප්‍රහාරවලින්, ඉරාන විප්ලවීය හමුදාවේ බුද්ධි අංශ ප්‍රධානියා සහ තවත් හමුදා ජනරාල්වරුන් දෙදෙනකු මියගිය බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි. 16 June 2025
අදත් විටින් විට වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි ද? සාරුක් ද? කොළඹ නගරාධිපති ධුරයට පත්වන්නේ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මෙනවිය ද සමගි ජන බලවේගයේ රිසා සාරුක් මහතා ද යන්න කොළඹ මහ නගර සභාවේ පළමු රැස්වීමේ දී හෙට (16) තීරණය කෙරෙයි. 15 June 2025
ඉරානයේ 128 ක් මැරිලා ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් කුඩා දරුවන් ද ඇතුළු 128 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. 15 June 2025
වියදමෙන් කට්ටි පැන්න අපේක්ෂක 2433කට නඩු ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීම පැහැර හැර ඇති පළාත් පාලන ආයතන අපේක්ෂකයන් 2433කගේ නම් ලැයිස්තු නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසියට යොමු කිරීමට කටයුතු කරගෙන යන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ලංකාදීපයට පැවසීය. 15 June 2025
රාජ්‍ය සේවයට කෘත්‍රීම බුද්ධිය රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක් අරලියගහ මන්දිරයේදී අද (15) පැවැත්විණි. 15 June 2025
කුලියට ගන්නා වාහන විකුණන කල්ලියක තිදෙනකු අල්ලයි සුඛෝභෝගී වාහන කුලී පදනම මත ලබාගෙන ඒවාට ව්‍යාජ ලේඛන සකස් කර ඒවා විකුණා රුපියල් කෝටි ගණනාවක් වංචා කළ අපරාධ කල්ලියක සාමාජිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි . 15 June 2025
වෙන්නප්පුවෙන් කොල්ලකෑ වෑන් රිය මහනුවරින් හමුවෙයි වෙන්නප්පුව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි සිටි මුරකරු ඝාතනය කොට නිවස කොල්ලකා එම නිවසේ තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයක් පැහැරගෙන ගිය කොල්ලකරුවන් වෑන් රථය මහනුවර පේරාදෙණිය පාරේ කටුකැලේ බාලිකා පාසලක් ඉදිරිපිට දමා ගොස් තිබියදී මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් සොයා ගෙන තිබේ. 15 June 2025
සිඟිත්තිය උකුලට පැනීමෙන් මෝටර් රිය බිල්ලක් ගනී මෝටර් රථයක් පදවමින් සිටී කාන්තාවගේ උකුලට දෙහැවිරිදි සිගිති දියණිය පැනීමෙන් මෝටර් රථය පාලනයෙන් මිදි ත්‍රිරෝද රථයක සහ කුඩා ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් අයෙකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇති බව වාද්දුව පොලිසිය සදහන් කරයි . 15 June 2025
‘‘ට්‍රම්ප් පරිපාලනය ඉරානයට ගහන්න වක්‍රව ඊශ්‍රායලයට අනුමැතිය දීලා‘‘ ඇමෙරිකාව ඉරානයට පහරදීමට අනුමැතිය ලබාදී නොමැති බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතත් ට්‍රම්ප් පරිපාලනය වක්‍ර අනුමැතිය ඒ සඳහා ලැබී ඇති බවත් ඊශ්‍රායල ඉරාන යුද්ධය දින ගණනක් නොව සති ගණනක් පුරා පවතිනු ඇති බවත් ධවල මන්දිර හා ඊශ්‍රායල රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා වාර්තා කළේය. 15 June 2025
විදුලි සෝපානයක සිරවී තරුණයෙක් මරුට මොරටුවක් මැද පාරේ ඇති හෝටලය සේවයේ නියුතුව සිටි තරුණයෙකු හෝටල් අභ්‍යන්තර වැඩ කටයුතු සඳහා යොදවා තිබු සෝපානයට සිරවීමරණයට පත්වී ඇතැයි මොරටුව පොලිසිය පැවසීය. 15 June 2025
ඉරාන - ඊශ්‍රායල් ගැටුම් තවත් උග්‍ර වේ ඊශ්‍රායලය ඉරානයේ බලශක්ති කර්මාන්තය සහ ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථානය ඉලක්ක කරමින් පුළුල් ප්‍රහාරමාලාවක් අද(15) එල්ල කළ අතර ඉරානයද ඊට පිළිතුරු ලෙස මාරාන්තික මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරමාලාවක් එල්ල කළේය. 15 June 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026