දරුවන් සිඟමනේ යෙදවීම තහනම් නීති දැඩි කරයි වීදිවල සිඟමනේ යෙදවීම, භාණ්ඩ අලෙවියේ යෙදවීම සහ ගෘහස්ථ සේවය ඇතුළු අන්තරායකාරී රැකියාවල ළමුන් යෙදවීමට අදාළ නීතිමය විධිවිධාන දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 June 2025
අධිවේගී පාරට අලුත් සැප බස් 200ක් අධිවේගී මාර්ග මෙහෙයුම් සඳහා නව අධි සුඛෝපභෝගී බස් රථ 200ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 June 2025
හැංගුණේ නෑ: මම හිටියේ ගෙදර අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසු තමන් කිසිසේත් සැඟව නොසිටි බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විමර්ශනා කිරීමට පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (24) ප්‍රකාශ කළේය. 25 June 2025
සංචාරක ක්ෂේත්රය ගොඩගන්න අලුත් පනතක් එයි ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම සඳහා එහි පරිපාලන ව්‍යූහය තවදුරටත් ශක්තිමත් කිරීමට නව පනත් කෙටුම්පතක් සැකසීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 June 2025
ඉෂාරා සෙව්වන්දි රට පැනලා නෑ පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනයට සම්බන්ධවී දැනට අතුරුදන්ව සිටින ඉෂාරා සෙව්වන්ති නමැත්තිය රටින් පැන ගොස් නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය 25 June 2025
මැතිසබය හදිසියේ කැඳවීමට ගැසට්ටුවක් හදිසි රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව ලබන 30 වැනිදා කැඳවීමට අදාළ ගැසට් නිවේදනය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ඊයේ (24) නිකුත් කරනු ලැබීය. 25 June 2025
දේශබන්දුගේ ඉතිරි සාක්ෂිකරුවෝ අද කමිටුවට වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සාක්ෂි ලැයිස්තුවේ ඉතිරි සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ලබාගැනීම සඳහා මැතිසබා පරීක්ෂණ කමිටුව එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) නැවත රැස්වීමට නියමිතය. 25 June 2025
හෙල්මටයකින් පහරකෑ අයෙක් මරුට බුලත්සිංහල, හල්වතුර ,එපිටවත්ත ප්‍රදේශයේදී දෙදෙනෙකු අතර ඇති වූ බහින්බ ස්වීමත් දුර දිග යෑමෙන් හෙල්මටයකින් පහර කෑ පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 25 June 2025
තුෂාර උපුල්දෙණියගෙ නඩුව කැඳවීම අද දහවල් ජනාධිපති පොදු සමාව අයථා ලෙස භාවිතා කරමින් සිරකරුවන්ට නිදහස ලබා දුන්නේ යැයි කියන බන්ධනාගාරගත බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ට එරෙහි පැමිණිල්ල අද (25) දහවල් කැඳවන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය දන්වා සිටියාය. 25 June 2025
පිටකොටුව-කැස්බෑව බස් වර්ජනයක් පිටකොටුව සිට මිල්ලෑව දක්වා නව මාර්ග බලපත්‍රයක් ලබාදීමට විරෝධය පළ කරමින් පිටකොටුව කැස්බෑව 120 මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ අද (25) උදෑසන සිට ධාවනයෙන් ඉවත්ව වර්ජනයක නිරත වී ඇති බව කැස්බෑව පොලිසිය පවසයි. 25 June 2025
මිද්දෙණියේ වෙඩි තැබීමක්: දෙන්නෙක් මරුට වෙඩි වැදුණු බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් මිද්දෙණිය පොලිස් වසමේ තෝර කොළයාය තේක්ක රක්ෂිතයේ තිබී හමු වූ බව මිද්දෙණිය පොලිසිය පවසයි. 25 June 2025
අදත් තැනින් තැනට වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 25 June 2025
ජ‘පුර ශල්‍ය වෛද්‍යවරිය මළමිනියටත් සැත්කම් කරලා රුපියල් පනස් දහසේ ශල්‍ය උපකරණය රුපියල් 175000.00 ට රෝගීන්ට විකිණීමට කටයුතු කළේ යැයි කියන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය මියගිය රෝගීන්ට පවා මොලයේ ශල්‍යකර්ම සිදුකර ඇති බව අල්ලස් දූෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු දක්වමින් අද(24)පැවසීය. 25 June 2025
සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 16,812 කින් ඉහළට පහළ යන පොලී අනුපාත හා ආර්ථිකය ධනාත්මක මාවතකට පැමිණීමෙන් පසුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 16,812 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. 24 June 2025
මුහුදේ පාවී ආ උපකරණය මොරටුව කොරලවැල්ල ශ්‍රමදාන මාවතේ මුහුදේ පාවෙමින් තිබු යම්කිසි උපකරණයක කොටසක් ප්‍රදේශවාසීන්ගෙන් සහයෙන් ගොඩබිමට ගත් බව මොරටුව පොලිසිය කියයි 24 June 2025
බොරැල්ලේ වෙඩි තැබීමක් බොරැල්ල හල්ගහ කුඹුර වත්ත (ඩම්ෆ් එක වත්ත) ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යු කේ වුට්ලර් මහතා පැවසීය. 24 June 2025
නගුල් සොරකමේ පොලිස් වාර්තාව අතුරුදන් ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හම්බන්තොට වියළි කලාපීය උද්භිද උද්‍යානයේ කුරු නගුල හා තැටි නගුල සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ අභ්‍යන්තර පරීක්ෂණයේ වාර්තාව සහ පොලිස් වාර්තාව එම දෙපාර්තමේන්තුවෙන් අතුරුදන්ව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 24 June 2025
නෙළුම් වැව උණුදිය උල්පත් අලුත් වෙයි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොළොන්නරුව, වැලිකන්ද නෙළුම්වැව ප්‍රදේශයේ පිහිටි උණු දිය උල්පත් ආශ්රිත ප්‍රදේශය සංවර්ධන කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට රජය සැලසුම් සකස් කර ඇත. 24 June 2025
කල් ඉකුත් වූ තිරිඟු පිටිය තොගයක් වත්තලින් අල්ලයි වෙළද පොලට නිකුත් කිරීමට සූදානමින් පමුනුගම උස්වැටකෙයියාව ගබඩා සංකීර්ණයක තිබු කල් ඉකුත්වු තිරිගු පිටි කිලෝ 79050 ක් අද අත්අඩංගුවට ගත් බව වත්තල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි. 24 June 2025
ට්‍රම්ප්ගෙන් ඊශ්‍රායලයට තරවටුවක් ඉරානයට නැවත බෝම්බ නොදමන ලෙස ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ඊශ්‍රායලයට අනතුරු ඇඟවීය. 24 June 2025
එ.ජා මානව හිමිකම් මහ කොමසාරිස් අධිකරණ ඇමති හමුවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Türk) මහතා සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අතර හමුවක් අද පස්වරුවේ ( 24) කොළඹදී පැවැත්විණි. 24 June 2025
ජපුරේ රණ්ඩුවෙන් අලාභ වූ දේපොළට වැඩියෙන් අය කරගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසු ගැටුමක් හේතුවෙන් නේවාසිකාගාරයකට අලාභ හානි සිදුකළ සිසුන් දස දෙනෙකුගෙන් අනවශ්‍ය ලෙස මුදල් අයකරගෙන ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය. 24 June 2025
සාන්ත ජෝන් විදුහල්පති ඉවත් කළාට විරෝධයක් නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ විදුහල්පතිවරයා හදිසියේ ස්ථාන මාරු කිරීමට එරෙහිව ආදි ශිෂ්‍යයන් මාපියන් ඇතුලු පිරිසක් පාසල ඉදිරිපිටදී අද උද්ඝෝෂණයක නිරත විය. 24 June 2025
ජනාධිපති ලේකම් - ලංකා බැංකු සේවක හමුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ලංකා බැංකු සේවක සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (24) පැවැත්විණි. 24 June 2025
කතරගම එනකොට ප්ලාස්ටික් ගේන්න එපා රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවයට සහභාගී වන විට ප්ලාස්ටික් භාවිතය අවම කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී. 24 June 2025
ඖෂධ - උපකරණ රෝහල්වල නැතැයි වෛද්‍ය විශේෂඥයෝ ඇමතිට ලියති රෝගීන්ට අවශ්‍ය උපකරණ සහ ඖෂධ රෝහල්වලට විධිමත්ව සපයා නොමැති යැයි වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය සෞඛ්‍ය ඇමතිවරයාට යොමු කළ ලිපියකින් තහවුරු වන බව සෞඛ්‍ය වෘත්තීවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. 24 June 2025
ඇමති - මන්ත්‍රීන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ටියුෂන් මාර්ගගත ක්‍රමයට බදු වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු බදුකරණය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි. 24 June 2025
රාජ්‍ය ඔසුසලක් නාරාහේන්පිටට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 65 වන රාජ්‍ය ඔසුසල - නාරාහේන්පිට ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. 24 June 2025
රුසියාව ඉරානය සමග හිට ගනියි ඊශ්‍රායලය සහ ඇමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත එල්ල කළ ප්‍රහාර හෙළා දකිමින් සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කර රුසියාව ඉරානයට පැහැදිලිව සහාය ලබාදුන් බවත් ඉදිරියේදී රුසියාව සහ ඉරානය අතර සබඳතා තවත් තරකර ගැනීමට බලාපොරොත්තු වන බවත් ක්‍රෙම්ලින මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් අද (24) ප්‍රකාශ කළේය. 24 June 2025
රාජ්‍ය ආයතන හතරක ලොක්කෝ පත්වෙති රාජ්‍ය ආයතන හතරක සභාපතිවරුන් පත් කිරීමට අදාළව උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. 24 June 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026